Facebook සහ Twitter ප්‍රධානීන්ට මරණ තර්ජන – IS සංවිධානය අනතුරු අගවයි.

Facebook ප්‍රධානී මාර්ක් සකර්බර්ග් හා Twitter ප්‍රධානී ජැක් ඩෝර්සිට IS සාමාජිකයින් අනතුරු ඇගවීමක් කර ඇත.

වීඩියෝවක් මගින් අනතුරු අගවා ඇති අතර ඔවුන්ගේ අවසානය සටහන් කරන බවට සදහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

තම සංවිධානයට බදවා ගන්නා ආධුනිකයන්ගේ මෙන් උදව් කරුවන්ගේ Facebook සහ Twitter ගිණුම් අත්හිටුවීමට සකර්බර්ග් හා ජැක් කටයුතු කරමින් සිටින නිසා මෙම අනතුරු ඇගවීම කර තිබේ.

අත්හිටුවන එක් ගිණුමකට දස ගුණයක විපාක විදීමට සිදුවන බව IS ත්‍රස්තයින් පවසයි.

ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සමාජ ජාල හා අන්තර්ජාල මෙහෙයුම් පද්ධති හිමිකරුවන් මෙන්ම නිර්මාතෘවරුන් සමග පසුගියදා රහසිගතව සාකච්ඡා පවත්වා ඇති අතර පසුව මෙම ගිණුම් අත්හිටුවීම අරඹා ඇත.

Twitter සමාජ ජාලය ත්‍රස්තවාදය පතුරවන ගිණුම් ලක්ෂ එක්හමාරක් පසුගියදා අත්හිටුවා ඇත.

IS ත්‍රස්තයින් අනතුරු ඇගවීම කළ වීඩියෝව පහතින් දැක්වේ.

 

 

 

 

 

[vsw id=”IJX59mqCly0″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.