සරත් ද ආබෲට කොරේ පිට මරේ

 

1369850199abrew3

 

 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතා  උසාවි ගියේ තමන්ගේ  මූලික අයිතිවාසිකම්  කඩවූ බව කියා සිටීමටයි.

ගෙදර මෙහෙයට සිටි සේවිකාවට පහර දුන් බවට චෝදනා කරමින් පවරා ඇති නඩුව විසි කර දමන්නැයි

සරත් ද ආබෲ ඉල්ලා සිටි විට නීති පති දෙපාර්තමේන්තුවෙන් පැමිණි සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ

අපුරු තර්කයක් ගෙනාවේය.

 

එසේ සරත් ද ආබෲට එරෙහිව ඇති නඩුව අහකට දමන්නේ නම්  අගතියට පත් කාන්තාවට අසාධරණයක් වන හෙයින් ඇයද මෙම නඩුවේ පාර්ශවකාරියක් විය යුතු බවයි.

මෙය සැබෑ වෙනසකි.සාධනීය වෙනසකි.

අතීතයේදී සරත් ද ආබෲට එරෙහිව  කොතෙක් චෝදනා තිබුනත් ඔහුගේ විනිසුරු කබායෙන් ඔහු රැකුණි.

නිවසේ සේවය කළ සේවිකාවට පිස්තෝලකින් පහර දීමේ චෝදනාව නැගෙන්නට පෙර  ආරක්ෂකයින්ට පහරදීම, කාර්ය මණ්ඩලයට පහරදීම  ආදිය මේ චෝදනා නැගුනි.

මේ බරපතල චෝදනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම නීතිපති දෙපාර්තමේන්තුව විසින් මග හරිමින් සිටි  බව මාධ්‍ය  කියා සිටියත් ඒ ගැන හොයා බලන්නට කිසිවෙකුත් නොවීය.

Sarath_Abrew_protest5

 

 

කොරේ පිට මරේ

 

දැන් සමාජ  බලය අඩු  මේ කාන්තාව ගේ අයිතිවසිකම් වෙනුවෙන් නීතිපතිවරයා පෙනීසිටීමත් සමඟම   සරත් ද ආබෲට කොරේ පිට මරේ  වැනි තත්වයකට මුහුණ දීමට සිදුවෙනු ඇත.

අගවිනිසුරු කේ ශ්‍රී පවන්, ප්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම යළි කැඳවීම ලබන 4 වන දා ට කල්  දමා  ඇති අතර  එහිදී .ඔහුගේ නඩුව දිගටම විභාග වුවහොත්  මෙවැනි  චෝදනාවකට මුහුන දෙන පළමු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වන්නේ සරත් ද ආබෲය.

 

සරත් ද ආබෲට මේ චෝදනා වලට මුහුණ දීමට සිදුවී ඇත්තේ මුළු ලෝකයම ශ්‍රි ලංකාවේ අධිකරණ පද්ධතියේ ස්වාධීනතාව පිලිබදව මුළු ලෝකයම ඇස ගසා සිටින අවස්ථාවකදීය.

ඒ යුධ අපරාධ  ගැන හොයා බැලීමට ශ්‍රි ලංකාවේ අධිකරණ පද්ධතිය ශක්තිමත් දැයි නිගමනයකට  එළඹීමටය.

එහෙයින් ‘අපි දැන් ඉස්සර  වගේ නෙවෙයි’ කීමට නීතිපති දෙපාර්තමේන්තුව  උත්සාහ ගනිමින් සිටිනවා විය හැකියමේ උත්සාහය  නරක උත්සාහයක් නොවේ.

A Fundamental Rights application filed by Former Supreme Court judge Sarath de Abrew  over the decision by the Attorney General to indict him in the High Court of  grave sexual assault on a female domestic aide was fixed to be supported on Friday (Dec 04).

The petition was taken up today  before the bench, Chief Justice K. Sripavan, Justices Priyantha Jayawardena and Anil Gooneratne.

The court ordered to issue notice on the first and sixth respondents in the case. They included the Mt Lavinia police who investigated the complaint by the domestic aide.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.