Budget:අයවැය විරෝධී පිළ දියවෙයි

 

 

dinesh mahinda

 

 

යහපාලන රජයේ මංගල අය වැයට එරෙහිව ජන්දය භාවිතා කිරීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් මේ වන විට සාකච්ජා පවත්වමින් සිටින

නමුත් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ  පැතිර යන ලැයිස්තුවේ ඇත්තක් නැති බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග කියා සිටී.

2020 වන තෙක් මේ ආණ්ඩුව පවතින බව ජනාධිපතිවරයා කල ප්‍රකාශය කැරළි ගන්නන්ට එරෙහිව කල අනතුරු ඇඟවීමක් ලෙස සැලකේ.

පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති වෙනුවෙන් පැහැදිලිවම පෙනී සිටි මන්ත‍්‍රී කණ්ඩායම ක්‍රමයෙන් දියවෙමින් තිබෙන  බව පෙනෙන්නට තිබේ.

නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට අය වැය සම්බන්ධයෙන් ස්වාධීනව තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා අවසර ලබාදී ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳව දැනුවත් වීමෙන් අනතුරුවයි.

 

cartoon346

 අයවැය විරෝධී කණ්ඩායම . මේ වන විට සන්ධානයේ මහින්ද පිල- 34 , ජනතා විමුක්ති පෙරමුණ -6 , හා කොමියුනිස්ට් – 1 පක්ෂය අය වැයට එරෙහිව දක්වා ඇතත් මහින්ද පිළේ ප්‍රකාශිත 34න් කීප දෙනෙක් අයවැයට පක්ෂ  වීමටත් තවත් කීප් දෙනෙක් මේ ජන්දය භාවිතා කිරීමෙන් වැලකී සිටීමට ඉඩ තිබේ.

පසුගිය සමයේ මහින්ද පිල නියෝජනය කළ බොහෝ පිරිස් මේ වන විට එම කණ්ඩායම මග හැර සිටින බැවින් අයවැයට එරෙහිව ජන්දය භාවිතා කිරීමේ වැඩපිළිවෙල අඩාලවීම්ට ඉඩ  තිබේ.

අයවැය විරෝධී කණ්ඩායම සේ දැනට සංසරණය වන ලැයිස්තුව

විමල් වීරවංශ
උදය ගම්මන්පිල
දිනේෂ් ගුණවර්ධන
බන්දුල ගූණවර්ධන
ගාමිණී ලොකුගේ
ප‍්‍රසන්න රණතුංග
කුමාර වෙල්ගම
රෝහිත අබේගුණවර්ධන
ඉන්දික අනුරුද්ධ
සිසිර ජයකොඩි
මහින්දානන්ද අලුත්ගමගේ
ඩලස් අලහප්පෙරුම
වීරකුමාර දිසානායක
නිරෝෂන් පේ‍්‍රමරත්න
වාසුදේව නානායක්කාර
ජයන්ත සමරවීර
ලොහාන් රත්වත්තේ
රොෂාන් රණසිංහ
නාමල් රාජපක්ෂ
ප‍්‍රසන්න රණවීර
එස් එම් චන්දසේන
කෙහෙලිය රඹුක්වැල්ල
සී බී රත්නායක
ජනක බණ්ඩාර තෙන්නකෝන්
ඩී වී චානක
විජිත බේරුගොඩ
උදයශාන්ත ගුණසේකර
චන්දසිරි ගජධීර
රමේෂ් පතිරණ
මොහාන් සිල්වා
ජොන්ස්ටන් ප‍්‍රනාන්දු
සාලින්ද දිසානායක
තාරානාත් බස්නායක
ආරුමුගම් තොණ්ඩමන්
කාදර් මස්තාන්
මනූෂ නානායක්කාර
මහින්ද රාජපක්ෂ
ගීතා කුමාරසිංහ

මෙම සදහන් මන්ත‍්‍රීවරුන් අතරින් ජ්‍යෙෂ්ටතම මන්ත‍්‍රීවරයා ජන්දය භාවිතයෙන් වලකින බවට තොරතුරු පවතින අතර තවත් මන්ත‍්‍රීවරුන් තිදෙනකු මෛත‍්‍රීපාලනයට සහය පලකරමින් අමාත්‍යවරුන් ලෙස දිවුරුම්දීමටද නියමිත බව එම වාර්තා වී ඇත.

Anti budget group on crisis

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.