Chillaw Controversy -හලාවත විදුහල්පතිට මාධ්‍ය විරෝධයක්

chilaw-school-1සිය පුතු හලාවත ආනන්ද ජාතික පාසලට ඇතුළත් කර නොගැනීමට එරෙහිව මවක විසින් සිය දරුවාද සමග එම පාසල ඉදිරිපිටදී පවත්වන ලද විරෝධතාවය පිළිබද වාර්තාවක් පුවත්පත්වල පළකිරීමෙන් විදුහලේ කීර්තිනාමයට කැළලක් ඇති කළ බව කියමින් මව්බිම පුවත්පතේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට එරෙහිව එම විදුහලේ විදුහල්පති ජේ. ඒ. ධනංජය වික‍්‍රම මහතා විසින් පසුගිය 30 වැනි දින මහ රාත‍්‍රියේදී හලාවත මුලස්ථාන පොලිසියට පැමිණ එහි පැමිණිල්ලක් දමා ඇති බව අයාසයෙන් මැඩ ගත් සිනාවෙන් යුතුව වාර්තා කරන බව

වයඹ මාධ්‍යවේදීන් කියා සිටිති.

විදුහල්පතිවරයා විසින් මෙලෙස පොලිසියට පැමිණිලි කර ඇත්තේ මව්බිම පුවත්පතේ වාර්තාකරුවන් දෙපළක් වන ඔස්ටින් ප‍්‍රැන්සිස් සහ ප‍්‍රසාද් පුර්ණමාල් යන මාධ්‍යවේදීන්ට එරෙහිවය.

සිද්ධිය

හලාවත ආනන්ද ජාතික පාසලට නුදුරින් පිහිටි ආනන්ද මාවතේ පදිංචි මවක් පසුගිය සදුදා මෙලෙස පාසල ඉදිරිපිටදී විරෝධතාවයේ යෙදී ඇති අතර අදාළ ප‍්‍රවෘත්තිය ආවරණය කිරීම පිණිස එම ස්ථානයට මිහිර විජේසේකර, කමල් ප‍්‍රියංකර, ඔස්ටින් ප‍්‍රැන්සිස් සහ ප‍්‍රසාද් පුර්ණමාල් යන මාධ්‍යවේදීන් පැමිණී තිබේ.

හලාවත ආනන්ද ජාතික පාසලට නුදුරින් පිහිටි ආනන්ද මාවතේ පදිංචි මවක් පසුගිය සදුදා මෙලෙස පාසල ඉදිරිපිටදී විරෝධතාවයේ යෙදී ඇති අතර අදාළ ප‍්‍රවෘත්තිය ආවරණය කිරීම පිණිස එම ස්ථානයට මිහිර විජේසේකර, කමල් ප‍්‍රියංකර, ඔස්ටින් ප‍්‍රැන්සිස් සහ ප‍්‍රසාද් පුර්ණමාල් යන මාධ්‍යවේදීන් පැමිණී තිබේ.

ඔවුන් විසින් ආවරණය කළ ප‍්‍රවෘත්තිය මෙරට ක‍්‍රියාත්මක විද්්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ගණනාවකට යැවූ නමුත් එය ප‍්‍රවෘත්තියක් ලෙස පළකර ඇත්තේ මව්බිම සහ දිණමින යන පුවත්පත් දෙක විසින් පමණි.

විදුහල්පති ජේ. ඒ ධනංජය වික‍්‍රම මහතා විසින් හලාවත පොලිසිය වෙත කළ පැමිණිල්ලෙහි, තමන් නොදන්නා කාන්තාවක් ආනන්ද විද්‍යාලයේ නිල ඇදුමක් ඇදගත් දරුවෙක් සමග විරෝධතා පුවරුවක් ඔසවාගෙන පාසල ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත් වූ බවත් මව්බිම මාධ්‍යවේදීන් දෙදෙනා සහ තමන් නොදන්නා තවත් මාධ්‍යවේදින් දෙදෙනෙකු එය වීඩියෝගත කරමින් සහ ජායාරූපගත කරමින් සිටි බවත් සදහන් වී තිබේ. අදාළ විරෝධතාවය මාධ්‍ය ඔස්සේ පළකිරීමෙන් පාසලේ කීර්ති නාමයට කැළලක් ඇතිවීමට ඉඩතිබීම පිළිබදව සලකා බලා මෙලෙස පොලිසියට පැමිණිලි කළ බවද එම පැමිණිල්ලෙහි වැඩිදුරටත් සදහන් වී තිබේ.

යම් ආයතනයක් හෝ පුද්ගලයෙකු වෙතින් තමන් අසාධාරණයට ලක් වූ බවක් හැගේ නම් ඊට සාමකාමී ලෙස විරෝධය පළකිරීමට මෙරට වෙසෙන ඕනෑම පුරවැසියෙකුට අයිතියක් ඇති අතර ඊට මාධ්‍ය මගින් පුඵල් ප‍්‍රචාරයක් ලබාදීමටත් ඒ හා සමාන අයිතියක් මාධ්‍යවේදීන්ට පවතී. මාධ්‍යවේදීන්ගේ රාජකාරිය ප‍්‍රශ්නකිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති අතර අදාළ ප‍්‍රවෘත්තියෙන් තමන්ට අපහාසයක් වූ බව හැගෙන්නේ නම් ඊට පිළිසරණක් පැතිය හැකි පුවත්පත් පැමිණිලි කොමිසම ඇතුඵ ආයතන ගණනාවක් මෙරට තුළ පිහිටුවා ඇති අතර පොලිසිය ඊට කිසිසේත්ම ඇතුළත් වන ආයතනයක් නොවන බව මාධ්‍යවේදීන් පෙන්වා දෙති.

Displaying IMG_1677.JPG

විරෝධය පල කිරීමට පැමිණි පියා.පුතා සහ මව

හලාවත ආනන්ද ජාතික පාසලේ විදුහල්පතිවරයා විසින් අදාළ සිදුවීම අරඹයා ප‍්‍රාථමික ගණයේ හැසිරීමක් මෙලෙස පෙන්වමින් සිටියදී, හලාවත මුලස්ථාන පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරික්ෂකවරයා විසින් ඊට වඩා දියුණු සහ සමබර ආකාරයට මෙම සිද්ධිය නිරාකරණය කිරීමට මැදිහත් වූ බවද මෙහි ලා සටහන් කර තැබීම වටී. පොලිසිය කිසි දිනක මානව හිමිකම් උල්ලංඝනය වන ආකාරයට කටයුතු නොකරන බවත්, පැමිණිල්ලක් දැමීමට විදුහල්පතිවරයාට ඇති අයිතිය මෙන්ම සාමකාමී උද්ඝෝෂණයක් කිරීමට දරුවාගේ මවට ඇති අයිතිය පිළිගන්නා බවත් අදාළ සිදුවිම පිළිබදව අදහස් දක්වන හලාවත මුලස්ථාන පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතා ප‍්‍රකාශ කර සින බව මාධ්‍යව්දීන් පෙන්වා දෙති.

මෙවැනි විදුහල්පතිවරුන් පිළිබදව මෙරට අධ්‍යාපනය භාර නිල බලධාරීන් විසින් ගනු ලබන ක‍්‍රියාමාර්ගය කුමක්දැයි අපි බලාසිටින බවයි මාධ්‍යවේව්දීන් කියා සිටින්නේ.

The principal of Chillaw Ananda national college has made a complaint against journalist who reported a protest in front of his school.Parents came in with the child who ws refused admission to the school.The journalist have questioned the actions of the principal.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.