Fonseka to sue Wijedasa: ෆොන්සේකා විජේදාසට නඩු?

 

dofosoඅධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගෙන් රුපියල් කෝටි 500ක වන්දි ඉල්ලා නඩු පවරන බව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මහතා මිනුවන්ගොඩ දී අද ප්‍රකාශ කළේය.

ඇමති විජේදාස විසින් ෆොන්සේකා මහතාට එරෙහිව නඩු පවරන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඊට ප්‍රතිචාර වශයෙන් ඔහු මේ ප්‍රකාශය කලේද නැද්ද යන්න පැහැදිලි නැත.

ඇවන්ඩ්ගාඩ්න් ආරක්ෂක සමාගමට එරෙහිව නිසි පරිදි ක්‍රියා නොකළැයි පසුගිය ඡන්ද සමයේදීත් ඉන් පසුවත් පොන්සේකා  විසින් කරන ලදැයි කියන ප්‍රසිද්ධ ප්‍රකාශවලින් තමාට වූ අපකීර්තිය හා අවනම්බුව වෙනුවෙන් පොන්සේකාගෙන් රුපියල් කෝටි 50ක් ඉල්ලා නඩු පවරන ලෙස තම නීතිඥයනට බාර දුන් බව අධිකරණ ඇමැති සිකුරාදා කොළඹ දී කීවේය. ඊට පිළිතුරු වශයෙන්  පොන්සේකා පැවැසුවේ ‘‘තමාගේ විශ්‍රම වැටුප රුපියල් පනස් දහසක් බවයි. මිලියන සියයක් ඉල්ලුවත් ගෙවන්න මට සල්ලි නෑ. වැරදිකරු වුණොත් සල්ලි නැති නිසා මට ඇමැතිගේ ගෙදර  නවතින්න පුළුවන් එවිට මට කන්න දෙන්න වෙන්නෙත් ඔහුට‘‘ යනුවෙන් පොන්සේකා පැවසීය.

තමන් ගේ වත්කම් පිළිබඳව සරත් ෆොන්සේකා මහතා විටින් විට පරස්පර විරෝධී ප්‍රකාශ කරන බව පෙනෙන්නට තිබේ.ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවෙන් ඉල්ලලා අස්වෙන්නට පැවසූ අවස්ථාවේදී ඔහුට මාසිකව රුපියල් ලාශයක් දීමනවක සමග වාහනයක් ලබා දීමට තමන් යෝජනා කල බව ෆොන්සේකා මහතා පැවසීය.

 

Sarath Fonseka to sue Wijedasa Rajapaksha for defamation.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.