Crawling:අල්ලස් කොමිසම මන්දගාමියි

1021243283DILRUKSHI-WICKRAMASINGHE2

 

මේ වන විට අල්ලස් කොමිසම හමුවේ පැමිණිලි 10,000 ක් පමණ එක් රැස් වී තිබෙන  බවත්, නිලධාරීන් 800ක් පමණ අවශ්‍ය අල්ලස් හා දූෂණ කොමිසමේ වැඩකටයුතු සඳහා මේ වන විට ඇත්තේ නිලධාරීන් 150ක පමණ පිරිසක් බවත්,   කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

ඒ හේතුවෙන් ජනතාව බලාපොරොත්තු වන පරිදි කොමිසමේ කටයුතු කාර්යක්ෂමව ඉටු කර ගැනීමට නොහැකි වී ඇති බව  ඇය සඳහන්කර සිටියාය.

ඇතැම් පැමිණිලි 2001 වසරේ ලැබුණු පැමිණිලි බවත් ඇය කියා සිටියාය.

කෙසේ වෙතත් ලැබී ඇති කිසිදු පැමිණිල්ලක් ඉවත නොදමා විමර්ශන සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි ඇය ප්‍රකාශ කළේ.

අල්ලස් කොමිසම සඳහා නව කොමසාරිස්වරුන් පත් කිරීමට පෙර තමන්ට නිදහසේ වැඩ කිරීමට බාධා එල්ල වූ බව ප්‍රකාශ කළ අධ්‍යක්ෂ ජනරාල්වරිය කෙසේවුවත් නව කොමිසම යටතේ විමර්ශන ඉතා හොදින් සිදුවන බවයි පවසන්නේ.

පසුගිය මාසයේ 22 වැනිදා අල්ලස් කොමිසමට නව සාමාජිකයන් පත් කෙරුණු අතර ඔවුන් පළමු රාජකාරිය වශයෙන් සිදු කළේ හිටපු කොමසාරිස්වරුන් විසින් බඳවා ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබූනිලධාරීන් 50 දෙනකු අල්ලස් කොමිසමට බඳවා ගැනීමයි.

[vsw id=”/zhvG3i-tHRE” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

අල්ලස් හා දුෂණය තුරන් කරන තුන් අවුරුදු සැලැස්ම ලබන දෙසැම්බර්  09 වැනි දා  ප්‍රකාශයට  පත් කරන බව අල්ලස්  හා දුෂණ කොමිසමේ  කොමසාරිස් ජනරාල් දිල්රුක්ෂි  වික්‍රමසිංහ මහත්මිය පැවසුවාය.

ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය යෙදෙන දෙසැම්බර නව වැනිදා දූෂණ විරෝධී සිවිල් සංවිධාන ද සමග පාගමනක් සංවිධානය කර ඇතැයි ද ඇය පැවසුවාය.

 

Difficulties in investigating fraud

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.