Business:හමුදාව කරන එක හරිද?

හමුදාව බිස්නස් කිරීමට යාම භයානක  බව ශිෂ්ට ලංකා  සංවිධානය කියා සිටී.

හොඳ කථාවකි මන්දයත් හම්දව තිබෙන්නේ බිස්නස් කිරීමට නොව ආරක්ෂාව සැපයීමට වන බැවිනි.

නමුත් ප්‍රශ්නය වන්නේ මේ හා හුව නැගෙන්නේ ඇවන්ට්ගාඩ් යුධ නාවික හමුදාවට භාර දීමෙන් අනතුරව වීමයි.

මේ නිසා  හමුදාව බිස්නස් කිරීමට යාම භයානක  නම් එය පාවෙන අවි ගබඩා බිස්නස් එකට පමණක්  නොවේ.

මේ වන විට නාවික හමුදාව සතු ‘ මාලිමා’ හෝටල් ගනනාවකි.

Malima_Sri_Lanka_Navy_hospitality_venture_20130619_04p11

දැනටමත් උතුරේ කෘෂි නිෂ්පාදන හමුදාව විසින් මිලදී ගැනීම පිළිබඳව ප්‍රශ්න මතු වී තිබේ.

මේ යටින් දිවෙන තර්කය වන්නේ  “ පළමුවැන්න නම්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ආථික ක්‍රියාකාරිත්වය ජන සමාජය සතු අයිතියකි. එහි ආර්ථික අවකාශය ජන සමාජයේ සාමාජිකයන්ට ඔවුන්ගේ ජීවනෝපායන් සහ ව්‍යවසායක කාර්යන් සඳහා පමණක් තිබිය යුත්තකි. එම අවකාශයට සන්නද්ධ හමුදා ඇතුළු කිරීමෙන් ජන සමාජයේ ක්‍රියාකාරිත්වයට අවාසිදායක සීමා පැනවෙන අතර වෙළඳ පල තරගයද විකෘති වන්නේය. එවගේම රැකියා උත්පාදනයද ඉන් සීමා වන්නේ ය.”

වෙනත් විදියකින් කියතොත් හමුදාව බිස්නස් වලට බැස්ස විට  වෙනත් කිසිවෙකුට එම බිස්නස් සමඟ තරඟ කිරීමට ඉඩ ලැබෙන්නේ නැත.

මන්දයත් බිස්නස් එකේ මිල මෙන්ම සෙසු ගනුදෙනු තීරණය  වන්නේ ඉල්ලුම-සැපයුම අනුව නොව  තුවක්කුවේ කොකා ගේ පවර් එකෙනි.

හමුදාව බිස්නස් වලට ඇත ගැසූ විට  සිදුවන දේ පිළිබඳව විටින් විට හැමදා ආණ්ඩු ඇතිවන පකිස්ථානයෙන් මෙන්ම හමුදාවේ බලය සමස්ත රටම ගිලගත් බුරුමයෙන් සහ තායිලන්තයෙන් ලබා ගත හැකිය.

Army_Sell_Vegetable_Sri_Lanka_Price_Rise_1

හමුදාව ආර්ථික වපසරිය තුල තම බල පරාක්‍රමය පිහිටුවා ගත පසු සාමාන්‍ය ජනතාවට නො හෙල්ලුම්ය.

මේ තියරිය මැනවින් දැන් සිටි ගෝඨාභය රාජපක්ෂ  හමුදාවේ  බලපරාක්‍රමය ක්‍රමානුකුලව පතුරුවමින් සිටි අවස්ථාවක රාජපක්ෂ පරිපාලනය බිඳ වැටුනේය.

මුලදී ලාභෙට එළවුළු විකිණීමෙන් පටන්ගත් බිස්නස් එක අවි සැපයීම දක්වා දුර දිග හැටි  ඇවන්ගාඩ් ග්න්දෙනුවෙන් පැහැදිලිය.

තල්සෙවන
තල්සෙවන

මේ නිසා පාවෙන අවි බිස්නස් එක පමණක් නොව සියළුම බිස්නස් හමුදා  වලින් ඉවත් කළයුතුව ඇත.

Security forcer’s should keep away from business

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.