GMOA අත්තනෝමතිකකම පාලනය නොකෙරුවොත් විශේෂඥ වෛද්‍යවරු දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්…

GMOA3රජයේ වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලේඛණය සකස් කිරීම ඇතුළු වෛද්‍යවරුන් සම්බන්ධ සෞඛ්‍යය අමාත්‍යංශය විසින් ගනු ලබන පරිපාලන තීරණයන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සගංමය දිගින් දිගටම එල්ලවන බලපෑම් නතර කිරීමට අමාත්‍යාංශය පියවර නොගන්නේ නම් දිවයින පුරා විසිරී සිටින රජයේ විශේෂඥ වෛද්‍යවරුන් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය බී.ජී.එන් රත්නසේන සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලිඛිතව දන්වා ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලන කටයුතුවලට අනිසි බලපෑම් එල්ල කිරීමේ අරමුණු සහිතව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගයේ නියෝජිතයෙක් නීති විරෝධී අයුරින් අමාත්‍යංශයට අයත් අංක 7 කාමරය තුළ බලහත්කාරයෙන් රැදී සිටිනබව ද සභාපතිවරයා විසින් දන්වා ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.