Goodbye:රෙක්ස් ද සිල්වා අවසන් ගමනේ

Rex-de-Silva
බෝර්නියෝ බුලටින් දිනපතා පුවත්පතේ කර්තෘ හා ඇම්.ඩී.ගුණසේන සමාගමේ සන් හා වීක්එන්ඩ් පුවත්පත්හි  හිටපු කර්තෘ රෙක්ස් ද සිල්වා (74) අද අභාවප්‍රාප්ත විය.

නිවාඩුවක් සඳහා දරුවන් හා බිරිය සමග ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී අද පෙරවරුවේ මිය ගියේය. පසුගිය සති කිහිපයේම ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීය.

1990 – 2001 කාලයේ ඔහු බෝර්නියෝ බුලටින් දිනපතා පත්‍රයේ කර්තෘවරයා විය. 1970 සිට 1990 දක්වා ඔහු ජර්මන් පුවත් සේවයේ වාර්තාකරුවෙක් විය.

කොන්ද කෙළින් තබා ගෙන වැඩ කරන මාධ්‍යවේදියෙක් සේ ප්‍රකට රෙක්ස් තරුණ මාධ්‍ය වේදීන්ට නිර්ලෝභීව අත දුන්නේය.

සන් පුවත්පත් තුලින් ඔහු සංක්ෂිප්තව පුවත් ඉදිරිපත් කිරීමේ ශෛලියක් හදුන්වා  දුන්නේය.

1964 දී ඔහු සන් පත්‍රයට එකතු විය. ඔහුගේ ඉල්ලීම පරිදි අද සවසම බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කෙරේ.

 

Former sun editor Rex de Silva bids good bye

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.