Gammainpila-ස්කයිප් ඔස්සේ විත්ති කුඩුවට

 

gammanbb

 

 

පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිළ බුද්ධාගමට මුවාවෙන් මිනිසුන්ට වාංචා කරන්නෙක් යැයි ඕස්ට්‍රේලියනු ජාතිකයකු ව්‍යපාරිකයකු වන බ්‍රයන් ෂෙඩ්‍රික් මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ ජාතික පුස්කකාල ශ්‍රවනගාරයේ අද ( 05)පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි. මෙම මාධ්‍ය හමුව බ්‍රයන් ෂෙඩ්‍රික් මහතාගේ මෙරට ඇටෝනි බලකරු වන ලසිත පෙරේරා මහතා විසින් කැඳවා තිබුණි.

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක්

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ෂෙඩ්‍රික් මහතා පවසා සිටියේ උදය ගම්මන්පිල විසින් කූට ලෙස සැකසු ඇටෝනි බලපත්‍රයක් මඟින් තම සමාගමක් සතු මිලියන 4.1ක කොටස් විකුණා මුදල් ලබා ගෙන ඇති බවයි.

බ්‍රයන් ෂෙඩ්‍රික් මහතාට අයත් මෙට්ල් රීසයිකල් සමාගමේ සහ තවත් සමාගම් කිහිපයකම කොටස් විකිණීම සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු 01 දා ලංකාවට පැමිණ රහස් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් ෆෑන් ඒෂියා බැංකුවෙන් සහ සමාගම් රෙජිස්ටාර් කාර්යාලයෙන් ප්‍රධාන ලිපිලේඛණ විමර්ශනයක් සිදුකරනු ලබන බවද. මෙම සිදුවීමට අදාළ නඩුවක් අධිකරණයෙ විමර්ශනය වෙමින් පවතින බවද ඒ මහතා පවසා සිටියේය.

 

bryan

කිසිඳු ආයෝජකයෙක් එන්නෑ

මේක විදේශ රටවලින් ලංකාවට පැමිණ ආයෝජනය කරන ආයෝජකයින්ට කළ අසාධාරණයක්, වංචාවක් මේකෙන් සිදුවන්නේ, කිසිඳු ආයෝජකයෙක් මේ රටට පැමිණ නැවත ආයෝජනය නොකිරීමයි. උදය ගම්මන්පිළ කියන්නේ වංචාකරුවෙක් ඔහු මෙය දේශපාලනික පළිගැනීමක් ලෙස හුවා දක්වනවා මට ලංකවේ දේශපාලඥයන්ගෙන් පලිගැනීම් සිදුකරන්න කිසිදු අවශතාවයක් නැහැ.

ඔහු සෑබෑ ලෙසම ශ්‍රී ලංකිකයින් අදහන බුද්ධාගම ඉදිරියට දාගනිමින් ඊට නිග්‍රහ කරන වංචාකරුවෙක් යැයි බ්‍රයන් ෂෙඩ්‍රික් මහතා වැඩිදුරටත් පැවසීය.

ෂෙඩ්‍රික් මහතාගේ බිරිද වන ජෙන් එළිසබෙත් ෂෙඩිරික් මහත්මියගේ අත්සනද ඇටෝනි බලපත්‍ර සඳහා යොදගෙන ඇතැයිද එම අත්සන කිසිඳු ලෙසකින් තමගේ නොවන්නක් බවද මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වූ එළිසබෙත් ෂෙඩිරික් මහත්මිය පවසා සිටියේය.

ගම්මන්පිළට අභියෝගයක්

මේ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලසිත පෙරේරා මහතා පවසා සිටියේ උදය ගම්මන්පිළ මහතා බ්‍රයන් ෂෙඩිරික් තමන් නොදන්නා බව පවසන බවත් මේය දේශපාලනික පිළිගැනීමක් ලෙස හුවා දැක්වීමට කටයුතු කරමින් මෙම වංචාව වසන් කිරීමට කටයුතු කරන බවයි.

උදය ගම්මන්පිළ මහතා මෙම කොටස් විකුණා ඇත්තේ කෙසේද, කාටද යන සියලු තොරතුරු තමන් සතුවන බවද පෙරේරා මහතා පවසා සිටියේය.

එසේම මේ සම්බන්ධයෙන් තම සමඟ මාධ්‍ය සාකච්ඡාවකට එළඹෙන ලෙස උදය ගම්මන්පිළ මහතාට අභියෝග කර සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

උදය ගම්මන්පිළ මහතා කොටස් විකිණිම සඳහා ව්‍යජ ලෙස සැකසුවා යැයි කියන ඇටෝනි බලපත්‍රය පහතින් දැක්වේ.

parliamentarian gammanpila is accused of doing corrupt deals by a Australian

Untitled 1

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.