Croco:ගංවතුර සමඟ කිඹුල් උවදුර

අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ කිලිනොච්චිය,යාපනය හා මුලතිව් යන පළාත්වල ජනතාව ගංවතුර උවදුරට මුහුණ දී සිටිති.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි පවසන්නේ, උතුරු පළාතේ පවුල් 1890ක් පමණ අධික වර්ෂාවෙන් විපතට පත්ව සිටින බවයි

වර්ෂාවෙන් විපතට පත් පුද්ගලයින් 10699 ක් අතරින් පුද්ගලයින් 221 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථානවලට කැඳවා ඔවුන්ට පිසූ ආහාර සපයා දෙන බවත්,සෙසු පිරිස තවමත් ඔවුන්ගේම නිවෙස්වල සිටින බවත් ඔහු සඳහන් කළේය.

නිවෙස් වල සිරවී සිටින පිරිසටද පළාතේ පිහිටි ආපදා මධ්‍යස්ථාන හරහා සහන සලසන බව කී සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම්වරුන්ට රජයෙන් සපයා ඇති බවද පැවසීය.

ආපදා සහන

නමුත් විපතට පත්ව සිටින වැසියන් පවසන්නේ ආහාර ලබා ගැනීමට පළාතේ කෝවිල් පාසල් වැනි ස්ථාන වලට පැමිණිය යුතු බව නිලධාරීන් විපතට පත් ජනතාවට දැණුම් දී ඇති බවයි.

ජනතාව නිවෙස් අතහැර ගියහොත් සොර සතුරන් නිවෙස් වලට පැමිණ දේපල සොරකම් කරණ බව කී කිළිනොච්චියේ වැසියන් පසුගිය වසරේ ගංවතුරට කොටු වී අනාථ කදවුරුවලට ගිය අවස්ථාවේදී එසේ සිදු වූ බවයි සිහිපත් කළේ.

කිළිනොච්චිය වාරිමාර්ග සහකාර අධ්‍යක්ෂක ප්‍රධාන ඉංජිනේරු නවරත්නම් සුදාකරන් කියාසිටියේ ඉරණමඩු ජලාශය පිරී ඉතිරී වාන් දැමීමට පටන් ගැනීමත් සමගම එහි වාන්දොරටු දහයක් විවෘත කිරීම නිසා එම ජලයෙන් පළාතේ කුඩා වැව් සියල්ලක්ම පිරී වාන් දැමීමට පටන් ගත් බවයි.

මෙම ජලය වැසියන්ගේ නිවෙස් මැදින් ගලායාම හේතුවෙන් කිළිනොච්චියේ බොහෝ පළාත්වල නිවෙස් ජලයෙන් යට වී ඇති බවද ඉංජිනේරුවරයා පැවසීය.

කිඹුලෙකුත් ඇවිත්

කෙසේ වෙතත් පළාතේ වැව් බැමි කැඩී යාමක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි උතුරේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් පවසන්නේ.

වර්ෂාව නිසා උතුරු පළාතේ වැඩිම හානියක් සිදු වී ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයටයි.

වර්ෂා ජලය සමග පැමිණි කිඹුලෙකු කිලිනොච්චිය පළාතේ කුඩා දරුවකු ඩැහැගෙන යාමට උත්සාහ දරා ඇති නමුත් ගම්වාසීන් පිරිසක් විසින් මහත් පරිශ්‍රමයක් දරා දරුවා කිඹුලාගෙන් බේරා ගැනීමට සමත් වී තිබුණි.

මේ අතර වවුනියාව සෙට්ටිකුලම් මාර්ගයද ජලයෙන් යට වීම නිසා ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව වවුනියාව ආපදා කළමනාකාර මධ්‍යස්ථානයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

 

 

 

 

 

 

 

 

Floods and crocodiles

 

 

[vsw id=”/eDzgT5qUgXU” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.