Execuitive Presidency:අහෝසි කරමි

president_201511173

විධායක ජනපති ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා විශේෂ කැබිනට් පත්‍රිකාවක් බදාදා (18) පැවැත්වෙන ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා ඇත.

ජනධිපතිවරයාබව පැවසූයේ අද (17) අරලියගහ මන්දිරයේ පැවැත්වෙන ද්විත්ව පුරවැසි භාවය වෙනුවෙන් සහතික පත් බෙදා දීමේ උත්සවයට එක්වෙමිනි.

president_201511153

මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳව කැබිනට් පත්‍රිකාවක්ද තමාගේ පෞද්ගලික යෝජනාවක් ලෙස බදාදා කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ජනපති කීවේය.

අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ආදාහන උත්සවයේදී උන්වහන්සේගේ දේහය ඉදිරිපිට විධායක ජනපති ධූරය අහෝසි කරන බවට මීට පෙර ජනපති සපථ කළේය.

[vsw id=”/rlCc5rpvQw4″ source=”youtube” width=”425″ height=”344″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.