Fined -පොලීසියට දඩ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පිළිබඳව  බැනරයක් ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික ඩෙන්සිල් ගුණසේකරට රුපියල් විසිදහසක දඩයක්  ගෙවන මෙන් උසවිය ආණ්ඩුවට නිම කොට ඇත.

 පොලිසිය   ඩෙන්සිල් ගුණසේකර ගේ මුලික අයිතිවාසිකම් කඩ කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විවේචනය කෙරෙන අදහස් අඩංගු බැනරයක් 2009 වසරේ පැවති දකුණු පළාත් සභා මැතිවරණය සමයේ තංගල්ලේ පිහිටි සිය නිවස ඉදිරිපිට ප්‍රදර්ශනය කිරීමෙන් තමන් අත් අඩංගුවට පත්වූ බව ඩෙන්සිල් ගුණසේකර දන්වා සිටියේය.

 නිවසට කඩා වැදුණු සන්නද්ධ පොලිස් කණ්ඩායමක් එම බැනරය කපා දමා රජය විවේචනය කෙරෙන අදහස් පළ කළ නොහැකි බවට තර්ජනය කළ බවත් ගුණසේකර උසාවියට පැවසීය.

තීන්දුවේ උපුටනයක්

 

නඩුවේ තීන්දුව අද (05) දින ප‍්‍රකාශයට පත් කරමින් ශේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රකාශ කළේ පෙත්සමිකරුවන්ගේ මුලික අයිතිවාසිකමි සමිබන්ඳව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් 12(1) 13(1), 13(2),14(1) යන වගන්තින් වගඋත්තරකාර එවකට පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න, තංගල්ල පොලිසියේ ස්ථානාධිපති කාලිංග සිල්වා සහ තංගල්ල පොලිසියේ පොලිස් පරික්ෂක එස්.ජේ.බී. සුවාරිස් යන වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කර ඇති බවත් දෙවන පෙත්සමිකාර ඩැනිස්ටර් ගුණසේකර හට රුපියල් විසිදහසක් (රු.20,000/-) ක වන්දියක් රජයේ මුදදින් ගෙවන ලෙසත් නියෝග කරන ලදී.”

The police was fined  to pay Rs 20,000 for unlawfully arresting a protester who exhibited  a banner criticising former president mahinda rajapaksha.

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.