Discharged: ජනාධිපති පෞද්ගලික ලේකම් පැල්පොළ ඉවතට

 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්  ලෙස කටයුතු කළ පාලිත පැල්පොළ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

හිස්වූ එම තනතුරට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු නිලධාරියෙකු වන ඒ.එන්.ආර් අමරතුංග මහතා පත් කරනු ලැබ ඇතැයිද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැති සමයේ පෞද්ගලික ලේකම් වූයේ ද අමරතුංග මහතා ය.

ඉකුත් ජනවාරි මාසයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වූ සැණින්ම ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා ලෙස පත්වීම් ලැබුවේ පාලිත  පැල්පොළ මහතාය. ඔහු  1994 වසරේදී එවකට විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ ගාමිණී  දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසත්, මහවැලි අධිකාරියේ  අධ්‍යක්ෂ ජනරාල් ලෙසත් කටයුතු කර තිබේ.

Palitha Palpola discharged of duties from presidents office

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.