Destruction: සොරගුනේ වනේ ගොල්ෆ් සෙල්ලම යළිත්

සොරගුනේ වන මැද යළිත් ගොල්ෆ් පිටියට පාර කපයි

sora44-300x163

සොරගුණේ වනාන්තරය තුළ අප කළ නිරීක්ෂණ චාරිකාවකින් අනාවරණය වූයේ බෙරගල ගෝල්ෆ් රිසෝට් ව්‍යාපෘතිය ඉතා සූක්ෂම අයුරින් සිය අරමුණු සාක්ෂාත් කරගනිමින් සිටින බවයි.
වේලි ඔය දිය හැරවුමේ සිට මීටර් 500 ක් පමණ ගඟ ඉහත්තාවට යන්නට ජාවාරම් කරුවන් ඉඩම් අත්පත් කරගනිමින් එහි ස්ථිර නිවාස ඉදිකොට සියළු පහසුකම් සහිතව අනවසර මැණික් ගැරීම් කරන අයුරු වනාන්තරය තුළ දැව ජාවාරම කිසිදු බියකින් සැකයකින් තොරව සිදුකරගෙන යනු ලබයි.

ඔවුන්ගේ හොර ජාවාරම් වසා ගැනිමට ස්ථිර ගොඩනැගිලි ඉදිකර විශාල දේවාල භූමියක් ද ඉදිකර ඇත. අටවිසි බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරිමට අවශ්‍ය බිම් සැකසීම ද සිදුකර ඇත. දෙවියන් බුදුන් පෙන්වා තම ජාවාරම් වසාගන්නටත් නීත්‍යාණුකූළ පදනමක් ගොඩනගා ගන්නටත් ජාවාරම් කරුවන් උත්සහා ගනිමින් සිටී.
කුඩා කතරගම දේවාලයේ සිට වේලි ඔය දක්වා වූ මාර්ගය ඉදිකිරීම මෙම ජාවාරම්කරුවන්ගේ ප්‍රාර්ථනයක් බව තහවුරු වූයේ ඔවුන් සමග කළ සාකච්ඡාවෙනි. මොවුන් හුදකලා ජාවාරම්කරුවෝ නොවෙති. බෙරගල ගෝල්ෆ් රිසෝට් ව්‍යාපෘතිය ඇතුළු ජාලගත ක්‍රියාදාමයක් බව සමීපව නිරික්ෂණය කිරීමේදී සාක්ෂි සහිතව සනාථ වන්නකි.
ලක්මවට මෙවැනි වනාන්තර පද්ධති එක්කරන අගය වත්කම විග්‍රහ කිරීම ස්වජාතික හැගීම් සහිත දේශමාමකයකුට අපහසු වුව ද විජාතික චින්තනයෙන් අකුමුල් බැසගත් නරුමවාදීන්ට මෙවැනි ජෛව පද්ධති කපා ඉවත් කිරිමටත් ඒ මත කොන්ක්‍රීට් මාලිගා නිර්මාණය කිරිමටත් තම නොතිත් මූල්‍ය අරමුණු වෙනුවෙන් වනාන්තරය හරහා මාර්ග ඉදිකරමින් තම බූදලයක් සේ පරිහරණය කිරිම අපහසු නොවේ.

මෙය වඩාත් තහවුරු වන්නේ සොරගුණේ වනාන්තරය විනාශ කරමින් කාමර දෙදහසක හොටෙල් සංකීර්ණයක් හා ගෝල්ෆ් පිටියක් ඉදිකෙරෙන බෙරගල ගෝල්ෆ් රිසෝට් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමයි.

soragune_1

ජල මාර්ග වල පෝෂක ප්‍රදේශයයි
සොරගුණේ වනාන්තරය වේලි ඔය ව්‍යාපෘතිය පෝෂණය කරන කාල්කන් ඔය, දෙමට ආර, වේලි ඔය, පතහ ඔය යන ප‍්‍රධාන ජල මාර්ග වල පෝෂක ප්‍රදේශයයි. දහස් ගණන් ගොවි ජනයාගේ ජීවනෝපාය වේලි ඔය අමුණ ව්‍යාපාරය හරහා බැඳී පවතී. පානීය ජල අවශ්‍යතාවය ආදී එදිනෙදා ජීවිතයේ සියලු අවශ්‍යතා සපුරා ගනුයේ වේලි ඔය ව්‍යාපාරය තුලිනි. රජය විසින් රුපියල් මිලියන අටසිය පනහක් පමණ වැයකොට ගොඩනැගූ වේලි ඔය ව්‍යාපාරය අනාගතයේදී අසාර්ථක ව්‍යාපාරක් බවට පත්වන්නේ මෙවන් පරිසර විනාශකාරී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුලිනි.
යක් රුපියල් 55.00 ක් වැනි ඉතා සුළු මුදලකට පරම්පරා උරුමයෙන් සොරගුණේ කුඩා කතරගම දේවාලයට හිමි ඉඩම් බෙරගල ගෝල්ෆ් රිසෝට් නැමති හොටෙල් ව්‍යාපාතිය හා ගෝල්ෆ් පිටිය ඉදිකිරිම සදහා ඇල්ෆා ඇන්ඩ් ඔමේගා ප්‍රයිවට් ලිමිටඩ්, අංක 65, ධර්මපාල මාවත, කොළඹ 07 යන ආයතනය වෙත පවරා ඇත.

1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනත උල්ලංඝණය කොට දේවාලයට නිල පංගුව ගෙවන භක්තිවන්ත වැසියන් අසරණ කරමින් ඇමරිකානු පුරවැසියකු වූ වාසුරාසයියා සරණ යමින් සොරගුණේ කුඩා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ජනක රවීන්ද්‍ර කළුපහන කටයුතු කර ඇත.

soragune_4

සොරගුණේ වනාන්තරය ඇතුළුව සමනල ප්‍රදේශය තුල වාර්තා වන සත්ත්ව විශේෂ ගණන 309 කි. ආවේනික විශේෂ ගණන 59 කි. විවිධත්වයෙන් ඉතා පොහොසත් සොරගුණේ වනාත්තරයට එල්ලවී ඇති අනතුර සුලුපට නොවන්නකි.

පුජ්‍ය වෑකඳවල රාහුල හිමි
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.