Green Card සඳහා ඉල්ලුම්පත් නිකුත් කෙරේ

green-cardඇමරිකාවට යාම සඳහා Green Card බලපත් ලබා ගැනීම සඳහා දැන් ශ්‍රී ලාංකිකයින්ට ඉල්ලුම් කල හැකිය. මේ වසරේ නොවැම්බර් මස හත් වෙනිදා දක්වා මෙම ඉල්ලුම්පත් ඉදිරිපත් කල හැකි බව මාධ්‍ය හමුවක් ඇමතූ ඇමරිකා එක්සත් ජනපද තානාපති නිලධාරී ඩේවිඩ් වැග්නර් කොළඹදී  පැවසිය. මේ ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීම සඳහා මුදල් වැය  නොවෙන අතර ඉල්ලුම්පත් ඉදිරිපත් කරන  අය  අතරින් තෝරාගන්න අය සඳහා සම්මුඛ  පරීක්ෂණයක් පැවැත්වේ. මෙම සම්මුඛ  පරීක්ෂණයට සහභාගී වීම සඳහා ඩොලර් 330 ක මුදලක් ගෙවිය යුතු වේ. මෙම ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අපොස උසස් පෙළ සමතුන් , විශ්ව විද්‍යාල උපාධිධාරීන් එසේත් නොමැතිනම් අවුරුදු දෙකක තෝරා ගත්  වෘත්තීන් හි පළපුරුද්දක් ඇති අයට  ඉල්ලුම් කල හැකිය.  මේ සඳහා අවශ්‍ය ඉල්ලුම්පත් ලබා ගැනීම සඳහා පහත සඳහන් වෙබ් අඩවියට පිවිසෙන්නැයි ඇමරිකානු  තානාපති කාර්යාලය නිවේදනය කරයි. මෙම Green Card බලපත් ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත් 50,000ක් පමණ ඉදිරිපත් වන අතර එයින් 200ත් 400ත් අතර පිරිසක් සඳහා Green Card ලබා දීමට පසුගිය වසර වලදී කටයුතු කොට  ඇත.  මේ සඳහා සියලුම තොරතුරු පහත සඳහන් වෙබ් අඩවියෙන් ලබා ගත හැකි වන අතර මෙම වෙබ් අඩවියේ සිංහල, දෙමල හා ඉංග්‍රීසි භාෂා වලින් තොරතුරු දක්වා ඇත.  https://lk.usembassy.gov/

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.