Burma:සුකීට හැකි වේද?

 

suki2x288_afp_nocredit

තම ජීවිත‍ කාලයෙන් වැඩි කොටසක් රටේ නිදහස උදෙසා කැප කළ වයෝවෘධ අවුන් සාන් සුකී නොබෝදා පැවති මැතිවරණයෙන් නැවත වරක් තියුණු ජයක් ලැබුවාය. මේ වන විට ඇය ඉදිරියේ ඇති අභියෝග අති දුෂ්කරය.

මියන්මාරයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව විදේශිකයන් සිය පවුලේ සාමාජිකයන් වන කිසිවෙකුට ජනාධිපති ධුරයට පත් වීමට අවසර නොලැබෙයි.

විදේශිකයෙක් හා විවාහ වී දරුවන් ලැබීම නිසා ජය ලැබුවත් ඇයට ජනාධිපතිකම ලැබෙන්නේ නැත.ඒ වෙනුවට ඇය පත් කරන ජනාධිපතිවරක් ලවා ඇයට රට පාලනය කිරීමට සිදුවනු ඇත.

සැමියා සහ දරුවා සමඟ
සැමියා සහ දරුවා සමඟ

හමුදාවට බලය ගිය තැන එහි පීඩනයෙන් ගැලවීම කොයි තරම් අසීරුද යන්න බුරුම අත් දැකීමෙන් පෙනීයයි.

අනෙක් අතට හමුදා ආණ්ඩු බිහි වන්නේ ඡන්දයෙන් බිහි වෙන ආණ්ඩු දුෂිත වූ විට හෝ තමන්ගේ කටයුතු හරි හැටි කලමනාකරණය කර ගැනීමට නොහැකි වූ විටය ඒ අතින් ශ්‍රී  ලංකාවට බුරුමයෙන් ඉගෙන ගැනීමට බොහෝ පාඩම් ඇත.

chandrikabbb

ඇස් පියාගෙන ඉන්න බැහැ

1947දී බුරුමයට නිදහස ලැබීමට දින හයක් තිබියදී ඇගේ පියා අවුන් සාන් ව ඝාතනය කෙරුණේ ඇයට වයස අවුරුදු 2ක්ව තිබියදීය.

ඇය 1990 මැතිවරණයෙන්ද මෙබඳුම ජයග්‍රහණයක් අත් කර ගත්තේ ඇගේ ජාතික ප්‍රජාතාන්ත්‍රවාදී ලීගය ආසන 492න් 392ක්ම හිමි කර ගනිමිනි. මිලිටරි ජුන්ටාවෙහි යකඩ සපත්තුවට පෑගුණු ජනතාව ඉන් මුදවා ගනිමිනි. එවකට හමුදා ආඥාදායක ජෙනරාල් නේ වින් යටතේ බුරුමයෙහි පැවති අවුල් සහගත තත්වය මැද ඇය බ්‍රිතාන්‍යයේ සිට පැමිණියේ රටට ඇති ඉමහත් ආදරය නිසාය. ”අවුන් සාන් ගෙ දියණිය හැටියට මට මේ වෙන දේවල් ගැන ඇස් පියාගෙන ඉන්න බැහැ” යි ඇය කීවාය. නමුත් මැතිවරණය ඉහළින්ම ජයගත් ඇයට පාලනය භාර නොදුන් මිලිටරි ජුන්ටාව ඇයව වසර හයක් නිවාස අඩස්සියේ තැබීය.

මහත්මා ගාන්ධිගේ අහිංසා ව්‍යාපාරය සහ මාටින් ලූතර් කිංගේ මග අනුගමනය කළ ඇය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉල්ලමින් සාමකාමී අරගලයක නිරත වූවාය.

1995දී ඇයව සිරභාරයෙන් නිදහස් කළද විටින් විට නැවත සිරගත කෙරුණි. කෙසේ වතුදු ඇගේ නිදහස් අරගලය ලෝකයට රහසක් නොවුණි.  ඇයට හිමි වූ නොබෙල් සාම ත්‍යාගය ලබා ගැනීම හමුදා ආඥාදායකත්වය විසින් වලකන ලදි. නේරු සාම ත්‍යාගය ඇතුළු තවත් බොහෝ සම්මානයන්ගෙන් ඇයට පිදුම් ලැබුණි.

2012දී පැවති අතුරු මැතිවරණයෙන් ඇගේ පක්ෂය ආසන 45න් 43ක්ම හිමි කර ගත්තේය.

දැඩි අන්තර්ජාතික දෝෂාරෝපණ සහ බලපෑම් යටතේ ඇයව සිරභාරයෙන් නිදහස් කිරීමට ආඥාදායකයින්ට සිදු වුණි.

බ්‍රිතාන්‍ය ජාතික තම සැමියාගේ මළගමට යන්නට 1999දී ඇයට අවසර ලැබුණද ඇය නොගියේ ජුන්ටාවේ යටි අදහස දැන සිටි නිසාය.

සුකී ඉවසිලිවන්තය.බුරුම ජනතාව සුකී වෙනුවෙන් ඡන්දය භාවිතා කළත් බොහෝ සෙයින් හීලෑවී සිටිති.එහෙයින් ප්‍රජාතන්ත්‍රවාදය කරා යන ගමන දුෂ්කර සහ දීර්ග එකක් විය හැකිය.

ඇගේ අනාගත සාර්ථක අසාර්ථකභාවය තීරණයේ වනුයේ මිලිටරි ජුන්ටාවේ ක්‍රියාකලාපය මතය.

challenges faced by ayung sang suu kyi and Burma

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.