Independent:කොමිෂන් සභා වලට අළුත් සාමාජිකයින්

තවත් කොමිෂන් සභා කිහිපයක  සාමාජිකයින් පත් කර තිබේ.

 

desha

ඒ අනුව ස්වාධීන මැතිවරණ කොමිසමේ  සභාපති ධුරයට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පත් කර ඇති බව සඳහන්ය.

එහි සෙසු සාමාජිකයින් ලෙස නලින් අබේසේකර, මහචාර්ය රත්නජිවන් හූල් යන මහත්වරුන් පත් කර තිබේ.

මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ නම් ව්‍යවස්ථාදායක සභාව විසින් පසුගියදා යෝජනා කෙරුණි.

අදාල නම් ජනාධිපතිවරයාගේ අනුමැතිය සදහා යොමු කර තිබුණි.

එච්.එම්.ජී.එස් පලිහක්කාර
එච්.එම්.ජී.එස් පලිහක්කාර

ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි.

 

රත්නජිවන් හූල්
රත්නජිවන් හූල්

 

එමෙන්ම  සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ටී. කණගරත්නම් මහතා ද මුල්‍යමය කොමිසමේ සභාපති ලෙස  යූ.පලිහක්කාර මහතාද  ප්‍රතිසම්පාදන කොමිසමේ සභාපතිවරයා ලෙස ඒ.එම් ෆොන්සේකා මහතාද පත් කර ඇති බව වාර්තාවෙයි.

new members to independent commissions

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.