Good governance :අගමැති කාර්යාලයේ පමණි -රෝහිණී කවිරත්න

rohini

 

 

අද වන විට යහපාලනය ඇත්තේ අගමැති කාර්යාලයේ පමණක් බවත් ජනාධිපති කාර්යාලයේ ඇත්තේ ශ්‍රීලනිප පාලනය බවත් එජාප මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී රෝහිණී විජේරත්න කවිරත්න මහත්මිය පවසයි.

ඇත්ත කතාකිරීමට තමන් කිසිසේත් බිය නොවන බව පැවසූ මන්ත‍්‍රිවරිය තමන් මේ පිළිබදව අගමැතිව ලිඛිතව දැනුම්දෙන බවත් කියා සිටියාය.

පසුගියදා මාතගේ ලග්ගල ප‍්‍රදේශයේ ජනාධිපතිවරයා සිදු කරන ලද සංචාරයේදී තම ආසනයේ ජනතාව අමතා ගියත් එහිදී ජනතා ප‍්‍රශ්න සම්බන්ධයෙන් ජනපතිවරයා දැනුම්වත් කිරීමට සුදානමින් සිටි තමන්ගේ කතාව පවා න්‍යාය පත‍්‍රයෙන් ඉවත්කර තිබූ බවද ඇය පැවැසුවාය.

ලග්ගල එ.ජා.ප. ප‍්‍රධාන සංවිධායිකාව වන තමන්ගෙන් ප‍්‍රදේශයේ ජනතාවට පවතින ප‍්‍රශ්න පිළිබදව විමසීමක් හෝ නොකළ බවත් කියා සිටි ඇය එජාප පාක්ෂිකයන් විසින් පත්කළ ජනාධිපතිවරයා ලග්ගලට එද්දී කොළපාට කොඩියක් දැමීමට නොහැකි බවත් ශ්‍රීලනිප රැුස්වීමක් හැටියට මොරගහකන්ද නිදන් තැන්පත් කිරීම, පොලිසිය විවෘත කිරීම, රජයේ ගොඩනැගිලි රැුසක් විවෘත කිරීම සිදුකෙරුණු බවත් කවිරත්න මහත්මිය කීවාය.

Good governance only at prime ministers office

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.