Cross over:පිල් මාරු කරන්නන් මෙන්න

 

manusha-nanayakkara1

 

 

 

ඉදිරි දින කිහිපය තුල පාර්ලමේන්තුව තුලදී විපක්ෂයෙන් රජයට එක්වන බව පැවසෙන මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් දේශපාලන ආරංචි මාර්ග තොරතුරු හෙලිකර තිබෙනවා. අදාළ වාර්තා පවසන්නේ පසුගිය සමයේදී රාජපක්ෂවරුන් වෙනුවෙන් තදින් පෙනී සිටි ගාල්ල දිස්ත‍්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනූෂ නානායක්කාර මහතා අනිවාර්්‍යයෙන්ම යහපාලනයට එක්වන බවයි. ඔහු වෙනුවෙන් නව රජයේ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති ධූරය හිමිවනු ඇති බවයි අදාළ වාර්තා හෙලි කරන්නේ.
මේ අතර මාතර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන සන්ධානයේ වියපත්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාද ඉදිරි දින කිහිපය තුල මෛත‍්‍රීපාලනයට එක්වන බව අදාළ වාර්තා හෙලි කරනවා. මේ වන විට නව රජයේ අමාත්‍යවරයතුගේ සොහොයුරකු වන මෙම මන්ත‍්‍රීවරයා පසුගිය රජයේද කෘෂිකර්ම අමාත්‍ය ධූරය දරනු ලැබුවා.
මේ අතර මහනුවර දිස්ත‍්‍රික්කයේ තරුණ සන්ධාන මන්ත‍්‍රීවරයකුද මෛත‍්‍රීපාලනයට සහය පලකරමින් අයවැය ජන්ද විමසීම අවස්ථාවේදී ජන්දය භාවිතා කිරීමට නියමිත බවටයි තොරතුරු වාර්තාවන්නේ. ඔහු හිටපු අගමැතිවරයකුගේ පුත‍්‍රයකු බවත් පිය පුතු දෙපලම මේ වන විට මෛත‍්‍රීපාලනයට නැඹූරුව සිටින බවත් එම වාර්තා හෙළි කරනවා.

කළූතර දිස්ත‍්‍රික්කයෙන් පිල් මාරුවට සූදානම්ව සිටින සන්ධාන මන්ත‍්‍රීවරයා අනෙක් මන්ත‍්‍රීවරුන්ට වඩා ජ්‍යෙෂ්ටත්වයෙන් අඩු අයකු වන අතර ඔහුට අමාත්‍ය ධූරයක් වෙනුවට දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරයක් හිමිවනු ඇති බවයි එම වාර්තා හෙලිකරන්නේ.
කොලඹ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන ප‍්‍රබල මහින්දවාදී මන්ත‍්‍රීවරයකුද මෙම ලයිස්තුවේ සිටින බව පැවසුණද එය මෙතෙක් තහවුරු කර නැහැ. ගම්පහ දිස්ත‍්‍රික්කයේ ද නවක සන්ධාන මන්ත‍්‍රීවරයකු පිල් මාරුව වෙනුවෙන් සාකච්ජාවේ නිරතව සිටින බවයි අදාළ වාර්තා පවසන්නේ. ලබන තුන්වනදාට පෙර මෙම සියළු වෙනස්කම් සිදුවීමට නියමිත අතර ඇමති මණ්ඩලයද තවත් ඉහල යාම මේ යටතේ සිදුවන බවයි දේශපාලන ආරංචි මාර්ග හෙලි කරන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.