Japan:නැව් ලංකාවට කිට්ටු කරයි

 

 

 

සෝමාලි මුහුදු සීමාවේ සහ ඒඩ්න් කළාපයේ මුහුදු කොල්ලකෑම් නිරීක්ෂණය කිරීම සඳහා යොදවා තිබූ ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් දිවයිනට පැමිණ තිබේ.

“මකිනාමි (ඩීඩී – 112)” සහ “සුසුනාමි (ඩී – 114)” යන නෞකාවන් දෙක  10 අගහරුවාදා කොළඹ වරායට සේන්දු වුයේ  දෙරටේ නාවික හමුදාවන් අතර සුහදතාවය වර්ධනය කර ගැනීම සදහා බව නාවික හමුදාව පවසයි.

2009 වර්ෂයේ සිට මේ දක්වා ජපාන සාගරික ස්වයං ආරක්ෂක බලකායට (JMSDF) අයත් නෞකාවන් කොළඹ වරායට පැමිණි 50 වැනි අවස්ථාව ලෙස ද මෙය සැලකේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෑතකදී ජපානයේ සිදු කළ සංචාරයේදී දෙරටේ නායකයන් විසින් සිදු කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයේ සාගරික ආරක්ෂාව සම්බන්ධයෙන් දෙරටේ නාවික හමුදාවන් අතර සහයෝගීතාවය, තොරතුරු හුවමාරුව සහ ජපාන සාගරික ස්වයං ආරක්ෂක බලකායට අයත් නෞකා ශ්‍රී ලංකාවට පැමිණීමේ ඇති වැදගත්කම අවධාරණය කර ඇත.

ජපාන සාගරික ස්වයං ආරක්ෂක බලකායට අයත් නෞකාවන්, 2011 වර්ෂයේ 08 ක්, 2012 වර්ෂයේ 12 ක්, 2013 වර්ෂයේ 11 ක්, 2014 වර්ෂයේ 11 ක් සහ 2015 වර්ෂයේ ‍මේ දක්වා නෞකා 08 ‍ක් ද, දෙරට අතර ඇති දිගුකාලීන මිත්‍ර සම්බන්ධතා සංකේතවත් කරමින් ශ්‍රී ලංකාවේ සංචාරයන්හි නිරත වී ඇති බවද නාවික හමුදාව පවසයි.

ජපන් නාවික හමුදාවේ තුන්වන ආරක්ෂක ඒකකයේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරන කපිතාන් ට‍කේෂි යොෂිඔක, නෞකා දෙකෙහි අණදෙන නිලධාරීන් වන කොමාන්ඩර් ෂියුජි ඔනෝ, කොමාන්ඩර් මසනෝරි අමෙමියා සහ ජපන් වෙරළාරක්ෂක බලකායේ අණදෙන නිලධාරී කොමාන්ඩර් මසහරු ෆුජිමොටෝ යන නිලධාරීන් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න  ද  හමුවි ඇත.

 

Japanese  navel fleet arrives in Colombo

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.