Father: පිය සෙනෙහස අරුත් විරහිත වදනක්ද?

තාත්තේ… නුඹේ මරණය ජීවිතයට වඩා යහපත්ය

ඔහු මිය යන්නට පෙර සිටියේ ස්‌වකීය සහජාත දියණියගේ නිවසේ බලු කූඩුවක වීමය.
ඒ දියණිය ගැනත් මේ පියා ගැනත් පහුගිය කාලයේ රටම කතා කළේය. යළිත් සිහි කැ`දවිය යුතු ඒ කතාව මෙසේය. දියණියගේ නම මනෝරි චමරි හේවගේය. වයස අවුරුදු හතලිස්‌ දෙකකි. ඇයගේ ලෙයින් කිරෙන් වැඩුනු දරුවාගේ වයස අවුරුදු පහකි. මනෝරිගේ මව වන ශ්‍රියානි විදේශගතව ඇත. එම්. ජී. සුමතිපාල ඇයගේ පියාය. හැත්තෑ තුන් හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකි. ඔහු වසර ගණනාවක්‌ම කූඩුවක්‌ තුළ හුදකලා ජීවිතයක්‌ ගත කර ඇත්තේ, කූඩුවක ස්‌වරූපය ගන්නා කාමරයක්‌ තරම් විශාල නොවූ තුන් පැත්තක්‌ දැල්වලින් ආවරණය කළ සිමෙන්තියෙන් තනන ලද කූඩුවක්‌ නොවන කූඩුවක්‌ තුළය. ඔහු මෙම කූඩුව තුළ ලැගුම් ගෙන වසර පහකට කිට්‌ටුය.

ඇයගේ එකම දියණිය පවසන පරිදි  මෙයාව බලාගන්න හරිම අමාරුයි. එහෙ මෙහෙ ඇවිදිනවා. කියන දෙයක්‌ අහන්නෙත් නැහැ. මට මේ ගෙදර හරියට වැඩ. මගේ දුවගේ වැඩ. ඒ මදිවට ගෙදර හිටපු බැල්ලී පැටව් දාලා . ඒ පැටව් බලන්නත් ඕනෑ. උන්ට සලකන්නත් ඕනෑ. මෙයාව බලාගන්න පහසුවෙන්න තමයි මම මේ පොඩි කාමරයේ මෙයාව තියා ගත්තේ.

එය සත්‍යයක්‌ යෑයි සිතමු. එහෙත් තාත්තා තාත්තා විනා තෙතමනයක්‌ ඇති දුවකට කිසිදිනෙක තාත්තා ”මෙයා” වන්නේ නැත. එදා ඇය තාත්තාට මගේ තාත්තා කියා වචනයෙන් ඇමතුවේ නැත. ඇයට මෙයා වන අපට තවත් පියෙකු වන ඒ  තාත්තා  නිවස ඉදිරිපස කූඩුවක්‌ නොවන කූඩුවේ රඳවා  සිටින බැව් දුටුවේ මදුරු කීටයන් බෝවන ස්‌ථාන පරික්‌ෂා කිරීමට ප්‍රදේශයේ සැරි සැරූ සෞඛ්‍යය නිලධාරින්ය. ඔවුහු මේ බැව් බලගොල්ල පොලිසියට දන්වා මේ දියණිය විත්තිකූඩුවටත් පියා අගතියට පත් පාර්ශවකරුවකු බවටත් නීතිය ඉදිරියේ තැබුවාහුය.

ඒ වන විට කලක්‌ හුදකලාව සිටි බැවින් පියා තරමක ආකූල ව්‍යාකූල ස්‌වභාවයක ගති ලක්‌ෂණ පෙන්වීය. කතාවක්‌ නැත. හිනාවක්‌ හෝ ශෝකී භාවයක්‌ මුහුණෙන් දක්‌වන්නේද නැත. දියණිය දුටුවිට පමණක්‌ මුවෙහි සිනා රැල්ලක්‌ ඇෙ`දන ඒ වයෝවෘද්ධ පියාණන් මහනුවර රෝහලේ වෛද්‍ය පරික්‌ෂණ වෙත යොමු කෙරුණේ ද අධිකරණ නියෝග මත පොලිස්‌ නිලධාරින්ගේ රාජකාරියේ කොටසක්‌ පරිදිය. මේ වන විට විනිසුරුවරයා විසින් දියණිය කූඩුවට යවා තිබිණි.

නීතියට අවශ්‍ය පරිදි පියාගේ මුවින් වචන පිටවන්නේ නම් එතෙක්‌ සිදුවූ සත්‍යය පසක්‌ කරගැනීම පහසු විය. පියා කූඩුවක්‌ නොවන කූඩුවට ගාල් කෙරුණේ කෙසේද යන්න එවිට පියාගෙන්ම විමසා දත හැකි බැවිණි. විවෘත අධිකරණයේදී එය ප්‍රබල සාක්‌ෂියක්‌ වන්නේ එවිටය. දියණියට ජීවත්වන කාලය පුරාවට සිහි තබා ගත හැකි ද`ඩුවමක්‌ පමුණුවාලිය හැක්‌කේ ද සාක්‌ෂි සහිත වූ විටය. අයාගත් මුවින් සහ අසිහියකින් සිටින පියා පිළිබ`ද වෛද්‍ය වාර්තාව අධිකරණය හමුවට පැමිණියේ ඉකුත් නොවැම්බර් දෙවැනි දිනදීය.

ස්‌වාමීනී.., මොහු කලක්‌ හුදකලාව සිටි බැවින් වචන පිට කිරීමට නොහැකි තත්ත්වයේ පසුවන බව වෛද්‍යවරුන් පැවසුවා. මොහුගේ සෞඛ්‍ය තත්ත්වය අනුව රෝගයකින් පෙළෙන්නේ නැති බවත්, ඔහු සමග රැෙ`දමින් දිගින් දිගටම කතාබස්‌ කොට කුඩා දරුවෙකු මෙන් රැක බලා ගත් විට මෙම ස්‌වභාවය පහව ගොස්‌ සාමාන්‍ය තත්ත්වයට පත්වන බව මහනුවර සහ මැණික්‌හින්න රෝහල්වල වෛද්‍යවරු පැවසුවා… ස්‌වාමීනී.. පොලිස්‌ නිලධාරින් මහනුවර අතිරේක මහෙස්‌ත්‍රාත් අධිකරණයේ දී එසේ කරුණු දැක්‌වූයේ රෝද පුටුවක හිඳුවා පියා ගෙනැවිත් පැමිණිලි කූඩුව අසල ර`දවා ගනිමිනි. එවිට විත්ති කූඩුවේ හුන් දියණිය තම පියා දෙස නොබලාම සිටියේ ඇය ලෙයින් මසින් වැඩුනු අයෙකු නොවන බැවින් විය යුතුය. දියණිය වෙනුවෙන් හෙවත් විත්තිය වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්‌වූ නීතිඥ සමන් රත්නායක  විත්තිකාරිය වරද පිළිගන්නවා ස්‌වාමීනි, ඇයට වයස අවුරුදු පහක දරුවකු සිටින බැවින් සමාව ලබා දෙන ලෙසත් ඇප මත නිදහස්‌ කරන ලෙසත් ඉල්ලා සිටිනවා… යෑයි කීය.

පියා සිදුවන්නේ කුමක්‌ද පවා නොදත්තේය. අධිකරණයේ විදුලි පහන් ආලෝකය දෙස දෙනෙත් යොමා පුදුමයෙන් මුව අයා සිටින මේ තාත්තා මුවට උනන කෙල බිඳු  පවා ගිලදමන්නට නොදන්නා සේ පෙනුණි. ඔහුගේ මුවින් කෙළ වැගිරුණේ මෙලොව ඇති අනියත බව අපට පසක්‌ කරමිනි. පුද්ගල සබ`දතා බිදී ගිය තැන තවත් පුද්ගලයෙකුට මෙවන් ඉරණමක්‌ අත්වන්නේය යන්න මේ තාත්තා ලොවට කියා දුන්නේය.

එපමණක්‌ ද නොව  දූ දරු සබ`දතා ප්‍රබල ලෙස ගෞරවාදරයට පාත්‍රවන ශ්‍රී ලංකාව වැනි රටක ඔබ කර ඇත්තේ අතිශය නොමනා ක්‍රියාවක්‌. ඔබේ දරුවාත් යම් දවසක ඔබට මෙපරිද්දෙන් සැලකුවහොත් ඒ ගැන ඔබ පුදුම නොවන්න. දරුවකු තනන්නට අම්මා වි`දින දුක්‌ සමනල කන්දටත් වඩා උස බව හිතන්න. පියා හෙළන ඩහදිය මහවැලි නදියේ ජලයටත් වඩා වැඩි බව හිතන්න. දෙමව්පියන්ට තෑග්ගක්‌ දෙන්නේ නම් මේ ලෝකයම එකලු කොට පිදුවත් මදි බව හිතන්න. වෙනකක්‌ තබා මව්පියන් මතු බුදුවූවත් එය දරුවන් වන අපගේ සිතට මදිකමක්‌ යෑයි සිතන්න.. අද අපගේ හුස්‌ම පොද අපට දායාද කළේ මවත් පියාත් බව සිතන්න……’ යන්නෙන් ප්‍රකාශයක්‌ විවෘත අධිකරණයේදි කරමින් අතිරේක මහෙස්‌ත්‍රාත් ශ්‍රීනිත් විඡේසේකර මහතා  ඔබ වරද පිළිගත් නිසා පමණක්‌ ඇප ලබා දෙන්නේ යෑයි කියා සිටියේය. පියා අම්පිටිය මැද්දේපිටිය වැඩිහිටි නිවාසයට යොමුකොට ඔහුගේ කටයුතු සඳහා  පුද්ගලයෙකු යොදවන ලෙසත් අවැසි විට වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුකරන ලෙසත් සමාජ සුබසාධන පරිවාස දෙපාර්තමේන්තු නිලධාරිනියට නියෝග කළේය. පියාගේ ප්‍රකාශ ගෙන යළි නඩුව නොවැම්බර් තිස්‌වන දින කැ`දවන බවද දැන්වීය.

මිනිසුන්ගේ මිනිසත්කම අගයන මිනිසත්කම දැනෙන උන්ගේ දෑස්‌ තෙත් කළ අපූරුව වින්දෙමි. නඩුව අවසන විත්තිකාරියත් පැමිණිලිකරුවනුත් අගතියට පත් වුවනුත් අධිකරණයෙන් පිටතට එයි. තම දියණියගේ ඡායාව දුටු තාත්තා එසැනින් මුවෙහි හසරැලි නගා ගත්තේ කම්මුල්වල රැළිද නංවමිනි. ඊට දියණිය දැක්‌වූ ප්‍රතිචාර පිළිබ`දව නිහඬ වෙමු. මෙවන් ගැහැණුන් සිටිත් දැයි අන්ද මන්ද වන බැවිණි.

දියණියගේ ඡායාව දුටු අවසන් මොහොත එය යෑයි තාත්තා නොසිතන්නට ඇත.

දූ දරුවන් කුමන අන්දමකින් මව් පියවරුන්ට සැලකුම් කළත් කම් නැත්තේ යෑයි උතුම් දෙමව්පිය සංකල්පයක්‌ අප රට තුළ ඇත්තේය. දියණියට එරෙහිව එතෙක්‌ වචනයකුදු මුවින් පිට නොකළ තාත්තා කිසිදා දියණියට එරෙහි නොවන්නෙමි යෑයි සිතන්නට ඇත. ඔහු යළි කිසිදා කිසිවකුට පීඩාවක්‌ නොවන්නට ඉකුත් 7 වැනිදා සදහටම දෑස වසා ගත්තේ එබැවින් විය යුතුය.

වැඩිහිටි නිවාසේ ආදර සෙනෙහස ලබමින් සිටිය ද ආහාර ගැනීමට රුචි නොවීම මත යළි රෝහල් ගත කෙරුණු තාත්තා මෙලොව හැර ගොස්‌ ඇත. එය ඔහුගේ සැනසිල්ලම විනා චූදිත වූ දියණියගේ නිදහස නොවේ. මිනිසුන් වන අපට කිසිදා හෘද සාක්‌ෂියෙන් පැන යා නොහැකි බැවිනි. ලෝකයට කුමන ප්‍රකාශ කර තමන් නිවැරදිකරු බව සපත කළද තාත්තාගේ රුධිරය සිරුර තුළ කැකෑරෙන තාක්‌කල් ඇය හෘද සාක්‌ෂිය සමග හුදකලා වන්නීය. සැබැවින්ම දියණිය වන ඇය වරදට නිසි දඩුවම් ලබන්නේ දැන්ය. එය මේ භවයෙන් අවසන් වේයෑයි නොසිතුවමනාය.

මේ ලොවට හෙළි වූ එක්‌ කරුණක්‌ම පමණි. අදටත් මේ මොහොතටත් තම අම්මා තාත්තා කරදරකාරයින් යෑයි නිවසින් ඇද දමා අතපිස ගන්නා දූ දරුවන් එමටය. එවන් ෙච්තනා හට ගැනුමට දුප්පත් පොහොසත් උස්‌ පහත් තානාන්තර ඇති නැති යෑයි භේදයක්‌ නැත . වීදුරු කාමරයේ කැරකෙන පුටුවේ වැජඹෙන ඉහළ පන්තියේ දුව පුතාද මධ්‍යම පාන්තික දුව පුතාද එදාවේල සොයමින් සිටින දරිද්‍රතාවයේ පීඩිත දුවද පුතාද භේදයක්‌ නැත. සමාජයේ දුක්‌ වි`දින මහමග වේලක්‌ සොයමින් අතපාමින් ඇවිදින වැඩිහිටියන් දුටු විට දූදරුවන්ගේ පැටිකිරිය යහමින් පෙනෙයි.

මෑතකදී අනුරාධපුර බස්‌ නැවතුම්පොළේ දී මුණගැසුණු පියෙකු සිහිකරමි.

අනේ පුතේ ඉවසන්න බැරි තරමටම බඩගින්දරයි. කන්න දෙයක්‌ නැත්නම් කහට උගුරක්‌ ඇරන් දෙන්න…

‘ඇයි සීයට දරුවෝ නැද්ද… ඇයි මෙහෙම ඇවිදින්නේ…’? හැඩහුරුකමින් තරමක්‌ හො`දින් සිටින්නට ඇතැයි හ`ගිමින් විමසුවෙමි.

අපෝ දරුවෝ… මයේ දරුවන්ට ගෙදර එන්ට වෙලාවක්‌ නැහැ. රාජකාරිය බොහෝමයි. මයේ උන්දෑ මාස ගාණකට උඩදි මැරුණා. එයින් පස්‌සේ මයේ කෙල්ලගෙ මනුස්‌සයා දෑවැදි ඉල්ලලා කරදර කරනවා කියලා ගේ විකුණලා සල්ලි අරන් ගියා. ලොකු පුතා එනවා කොළඹ ඉඳන් මාසෙකට දෙකකට සැරයක්‌. සල්ලි කොලයක්‌ දීලා යනවා. ඒක මෙදා ඉවරයි. මම ඉන්නේ අර වහලා තියෙන කාමරේ. අනුරාධපුර බස්‌ නැවතුමට පෙනෙන මානයේ ගරා වැටෙමින් තිබෙන කාමර පේළියක තනිවූ මෙම පියාට දාව රටට වදා ඇත්තේ දූ දරුවන්ද කියා ගැටලුවක්‌ නොවන්නේ උන්ටම පමණකි.

අප අද ජීවත් වන්නේ මෙවන් සෝචනීය සමාජයකය. එහෙත් කිසිදා අම්මා, තාත්තා තම දරුවන්ගේ වරදක්‌ නොකියන්නේ අපේ හදවත් තවතවත් කම්පා කරමින්ය.

මවුපිය ගුණය මානනීය වූ දෝරගලන සෙනෙහස්‌ කදම්බයක්‌ බව තේරුම් නොගන්නේ කාගේ අභාග්‍යයකටද……..?

 

[vsw id=”/KzMm4gMhJmQ” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

රුචිර ජයදේව

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.