EPF+ETF = රනිල්ට විරෝධය

RANILCARTOON

සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF)  ඒකාබද්ධ කරමින් ජාතික විශ්‍රාමික පාරිතෝෂික අරමුදලක්‌ පිහිටුවා එහි ගිනුම් මහාභාණ්ඩාගාරයෙන් ඉවත් කර වෙනම ස්ථාපිත කිරිමට ආණ්ඩුව  ගෙන තිබු තීරණයට වෘත්තිය සමිති වල විරෝධතාවය පල  කර තිබේ.

සේවක අර්ථසාධක අරමුදල  සහ සේවක භාරකාර අරමුදල ඒකාබද්ධ කරමින් ජාතික විශ්‍රාමික පාරිතෝෂික අරමුදලක්‌ පිහිටුවීමට ආණ්ඩුව  ගෙන තිබෙන තීරණය පිළිබඳව වෘත්තීය සමිති නියෝජිතයන් හා අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් 16 සදුදා පැවති අතර එහිදී වෘත්තිය සමිති නියෝජිතයන් අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ වෘත්තීය සමිතිවල  අදහස් විමසීම් වලින් තොරව එවන් යෝජනා ඉදිරිපත් නොකරන ලෙසයි.

මේ වන විට රජය විසින් සකස් කර ඇති යෝජනා වෘත්තිය සමිති වෙත ලබා දෙන ලෙස වෘත්තිය සමිති නායකයන් අගමැතිවරයාගෙන් ඉල්ලා ඇති අතර  යෝජනා ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් විමසා බලා තම අදහස් අගමැතිවරයා වෙත දැන්වීමටත් වෘත්තීය ය සමිති නියෝජිතයන් කළ ඉල්ලිමට අගමැතිවරයා එකගතාවය පල කර තිබේ.

 

banduala

 

බන්දුල ගුණවර්ධන

ඊ.පී.එෆ් හා ඊ.ටී.එෆ් ඒකාබද්ධ කර ජාතික විශ‍්‍රාම පාරිතෝෂිත අරමුදල ලෙස නව අරමුදලක් පිහිටුවීමට විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙම අරමුදල ආරම්භ කළේ 1958දී  ටී.බී ඉලංගරත්න මහතා විසින් බවත්, අද වන විට එහි ක්‍රියාකාරි ගිණුම් ලක්ෂ 20ක් පමණ ඇති බවත්, හෙතෙම කියයි.

2005දී එහි රුපියල් බිලියන 405ක් පමණ තිබූ බවත්, 2014 වන විට එය රුපියල් බිලියන 1400 දක්වා වැඩි වී ඇති බවත්, වසරකට රුපියල් බිලියන 80 -100ත් අතර මුදලක් එයට අලුතින් එක්වන බවත්, මන්ත්‍රීවරයා පවසයි.

එජාප ආණ්ඩු සමයේදී එම අරමුදලින් සියයට 10ක් කොටස් වෙළඳපොළේ ආයෝජනය කළ යුතු බව පවසා තිබූ බවත්, මහින්ද රාජපක්ෂ රජය සමයේ ආයෝජනය කළේ ඉන් සියයට 6ක් පමණක් බවත්, මන්ත්‍රීවරයා කියයි.

එසේ වුවද වත්මන් ආණ්ඩුව එම අරමුදල් දෙකම ඒකාබද්ධ කර ජාතික විශ‍්‍රාම පාරිතෝෂිත අරමුදල ලෙස නව අරමුදලක් පිහිටුවා එහි ඇති මුදල් කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීමට සුදානම් වන බවත්, කොටස් වෙළඳපොළ නිතරම උච්චාවචනයට ලක්වන නිසා එහි දැඩි අවදානමක් ඇති නිසා ඒකාබද්ධ විපක්ෂය ඊට දැඩි විරෝධය පළ කරන බවයි.

EPF and ETF merger opposed

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.