Banned: බුරිය මොබයිල් සහ බ්‍රෙෂ්ට්

ඌව පළාත් සභාවේ මහ  ඇමති චාමර සම්පත් දිසානායක ගුරුවරුන්ට මොබයිල් තහනමක් පනවා ඇත ඒ අනුව ගුරුවරු තම ජංගම දුරකථන ක්‍රියා විරහිත කොට විදුහල්පති කාර්යාලයට භාර දිය යුතුය.

ජංගම දුරකථන පාසල් කාලවේලාව තුළ භාවිතා කොට අසු වෙන සිසුන් පසෙලෙන් නෙරප හරින අතර සිසුන් පසෙලෙන් නෙරපා හරිනු ඇත.

මේ නීතිය අලුත් අවුරුද්දේ මුල පටන් බලපානු ඇත.

 

 

 

 

බුරියට තහනමක්

මේ අතර වාරේ බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ඉසුර  දේවප්‍රියට ගැටලුවක් වී ඇත්තේ ගුරුවරියන් ගේ බුරියයි. බුරිය පෙනෙන සේ සාරි ඇඳීම තහනම් කරන්නට යන බ ඔහු කියා සිටී.එසේම නැටුම් සඳහා  බාලිකාවන්  අදින් ඇඳුමත් බුරිය නොපෙනන සේ ඇඳිය යුතුය.

ලංකා ගුරු සංගමයේ සභාපති කියා සිටියේ ගුරුවරියන්ට සරි අඳින කැටි කියා දීමේ අයිතියක් ඉසුර දෙවප්රියට නැති බවයි.

මෙහිදී අකිල වීරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමතිවරයා කියා සිටිනේනේ සාරි ඇඳීමේ ගැටලුවෙන් තමන් ඉවත් වී සිටින බවයි.තමන්ගේ රැකියාවේ ගරුත්වය කෙළසා ගන්නේ නැතුව ඇඳුම් ඇඳීම ගුරුවරියන් ගේ වගකීමක් බව ඔහු කියා සිටී.

 

 

 

 

 

 

 

 

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්

බස්නාහිර සහ ඌව ඇතුළු පළාත් ගණනාවකම තකතීරුවන් රැසක් සිටින බවත් ඔවුන් හට නිසි සඳහා නුවණැති යහපත් ඇමතිවරු ෆ්ලවෙන බව බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්  කවියා තුන්කල් නුවණින් දුටුවේය. ඒ නිසා දැන් කළයුත්තේ  මහ ඇමතිවරු ගන්නා තීරණ විවේචනය කිරීම නොව   බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්   කවියා ලියු මේ කව කියවා ඒ දෙන උපදෙස් නිසි ලෙස පිළිපැදීමයි.

මැති ඇමතිවරු ඇමතිවරු – සීරුවෙන් සීරුවෙන්
පෙන්වා දෙති වැසියනට – ලෙහෙසි නැති පහසු නැති
කාරියක් බව රට පාලනය – රට පාලනය
මැති ඇමති වරු සීරුවෙන් පෙන්වා දෙති
වැසියනට ලෙහෙසි නැති පහසු නැති
කාරියක් බව පාලනය රට පාලනය රට
පාලනය රට පාලනය රට

අපේ ගරු ඇමතිවරු නොමැති නම් දෙරණ මත
ගොයම් බීජ අංකුර උඩ අතට නොව – මඩ යටට
ඇදෙනවා සිකුරුයි
දෙයියනේ
සත්තයි සත්තයි සිකුරුයි සිකුරුයි
සත්තයි සත්තයි සිකුරුයි සිකුරුයි

බල ශක්ති පාලනයටත්
නොසිටින්න
ලොක්කෙක් ලොක්කෙක් ලොක්කෙක් ලොක්කෙක්
එන්නේ නැහැ එක අඟුරු කැටයක්
මේ පොළෝ ගැබ තුලින් ඉහළට
ලොක්කෙක් නැත්නම්; නැත්නම් ලොක්කෙක්
ලොක්කෙක් නැත්නම්; නැත්නම් ලොක්කෙක්

ආගමට සදාචාරෙට වගකියන උතුමන්
ආයු බෝ නොවේ නම්
නිසි කලට කිසි ලඳක් වෙයි ද ගැබ්බර සැකයි
(කට කට කට)

නොසිටින්න යුද ඇමති යුදයක්වත් පුළුවන් ද කෙරුමට
නොසිටින්න යුද ඇමති යුදයාක්වත් කොරාවි ද
ඔය අතර මේ ටිකත් සිතා බැලුවොත් හොඳයි
මහ ඇමති ගේ අවසරය- මහ ඇමති ගේ අවසරය
නොලැබුනෝත් නම් ඉතින්
කුකුලා ගෙන අතින් පායයි ද හිරු දෙවියෝ
පායයි ද හිරු දෙවියෝ
කුකුලා ගෙන අතින් පායයි ද හිරු දෙවියෝ
පායයි ද හිරු දෙවියෝ
එහෙම වුනොත් නැහැ කිසි සැකයක්
පායාවි හිරු දෙවියෝ
බටහිර අහසින් අගේට
බටහිර අහසින් අගේට
පායාවි හිරු දෙවියෝ
බටහිර අහසින් අගේට

මහ ඇමතිගෙ අවසරය නොලැබුනොත්
ලෙහෙසි නැහැ පහසු නැහැ කම්හලක පාලනය
ලෙහෙසි නැහැ පහසු නැහැ කම්හලක පාලනය
නොමැති නම් කොටස් හිමියන්- බිත්ති පුපුරා බිම වැටී
මළ බැඳී දිරා යාවී මැෂින්
වදාරතී නිලදරුවෝ දරුවෝ
නිලදරුවෝ දරුවෝ

භක්තියෙන් වගකීමෙන්
දේව බැල්මක් මහා අසිරියක්
දේව බැල්මක් මහා අසිරියක්
මිනිසා තවමත් නගුල් හැදුවත්
මිනිසා තවමත් නගුල් හැදුවත්
ගොවියෝ නොදනී- කිසිම හසරක්
කිසිම හසරක්
එහෙවු එකේ කැපවී මුළු හදින්
ප්‍රචාරය දෙන කොම්පැනි වලට පිං
නගුල දෙනවට ගොවියගේ ඔළුවට
නගුල දෙනවට ගොවියගේ ඔළුවට
ප්‍රචාරය දෙන කොම්පැනි වලට පිං
කොම්පැනි වලට පිං

නොසිටින්න කුඹුරු හිමියෝ කුමක් වෙයිදෝ කුඹුරු යායට
අනේ දෙවියනි හෙලනු මැන නෙත් වී ඉහින කුඹුරු වල
පොල් ගසුත් හිටවාවි ගොවියෝ
රට පාලනය කිරීමත් ඒ තරම් සුළු වැඩක් නම්
කෙස් පැලෙන මත ගෙනෙන
ඔළුගෙඩි මොකට කෙරුමන්ට?

යන්තරය දුවවන්න දුවවන්න
දන්නවා නම් කම්කරුවෝ කම්කරුවෝ
යන්තරය දුවවන්න දුවවන්න
දන්නවා නම් කම්කරුවෝ කම්කරුවෝ
කුඹුරුක පිඟානක වෙනස තෝරා දෙන්න
දන්නවා නම් ගොවියෝ – ගොවියෝ
කොටස් හිමියන් ඉඩම් හිමියන් මිහිමතට තවත් මොකට ද?
අපි හැමෝම තකතීරුවෝ
අන්න ඒක නිසා තමයි
කෙස් පැලෙනා මොළකාරයෝ
අතළොස්සක් ඔන අපට
කෙස් පැලෙනා මොළකාරයෝ
අතළොස්සක් ඔන අපට

සිතිය යුතුයි යළි යළි මේ ගැන අපිම
ඇයි රට පාලනය මේ තරමට අසීරු
සූරාකමින් බොරු කියමින් වැජඹෙන්න
යංතම් හරි උගත්කමක් ඕනැ නිසාම ද?
අපි හැමෝම තකතීරුවෝ
අන්න ඒක නිසා තමයි
කෙස් පැලෙනා මොළකාරයෝ
අතළොස්සක් ඔන අපට

අපි හැමෝම තකතීරුවෝ
අන්න ඒක නිසා තමයි
කෙස් පැලෙනා මොළකාරයෝ
අතළොස්සක් ඔන අපට

 

Mobile phones banned in Uva province schools.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.