Bribe:රාජිත අල්ලස් ගත බවට චෝදනා

[vsw id=”/2BNLKP7Sdgk” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

ඇවන් ගාර්ඩ් සමාගමේ වංචා සැගවීම සදහා එම සමාගමෙන් අල්ලස් ලබාගත් බවට ඇමති රාජිත සේනාරත්න මහතාට එරෙහිව එල්ලවී ඇති චෝදනාවත් සමගම යලිත් දේශපාලන කරලිය උණුසුම්වී තිබෙනවා. ඒ රාජිත සේනාරත්න මහතාගේ ලේකම් හා ඔහුගේ අතිජාත මිතුරකු වන සයුරු සමරසුන්දර මහතා සහ ඇවන්ගාඩ් අධිපතිවරයා අතර පැවැති දුරකථන සංවාදයක පිටගතවූ හඩපටයක් හෙලිදරව්වීමත් සමගයි. මෙහිදී සයුරු සමරසුන්දර මහතා විසින් අදාළ මිලියන 5ක මුදල තමන් විසින් ඇමතිවරයා වෙත ලබාදුන් බව ප‍්‍රකාශ කර තිබෙනවා. මේ එම හඩපටය සහිත වීඩියෝව බව වෙබ් මාධ්‍ය ඔස්සේ හෙළිදරව් කොට ඇත.කෙසේ වෙතත් මේ වීඩියෝ පටයේ මුලාශ්‍ර ස්වාධීනව සනාථ කොට නැත.

ba6a1ae84ef7f06aee39baaf8b97fd21

කෙසේ වෙතත් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් අල්ලස් ලබා ගත් රාජිත සේනාරත්න මහතා ඒ වෙනුවෙන් මැදිහත් වූ ඔහුගේ සමීපතම මිතුරා වූ සයුරු සමරසුන්දර මහතාට ඔහු මේවන විට සභාපතිත්වය දරන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපතිධුරයෙන් වහාම ඉල්ලා අස් වී අල්ලස් ලබා ගත්තේ තමුන් බවට ප්‍රකාශයක් කරන ලෙස විදේශ රටක සිට දුරකතනයෙන් බලපෑම් කරමින් සිටින බවයි  වාර්තා වී ඇත්තේ.

කෙසේ වෙතත් අල්ලස් ගැනීම මෙන්ම දීමත් වැරදීය.

මෙම අල්ලස් සිද්ධියේ හෙළිදරව්ව නිසා මේ වන විට ආණ්ඩුව තුළද මහත් කැළැඹීමක් හට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක විය යුතු බව ඇමැතිවරු ගනනවක ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් දැනුම් දී තිබේ.

 

minister rajitha accused of bribery

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.