Challenge:දැදුරුඔයෙන් මෛත්‍රීට අභියෝගයක්

 

jiffy

 

කැලණි ගඟේ ජලය දූෂනය කරන කොකා කෝලා සමාගමත් දැදුරු ඔයේ ජලය දූෂනය කරන ජිෆී සමාගමේත් ව්‍යාපාර කටයුතු තහනම් කොට එම කර්මාන්ත ශාලා වසා දමන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට පරිසර සංවිධාන කිහිපයක් හා එම ගංගා ආශ්‍රිතව ජීවත්වන ජනතාවගෙන් සැදුම් ලත් සංවිධන කිහිපයක් මේවන විට සූදානම් වෙමින් සිටින බව  වාර්තාවේ.

පසුගියදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් සිය විධායක බලය යොදවා ඇවන්ගාඩ් ව්‍යාපාරය තහනම් කිරීමට කටයුතු කළාක් මෙන් මෙම පරිසරය දූෂණය කරන ව්‍යාපාරද තහන්ම් කළ යුතු බව ඔවුන්ගේ ඉල්ලිම වී තිබේ.

ජනාධිපතිවරයා මිට පෙර අවස්ථා කිහිපයකදීම තමන්ගේ විධායක බලතල යොදා ගනු ලබන්නේ පරිසරය ‍රැක ගැනීම වෙනුවෙන් පමණක් බව ප්‍රකාෂයට පත් කළ ද මේ දක්ව සිය ඇමැති බලතලවත් කිසිදු පරිසර සංරක්ෂණ කටයුතක් වෙනුවෙන් යොදා ගෙන නොමැත.

එමෙන්ම ඇවන්ගාඩ් සමාගමේ ව්‍යාපාරය තම හිතවත් ව්‍යාපරිකයන් වෙත ලබා ගැනිම සඳහා දිවා රෑ අරගල කර කිසිදු දේශපාලන නායකයකු කොකා කෝලා සමාගම හා ජිෆී සමාගම විසින් කරන පරිසර හා මානව විනාශය ගැන වචනයකුදු කතා නොකිරීම විශේෂ තත්වයකි.එමෙන්ම මීට පෙර මහත් විනාශයකට තුඩු දුන් රතුපස්වල ජලදූෂණයට වගකිව යුතු රබර් කර්මාන්ත ශාලාවට එරෙහිවද මේ කිසිවකුත් කතා කළේ නැත. විකුණා බලයට පැමිණි දේශපාලකයන් මේ ගැන තවමත් නිහඬය.

 

රාවය ඉදිරිපත් කළ පෙර වාර්තාවකින්

 

තරිඳු උඩුවරගෙදර

මීට පෙර කැලණි ගෙඟ් ජලය කොකාකෝලා සමාගම විසින් අපවිත‍්‍ර වී ඇති බවට හෙළි වූ අවස්ථාවේදී අප කියන්නට උත්සාහ කළේ මේ බහුජාතික සමාගම් බොහොමයක් ලංකාවේ දූෂිත දේශපාලන ක‍්‍රමය උපයෝගී කරගනිමින් ප‍්‍රමිතියෙන් තොර උපක‍්‍රම හරහා පරිසරයටද ජීවීන්ටද හානි සිදුවන අයුරින් සිය නිෂ්පාදන කටයුතු සහ ඒවා අලෙවි කිරීම සිදු කරන බවත් ජාතිවාදී බාල පදනමකින් නොව සංවාදශීලී ආකාරයට පරිසරය සහ ආයෝජන කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් බුද්ධිමය සංවාදයක් ඇති කිරීමට සිවිල් සමාජය මැදිහත්විය යුතු බවත් ය.

ජිෆී සමාගම

ශ‍්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය මගින් සංවිධානය කරන ජාතික සම්මාන උළෙලේදී පිට පිට සිව් වතාවක් හොඳම අපනයනකරුට හිමි රන් සම්මානය ලබාගත්තේ ජිෆී සමාගමයි. ඒ පරිසර අමාත්‍ය ධුරය දරන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතිනි. ජිෆී සමාගමේ කොබෙයිගනේ කර්මාන්ත ශාලාව මගින් දැදුරු ඔයේ පරිසරය දූෂණය වන බවට විශාල චෝදනා රවීන්ද්‍ර කාරියවසම්, සජීව චාමිකර වැනි පරිසර ආරක්‍ෂක සමාජ ක‍්‍රියාකාරිකයන් විසින් එල්ල කරනු ලැබුවේ කලෙක පටන් ය.

කුරුණෑගල කොබෙයි ගනේ ප‍්‍රදේශයේ හෙන්ගමුව ග‍්‍රාම නිලධාරී වසමේ ජිෆී ප්‍රොඩක්ට් පුද්ගලික සමාගම ක‍්‍රියාත්මක වෙන්නේ ය. 2008 වර්ෂයේ ආරම්භ වූ මෙම කර්මාන්තශාලාව නවීන වගාවන් සඳහා කොහුබත් සකසා අපනයනය කරන නෝර්වීජියානු සමාගමකි. රටවල් රැුසක කටයුතු කරන බහුජාතික සමාගමක් වන මෙම සමාගමෙන් කොහුබත් පිරිපහදු කොට අපනයනය කරනු ලබයි. මෙහිදී ප‍්‍රමිතියට සහ නීතියට අනුව සිදුකරන්නේ නම් නියමිත රසායනික සංයුතීන් යොදාගනිමින් භුමියට එක්වන අපජලය තනුක කොට දිනපතා එහි විශ්ලේෂණ වාර්තා ඉදිරිපත් කළයුතු වුවත් දේශපාලන බලය තිබෙන්නේ නම් ඕනෑම දෙයක් නීතියට පිටින් කළ හැකි ලංකාවේදී ජිෆී කර්මාන්තශාලාව සිදු කරන්නේ නයිටේ‍්‍රට් අඩංගු රසායනිකයක් යොදාගනිමින් කොහුබත් පිරිපහදු කිරීමයි.

මේ බව තහවුරු කරන්නට මලූ ගණන් සාක්ෂි අවශ්‍ය නොවන්නේ 2014.11.14 දින ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 21498 යටතේ මධ්‍යම පරිසර අධිකාරියේ වයඹ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ඞී.එම්.කේ. දිසානායක මහතාගේ අත්සනින් යුතුව මධ්‍යම පරිසර අධිකාරියෙන් නිකුත් කළ ක්ෂේත‍්‍ර පරීක්ෂණ වාර්තාවක ජිෆී සමාගමෙන් දැදුරු ඔයට නයිටේ‍්‍රට් එකතු කරන බව සඳහන් වී ඇති නිසාය. සමාගමෙන් ප‍්‍රතික්ෂේප කරන නමුත් පරිසරවේදීන් පෙන්වා දෙන්නේ යුරෝපීය සංගමයේ ප‍්‍රමිතියට අනුව ලීටරයකට මිලිලීටර් 10 ක් පමණක් නයිටේ‍්‍රට් එකතු විය යුතු වුණත් මෙම කර්මාන්තශාලාවෙන් ලීටරයට මිලිලීටර් 2000 ක් එකතු කරන්නේ නයිටේ‍්‍රට් බවයි.

දැදුරු ඔය පතුලේ ගැඹුරු ළිඳක් කපා කර්මාන්තශාලාවට ජලය ලබාගන්නා බවත් දවසකට වතුර ලීටර් ලක්ෂ අටක් පමණ එසේ ලබාගන්නා බවත් 2014 වාර්තාවේ සඳහන් වන්නේ ය. කර්මාන්තශාලාව එතරම් ජලය ලබාගැනීම සඳහා අවසර ලබාගෙන නොමැත. ඒ ජලය නැවත පිටවෙන්නේ නයිටේ‍්‍රට් මිශ‍්‍රවීමෙන් පසුවය.

 

 

එමෙන්ම වාර්තාව පෙන්වා දෙන්නේ මේ කර්මාන්තශාලාවට අයත් ඉදිකදිරීම් රැුසක්ම දැදුරු ඔයෙන් මීටර් පනහක් ඇතුළත නීතියෙන්ම ගංගා පෝෂක ප‍්‍රදේශ ලෙස රජයට අයිති වන ප‍්‍රදේශයක තිබෙන බවයි. කර්මාන්තශාලාවෙන් ඔයට යොමුකර ඇති විශාල බෝක්කු හරහා ගෙඟ් ජලය වැඩි කාලයට විශාල වශයෙන් අපද්‍රව්‍ය පිට කෙරෙන්නේ ය. එමෙන්ම ප‍්‍රදේශවාසීන් පවසන්නේ මෑත කාලයේ කර්මාන්තශාලාව අවට පාරවල්වලට දූවිලි ඉහෙන බව පවසා බවුසර් හරහාද වතුර ඉසින බවයි. එම ජලයේද නයිටේ‍්‍රට් මුසුව තිබෙන බව පරිසරවේදීහු පවසති.

මෙවන් පසුබිමක මධ්‍යම පරිසර අධිකාරියට හෝ වයඹ පළාත් පරිසර අධිකාරියට මේ කර්මාන්තශාලාව සම්බන්ධයෙන් කිසිවක් කරගන්නට බැරි තත්ත්වයක් පැවතුණි. විශේෂයෙන් හිටපු ආණ්ඩුව මෙය නවත්වන්නට උත්සාහයක් ගෙන තිබුණේ නැත. කියැවුණු ආකාරයට හිටපු ආණ්ඩුවේ ප‍්‍රබලයෙකුගේ සම්බන්ධකම් මේ කර්මාන්තශාලාව සමග තිබීම මෙයට හේතුවක් විය. දැන් එම සම්බන්ධකම් අදාළ වන්නේ නැත. ආණ්ඩුව තුන්තිස් පැයේ මතුරන ආකාරයට මෙය ජනතාවගේ ආණ්ඩුවකි. එය හුදු මැතිරීමක් නොව සැබෑවක් නම් අප ගෙන එන වාර්තා නොව මධ්‍යම පරිසර අධිකාරිය ලබාදුන් වාර්තා මත ආණ්ඩුව ප‍්‍රථමයෙන් මේ ප‍්‍රශ්නවලට පිළිතුරු සොයාගත යුතුය.

 

An environmental challenge from Daduruoya

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.