Bailed:සිංහලයින් පස් දෙනෙක් කොටි සැකකරුවන් අතර

කලක් තිස්සේ දෙමළ බහුජන සංවිධාන ඇතුළු දේශපාලන පක්ෂ සහ සංවිධාන විසින් කරන ලද උද්ඝෝෂණ වලින් අනතුරුව අධිකරණය විසින් ඇප නියම කරන ලද දේශපාලන සිරකරුවන් 31 දෙනා අතර සිංහලයන් පස් දෙනකු ද සිටින බව බන්ධනාගාර බලධාරීහු තහවුරු කළහ.

ගගන අතට පත්ව ඇති ලියවිල්ලක දැක්වෙන පරිදි, මේ මස 11 වැනිදා අධිකරණය විසින් ඇප මත නිදහස් කිරීමට උසාවි අනුමැතිය දී ඇති සිංහල පස් දෙනා ටී කේ ලසන්ත පත්මලාල්, ටී ඒ ප්‍රියන්ත සිසිර කුමාර, ඒ උදය චන්දිමාල්, දිමුතු සුරත පෙරේරා සහ කුමාරගමගේ සුමනදාස සුසිල්.

ත්‍රස්ත විරෝධී නීති යටතේ අත් අඩංගුවට ගන්නා ලද තවත් සිංහල සැකකරුවන් සිරගතව  මෙන්ම උපවාස ගතවද සිටින බව බන්ධනාගාර කොමසාරිස් රෝහණ පුෂ්පකුමාර පවසයි.

මේ අතර 13 සිකුරාදා නිවේදනයක් නිකුත් කරන දෙමළ නීතිඥ සංසදය පෙන්වා දෙන්නේ බන්ධනාගාරයේ සිටින අයකු පොදු සමාව දී නිදහස් කිරීමේ බලතල ශ්‍රී ලංකා ව්‍යවස්ථාව ප්‍රකාර ජනාධිපතිවරයා සතුව ඇති බවයි.

ඒ වුනත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 12 බ්‍රහස්පතින්දා ප්‍රකාශ කොට තිබුනේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට තමනට දේශපාලන බාධක ඇති බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.