Fonseka:විජේදාස ගෙන් ආටි ප්‍රහාරයක්

සිය දිවි නසා ගන්නා බෝම්බකාරියක ගේ ප්‍රහාරයෙන් දිවි ගලව ගත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට දැන් බර අවි හෙවත් අටිලරි ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවී ඇත.
ප්‍රහාරක මීට  පෙර ලේක්හවුස් ආයතනයට එරෙහිව නඩු පවරා සිළුමිණ පුවත්පතේ පලවූ ලිපියක් හේතුවෙන් රුපියල් කෝටි 50ක මුදලක් ලබාගත් විජේදාස රාජපක්ෂයි.
 දැන් සරත් ෆොන්සේකාට රෙහිව මිලියන 500 ක වන්දියක් ඉල්ලා නඩු පවරන බව අධිකරණ අමාත්‍ය,ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.
ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව තමා ‍හොරෙකු ලෙස හඳුන්වමින් කළ ප්‍රකාශය හේතුවෙන් තමාගේ කීර්ති නාමයට හානියක් සිදුව ඇති බැවින් ඊට එරෙහිව නඩු පවරන ලෙස තමාගේ නීතිඥයින්ට උපදෙස් දී ඇති බව හෙ‍තෙම කියා සිටියේ අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී ඇමතිවරයා කියා සිටියේ සරත් ෆොන්සේකාට ෆීල්ඩ් මාෂල් ධූරය ලැබුණු පසු සියල්ල අමතක වී ඇති බව විජේදාස රජපක්ෂ මහතා කියා සිටියේය.
2010 ජනාධිපතිවරණයේදී ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන් මෙහෙය වූවේ එජාපය විසින් බවත්, එම මැතිවරණ ව්‍යාපාරයට රුපියල් මිලියන 2000ක් පමණ ලැබුණු බවත්, පැවසූ ඇමතිවරයා ඉන් රුපියල් මිලියන 100ක් පමණ තම හිතවත් ව්‍යාපාරිකයින්ගෙන් ලබාදුන් ඒවා බවද පැවසුවේය.
ව්‍යාපාරිකයින්ගෙන් ලැබුණු මුදල් මුල් අවස්ථාවේදී ෆොන්සේකා අත තැබූ විට මෙතරම් මුදලක් යැයි කියා ඔහු පුදුමයට පවා පත්වූ බවද හෙතෙම කියා සිටියේය.
කෙසේ වුවද මෑත කාලයක සිට ඔහු තමන් හා අමනාපයෙන් සිටින්නේ කාරණා කිහිපයක් මත බවද ඇමතිවරයා හෙළි කළේය.
[vsw id=”/wPBzJvYyRhY” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]
අමනාප වන්නට හේතු
ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට නොගැනීම, ‍ෆොන්සේකා හා අමනාපයෙන් සිටින කිහිප දෙනෙකු අත්අඩංගුවට නොගැනීම, 2010 ජනාධිපති මැතිවරණයේදී කොම්පියුටර් ජිල්මාට් කතාව සම්බන්ධයෙන් සහය නොදැක්වීම, ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් කර තමන්ට එම ධූරය ගැනීමට සහය නොදීම, මුදලක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් උසාවියකින් දුන් තීන්දුවක් අනූව ක්‍රියා නොකිරීම යනාදී කාරණා ඒ අතර වන බව ඇමතිවරයා පැවසීය.
තවද 2010 ජනාධිපතිවරණයෙන් අනතුරුව ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමේ සිට නිදහස් කර ගැනීම දක්වා තමන් දැඩි දායකත්වයක් ලබාදෙමින් තමාගේ වැඩ ද පාඩු කර ගත් බව පැවසූ විජයදාස රාජපක්ෂ එසේ උපකාර කළ තමාට අද මෙවැනි චෝදනා එල්ල කරන බව පෙන්වාදුන්නේය.
පෙර උදව්
ෆොන්සේකා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු රඳවා සිටියේ කොහිදැයි කවුරුත් නොදත් බවත්, ඒ ගැන සොයාබලා ඔහු සිටින ස්ථානයට යාමට හිටපු ජනපතිගෙන් අවසර ගත්තේ තමන් විසින් බවද ඇමතිවරයා පැවසීය.
ඒ අනූව ඔහු රඳවා සිටි නාවික හමුදා මූලස්ථානයේ තෙවැනි තට්ටුවට යාමට කිසිවෙකුට ඉඩනොදුන් බවත්, එම අවස්ථාවේ මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කර එහි යාමට තමාටත් ෆොන්සේකාගේ බිරිඳටත් අවසර ගත්තේ තමා යැයිද ඔහු සිහිපත් කළේය.
මාස 3ක් තිස්සේ ෆොන්සේකා එසේ බැලීමට යාමට හැකිවූයේ තමාටත් ඔහුගේ බිරිඳටත් පමණක් යැයිද වෙනත් කිසිවෙකුටවත් එවන් අවසරයක් නොදී තිබියදී දෙස් විදෙස් තානාපති කාර්යාල දැනුවත් කරමින් ඔහුට අත්වූ ඉරණම ගැන කතා කළේ තමන් යැයිද කියා සිටියේය.
ඒ අනූව ෆොන්සේකා වෙනුවෙන් මේසා විශාල වැඩ කොටසක් කළ තමාට ඔහු මෙලෙස චෝදනා නැඟීම අමුතු දෙයක් නොවන බව පෙන්වාදුන් ඇමතිවරයා ඔහුගේ භාෂා විලාෂය ගැනද අප්‍රසාදය පළ කළේය.
ඉංග්‍රීසියෙන් ෆීල්ඩ් කියන්නේ වෙල බවත්, මාෂල් කියන්නේ විධානය, අණදීම බවත්, පෙන්වාදුන් ඇමතිවරයා ඒ අනූව‍ වෙලේ විධානේලාගේ ‍චෝදනා තමන් බැහැරකරන බවද පැවසීය.
කෙසේ හෝ ඇවන්ට්ගාඩ් සිද්ධියට තමන්ට බැණ වැදුණාට කමක් නැතැයි ද කියා සිටි විජයදාස රාජපක්ෂ නීතිපතිට, සොලිසිටර් ජනරාල්වරයාට බැණ වැදී මෙම පරීක්ෂණ කඩාකප්පල් නොකරන ලෙසද ෆොන්සේකගෙන් ඉල්ලා සිටියේය.
මේ ගැන තමන්ට එල්ල කරන ‍චෝදනාවලට මේ ආකාරයට මාධ්‍ය කැඳවා උත්තර දිය හැකි නමුත් අනෙක් නිලධාරීන්ට එසේ කිරීමට අවස්ථාවක් නොලැබෙන බවද පෙන්වාදුන්නේය.
තමන්ගේ ආදායම් වියදම් අවශ්‍ය ස්ථානවලට ලබාදී ඇති බවද පැවසූ ඇමතිවරයා ඇවන්ට්ගාඩ් යට ගැසීමට තමන්ට මුදල් ගැනීමේ අවශ්‍යතාවයක් නැතැයිද කියා සිටියේය.
අනුර කුමාර දිසානායක
එසේම අනුර කුමාර දිසානායක ද ඇවන්ට්ගාඩ් සිද්ධිය ගැන චෝදනා නගා ඇති බවත්, මේ සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි ඔහුට ද තමන් අභියෝග කළ බවත්, ඇමතිවරයා පැවසීය.
කෙසේ වෙතත් අනුර කුමාර තවමත් විවාදයකට ආවේ නැති බවත්, විවාදයේදී පරාජය වුවහොත් තමන් මන්ත්‍රීධූරයෙන්ද ඉවත් වන බවත්, හෙතෙම කියා සිටියේය.
රාජිත සේනාරත්න
රාජිත සේනාරත්න ඇමතිවරයා වැනි අය ඇවන්ට්ගාඩ් සිද්ධිය ගැන දැඩිව අදහස් පළ කරන බව මාධ්‍යවේදීන් ප්‍රශ්න ක‍ළ අවස්ථාවේ ඇමතිවරයා කියා සිටියේ එහි දූෂණයක් සිදුවී නැතැයි තමන් නොකියන බවයි.
ගෝඨාභය රාජපක්ෂ
එසේම ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම ආවාට ගියාට කළ හැකි දෙයක් නොවන බවත්, ඒ ගැන පැහැදිලි සාක්ෂි අවශ්‍ය බවත්, මේ ගැන තමන් ජනපති, අගමැති පවා දැනුවත් කර ඇති බවද, නීතිපතිවරයා පවා පවසා ඇත්තේ සාක්ෂි නැතිව එසේ කළ නොහැකි බව යැයිද ඇමතිවරයා කියා සිටියේය.
ඉකුත් රජය මෙන් පළිගැනීමේ ක්‍රමවේදයක් යහපාලනය තුළින් ජනතාව බලාපොරොත්තු නොවන බවද ඔහු පෙන්වාදුන්නේය.
තවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට තමන් කිසිදු බාධාවක් සිදුකර නැති බවද, පරීක්ෂණ අඛණ්ඩව සිදුකරගෙන යාමට අදාළ අංශවලට උපදෙස් දී ඇති බවද විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් පැවසුවේය.
දැන් ෆොන්සේකා,අනුර කුමාර සහ රාජිත ගෙන් එල්ල වන ප්‍රහාර දෙස බලා සිටිය යුතුව ඇත. මේ අර්බුදය ආණ්ඩු පක්ෂයේ පබල අර්බුදයක් දක්වා වර්ධන වීට ඉද ඇත.
Justice  minister wijedasa Rajapaksha threatens to file deformation case against field marshal Ssarath Fonseka

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.