Commemoration:මහ විරු උභතෝකෝටිකය

tamil_poster

නොවැම්බර් 27 වැනිදා පැවැත්වෙන බව කියන මහවිරු සැමරුම් උත්සවයක් පිළිබඳ විස්තර ඇතුළත් දැන්වීම් යාපනය නගරයේ ස්ථාන කිහිපයක යළිත් ප්‍රදර්ශනය කර තිබෙනවා.‘දෙමළ ජනතාවගේ පිපාසය දෙමළ ඊළමයි’ සහ ‘දෙමළ ඊළාම් රාජ්‍යයක් බිහිකිරීම වෙනුවෙන් මියගිය විරුවන් සමරමු’ යනුවෙන් එම පෝස්ටරයේ සඳහන් වන බවයි පැවසෙන්නේ.

 

යාපනය විශ්වවිද්‍යාලයේ දේශන ශාලා, නේවාසිකාගාරවල එම දැන්වීම් අලවා තිබූ බවයි අප  වාර්තාකරු පැවසුවේ.අපගේ සිහිනය වෙනුවෙන් මියගිය විරුවන් අප සියලු දෙනා එක්ව සමරමු යනුවෙන්ද අදාල දැන්වීම්වල සඳහන් කර තිබෙන බවද යාපනය විශ්වවිද්‍යාල සිසුන් පවසා තිබේ.

මාධ්‍ය සංදර්ශනයක්

අපට යාපනයේ සිට කථා කළ සිවිල් සංවිධාන ක්‍රියාධරයෙක් කියා සිටියේ මේ හුදෙක් සුළු පිරිසකගේ මාධ්‍ය සංදර්ශනයක් මිස  පුළුල් ජනතා වුවමනාවක් නොවන බවයි .

පොලීස් ප්‍රකාශක රුවන් ගුණසේකර  පවසන්නේ විරු සැමරුම් පිළිබඳව තමන් දැඩි පියවර ගන්නා බවයි.

කොටි සංවිධානය නීතී විරෝධී සංවිධානයක් වන හෙයින් ඒ ආවරණය යොදා ගනිමින්මේ ප්‍රශ්නය යම් තරමකට විසඳිය හැකිවනු ඇත.

එහෙත් මෙය දිය යට හිර කොට තැබෙන රබර් බෝලයක් පමණි.

 

Sri-Lankan-ethnic-Tamil-women

 

යාපනයේ  සිට කතා කල සිවිල් සමාජ සංවිධාන ක්‍රියාධරයා කියා සිටියේ මේ සැමරුමට පක්ෂ වන්නන් සහ එරෙහි වන්නන් තමන් ගෙන්ම අසාගත යුතු ප්‍රශ්නයක් තිබෙන බවයි.

මේ සැමරුම් වලට පක්ෂවීමන් හෝ එරෙහි වීමෙන් යාපනයේ අන්ත අසරණ ජීවිතයක් ගත කරන ජනතාවට සෙතක් අත්වේද යන්නයි.

මේ ප්‍රශ්නයට උත්තර හොයා ගත්  විට උභතෝකෝටිකය ඉබේම විසඳෙන බවයි යාපනයේ සිට අපට කථා කල සමාජ ක්‍රියාකරකයා කියා සිටියේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.