Geneeva- යෝජනා පරදවමු

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරගත් යෝජනාවලිය පාර්ලිමේන්තුවේදී සම්මත වීම වැළැක්වීම සඳහා සියලූ පාර්ශ්ව එක්විය යුතු බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ මාධයවේදී මොහාන් සමරනායක කියා සිටිති.

ඊයේ (06) කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔව්හු මේ බව කියා සිටියහ.

 මහාචාර්ය ජී.එල් පීරිස්

 

“මෙය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි. පාර්ලිමේන්තුවට  ඒ නීති ගෙන්න ඕන. දැන් සංහිඳියා කොමිෂන් සභා , දකුණු අප්‍රිකාව ආදර්ශයක් හැටියට ගෙන මේ කරන්න හදන දේ දකුණු අප්‍රිකාවේ වෙච්ච දේ නොවෙයි. දකුණු අප්‍රිකාවේ තතත්වයයි අපේ තතත්වයයි අතර අහසයි පොලොවයි වගේ වෙනසක් තියෙනවා. ඉතින් මේවා පාර්ලිමේන්තුවට ගේනකොට සියලුම ක්‍රියාමාර්ග දියත් කරන්න ඕන. දේශපාලන ක්‍රියාමාර්ග හා නීතියට සම්බන්ධ ක්‍රියාමාර්ග. ඒ තුලින් තමයි මේ රටේ සුබසිද්ධිය ආරක්ෂා කිරීමට පුළුවන් වන්නේ. ඒක සම්පූර්ණයෙන් දේශපාලනඥයාට භාරදෙන්න එපා. සකල සමාජයේ සෘජු දායකත්වය මේ සඳහා අවශ්‍යයි”.

 

ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ මෙය කි‍්‍රයාත්මක වීමට නම් පාර්ලිමේන්තුවේදී අනුමත විය යුතු  හෙයින් එය පාර්ලිමේන්තුවේදී පරාජය කල යුතු බවයි.

ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා  

 

“මේ තොන්ඩුව සියතින් දාගන්න ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව එකඟ වෙලා තියෙනවා. ඒ නිසා ලෝකයේ අපිට කලින් සහයෝගය දීපූ රටවල් වලට අද අප වෙනුවෙන් කිසිවක් කරන්න පුළුවන් කමක් නැහැ. මේ යෝජනාව හොඳින් කියවන්න එය මානව හිමිකම් විතරක් නෙවෙයි මේ රටේ දේශපාලන , ආර්ථික , ඉඩම් අයිතිය , පරිහරණය , ආරක්ෂාව යන සියල්ලම මුළුමනින්ම ඕවර් හෝල් කරන සැලැස්මක්. 1815වේ උඩරට ගිවිසුමට වඩා මෙය භයානකයි ස්වාධීනත්වය , ස්වෛයිරී භාවය , ජාතික සංහිඳියාව පැත්තෙන්”.

Geneeva proposals need to be defeated- prof G L Pieries

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.