Defence: දමයන්ති ජයරත්න දූෂණ විමර්ශන කොමිසමට

 

damayanthi_jayaratne_thumb_medium100_ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න ජනාධිපතිවරයා විසින් පිහිටවනු ලැබූ බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවට අද (19) කැඳවා ඇති බව වාර්තා වේ.

යුද හමුදාවට අයත් ගිනිඅවි ආරක්ෂක අමාත්‍යංශය හරහා රක්නා ලංකා ආරක්ෂණ සමාගම වෙත ලබා දී ඇති අතර එම අවි ඇවන්ගාඩ් සමාගමට විකුණා ඇති බවට හිටපු ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරියට චෝදනා එල්ල වී තිබේ.

චෝදනා එල්ල වී තිබෙන දමයන්ති ජයරත්න හිටපු අතිරේක ලේකම්වරිය මේ වනවිට වජිර අබේවර්ධන ඇමතිවරයාගේ අමාත්‍යංශයේ කටයුතු කරනු ලැබේ.

mr

 

 

මහින්ද රාජපක්ෂ

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (19) බරපතළ වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබූ අතර ඔහු ඒ සඳහා සහභාගී නොවීම නිසා එම කොමිසම පරීක්ෂණ කටයුතු හෙට (20) දිනයට කල් තබා ඇති බව වාර්තා වේ.

ඊයේ (18 ) දිනයට යෙදී තිබූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ උපන් දිනය වෙනුවෙන් මහනුවර දළදා මාලිගාවේ පැවැත්වෙන ආගමික කටයුත්තකට සහභාගී වන බවින් අද දිනයේ කොමිසම හමුවට සහභාගී නොවන බව ඔහුගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට ප්‍රකාශ කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවයේ  විකාශය වූ දැන්වීම් සඳහා මුදල් නොගෙවීම සම්බන්ධයෙන් බරපතළ වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම විසින් පරීක්ෂණ කටයුතු සිදුකරනු ලැබේ.

මීට පෙර ඒ සම්බන්ධයෙන් පසුගිය ඔක්තොම්බර් මාසයේ 10, 29 හා 30 යන දිනයන්වලදී ජනාධිපති විමර්ශන කොමිසම ප්‍රකාශ ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා කැඳවා තිබිණි.

 

Mahinda Rajapaksha not at commission .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.