අධිවේගී මාර්ගයේ අනතුරක්…

දකුණු අධිවේගී මාර්ගයේ දී අද (15) උදේ මීට සුළු මොහොතකට පෙර හදිසි අනතුරක් සිදුවී තිබේ. අනතුර සිදුවන්නේ වැලිපැන්න හා ගැලනිගම අතර 23/2 කිලෝමීටර කණුව අසලදීය. අධිවේගී මාර්ගයේ ධාවනය වූ මාතර දෙසට ධාවනය වූ ලේලන්ඩ් බස් රථයක් හා මාර්ගය නඩත්තු කටයුතු වල යොදවා තිබූ වාහනයක් ගැටීමෙන් මේ අනතුර සිදුවී තිබේ. ගැටුමෙන් බස් රථය පෙරළී ගියේය. අවට වාහන වලින් තුවාල කරුවෝ ලහි ලහියේ ගෙනයන්නට කටයුතු කර තිබිණි. පුද්ගලයන් 26 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

පහත දැක්වෙන්නේ එහි වීඩියෝ දර්ශනයක්…

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.