Hakeem: ආණ්ඩුව දුෂිතයින් රකී

 

rauff-hakeem-maithripala-sirisena (1)

 

 

අවුරුද්දකට ආසන්න කාලයක් පාලනයේ සිටින ආණ්ඩුව දූෂිතයන් රකින බවට දැඩි විවේචනයක්  කරන රජයේ හවුල්කාර  ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායකයා ඒ නිසා ජනතාවට මුහුණ දීමට නොහැකි තත්වයක් තමන්ට උදාවී ඇති බව ප්‍රකාශ කරයි.

සති අන්තයේ මහනුවර පැවැති ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ 26 වැනි ජාතික මහ සමුළුව අමතමින් අමාත්‍ය රවුෆ් හකීම් කියා සිටියේ දූෂණය පිටු දැක ඇති බව ආණ්ඩුව ප්‍රකාශ කළත් දුෂිතයන් තවමත් නිදැල්ලේ ඉන්නා බවයි.

එම නැව් අයිති ඇවන්ට් ගාඩ් සමාගම වෙනුවෙන් තිලක් මාරපන සහ විජේදාස රාජපක්ෂ ඇමතිවරු පෙනී සිටිම අමාත්‍ය මණ්ඩලය තුල ගැටුමට හේතුවී තිබේ.

ජනතාවට ‘ප්‍රහේලිකාවක්’

එය ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදයකට මග පාදා ඇති බව තහවුරු කළ මුස්ලිම් කොන්ග්‍රස් නායකයා දූෂිතයන් පිටු දැකීමට රජය ප්‍රමාණවත් පියවර ගෙන ඇතිද යන්න ජනතාවට ‘ප්‍රහේලිකාවක්’ වී ඇතැයි ප්‍රකාශ කළේය.

” ආණ්ඩු මාරුව සිදුවී අවුරුද්දක් ගත වෙන මොහොතක තාමත් අපිට නරක යුගයක් පිටු දැක්කා කියන  කතාවෙන් සෑහීමකට පත් වෙන්න බෑ. ජනතාවගේ බලාපොරොත්තු ඉටු කළ යුතුයි. ඒ බලාපොරොත්තු ඉටු කරන්න උත්සාහයක් ගත්තාද කියන එක ගැන ජනතාව අතර ප්‍රහෙලිකාවක් තිබෙනවා.” රවුෆ් හකීම් අමාත්‍යවරයා මහනුවරදී කියා සිටියේය.

නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් රජයට නිසි ප්‍රතිපත්තියක් නැතැයි රජයට දොස් කී මුස්ලිම් කොන්ග්‍රස් නායකයා ප්‍රකාශ කළේ උන්හිටි තැන් අහිමිවූ  උතුරු නැගෙනහිර සියලු දෙනාටම ගෞරවාන්විතව තමන්ගේ මුල් භුමි භාගයට යාමේ අවස්ථාව සලසා දීමේ  නොහැකියාව පිළිබඳව ජනතාව කනගාටු වන බවයි.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.