Drugs:මත්ද්‍රව්‍ය ජාවාරම් පූර්ණ ලැයිස්තුව පෙට්ටගමේ පිළුණුවේද?

99376_nilanga-samarasinghe-2

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති ධුරය සඳහා වෙනත් අයකු පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ‘එතරම් දැනුවත් වීමකින් නොසිටි බවක්’ පෙනෙන්නට තිබෙන බව එම මණ්ඩලයේ සභාපති ධුරය සඳහා නැවත පත් කරනු ලැබූ වෛද්‍ය නිලංග සමරසිංහ ප‍්‍රකාශ  කොට සිටී.

එසේම ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඇතුළු ඒ හා සම්බන්ධ දේශපාලනඥයන් පිළිබඳ පූර්ණ ලැයිස්තුවක් තමා සතුව පවතින බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ  කියා සිටී.

කිසියම් ලෙසකින් සිය ජීවිතයට හානියක් වුවහොත් එම නම් ලැයිස්තුව අන්තර්ජාලයේ ප්‍රකාශයට පත් කිරීමට සියල්ල සූදානම් කර ඇති බවත් ඔහු කියා සිටියේය.

එසේ නම් දැන් කළ එම ලැයිස්තුව අනාවරණය කොට ඒ පිරිස සම්බන්ධයෙන්  නීතිමය පියවර ගැනීමයි.

“මට මේ සභාපති පදවිය අලුයම ලූ කෙළ පිඬක් තරම්වත් වටින්නේ නැහැ,” යනුවෙන් සභාපති වරයා පවසයි.

මහ පරිමානයෙන් එතනෝල් ගබඩා කරගෙන සිටින පිරිස් ගැන තමන් දන්නා බව සභාපතිවරයා මීට පෙර කියා සිටියේය.

එහෙත් පියවර ගත බවක් දැන ගන්නට නැත.

දැන් මාධ්‍ය සංදර්ශන වලින් අපි හෙම්බත් වී සිටිමු.

වෙලේ සුදාට මරණීය දණ්ඩනය ලැබුනේ හෙරොයින් මිලිග්‍රෑම් හතක් ළඟ තබා ගෙන හිටියාටය.

ඔහු වටා සිටි දේශපාලනඥයන් පිළිබඳව වෛද්‍ය නිලංග සමරසිංහ දන්නේ නම් ඒ තොරතුරු ද දැන ගැනීමට හුදී ජනයා පහන් සංවේගයෙන් බලා හිදී.

Dangerous drug control board chairman revels that he has a list of drug dealers and associated politicians.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.