Citizens Brigade:මාරපනට විකල්පයක් තිබුනේ නැහැ

yaha

මාරපන ඇමතිවරයා ඉල්ලා අස්වන්නේ රතු කොඩියක් ලෙලවුවාට පසුය.

රතු කොඩිය ලෙලවීමට මුල්වූ පුරවැසි බලය සම්බන්ධිකාරක ගාමිණී වියන්ගොඩ  කියා සිටියේ මේ සිදුවීම තවත් විශාල ගැටළුවක කොටසක් වන බවයි.

 

‘අපි අමාරුවෙන් පත් කර ගත්ත යහ පාලන ආණ්ඩුව පසුගිය කාලයේ හැසිරුණු විදිහ ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. එහි එක් උපරිම පුපුරා ගිය අවස්ථාවක් තමයි තිලක් මාරපන සිද්ධිය.‘ යි පුරවැසි බලයේ ගාමිණී වියන්ගොඩ පැවසීය.

‘තිලක් මාරපන කියන්නේ ඇවන්ගාඩ් කියන සමාගම වෙනුවෙන් උසාවියේ පෙනී සිටි නීතීඥයා. ඔහු ඒ වෙනුවෙන් විශාල ගාස්තුවක් පවා ලබාගෙන තියෙනවා. අනිත් පැත්තෙන් ඔහු පොලිසිය හා නීතිය භාර මෙරට අමාත්‍යවරයා. ඒ අනුව ඔහුට තමන් පෙනී සිටි සමාගම වෙනුවෙන් අමාත්‍යවරයකු ලෙස තීරණ ගන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ඔහු ඉල්ලා අස්විය යුතුමයි.‘

පොඩි පරහකට තිබෙන්නේ මහ බැංකු අධිපති වරයා සම්බන්ධයෙන් අවම වශයෙන් කළු කොඩියක් වත් ලෙලවීමට මේ පුරවැසියන් අසමත් වයේ මන්ද යන්නයි.

 

[vsw id=”/az0fLfhd3JU” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

Citizen’s guard tells that thilak marapana did not have an alternative other than resigning.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.