JVP:දික්කසාදයට බල කල හැටි චිත්‍රාන්ගනී ගෙන් හෙළිදරව්වක්

 

 

 

RohanaW (1)

 

ඉක්මණින්ම විවාහ වීමට සිදුවන බව ඇසූ ශ්‍රීමතී ඒ වන විටත් සිිටියේ වයස විසි ගණන්වල ආරම්භයේය. ඇයට සිදුවූයේ නොකඩවා හඬා වැටෙන්නටය. පස් දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වූ ඇය එතරම් වගකීම් රහිත ජීවිතයකට හුරුවී සිටිය ද තවමත් නොමේරූ තරුණියකව සිටි ඇය බියපත් වූයේ විප්ලවවාදී නායකයකුගේ බිරිඳ වන්නේ කෙසේද යන්න පිළිබඳවය.

1971 තරුණ කැරැුල්ල මෙහෙයවීම සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම් ලබා සිටියකු සමඟ විවාහවීමට මාසයක තරම් කෙටි කාලයකදී තීරණය වීමත් සමඟ ඇයට සිදුවූයේ තම සොයුරු වෛද්‍ය චන්‍ද්‍රා ප‍්‍රනාන්දු සූදානම් කළ බලහත්කාර විවාහයට එරෙහිව වචනයක් හෝ කතා කිරීමට නොහැකිව අසරණවීමටය.

තම සොහොයුරාගේ හදවත උණු කිරීමට කිසිවකුට නොහැකි වූ අතර මෙම විවාහයට එරෙහි වූ සියලූ දෙනාට ඔහු තර්ජනය කළේය. 1970 ගණන්වල ඉතාමත් ජන අප‍්‍රසාදයට පත් අයකු වන අනාගත ස්වාමියා සමග සිරගතව කාලය විනාශ කිරීමට බියවීම නිසා ඉතාමත් භක්තිමත් මෙතෝදිස්ත ක‍්‍රිස්තියානි පවුලකින් පැවත ආ ඇය කළේ විවාහය නතර කිරීමට දෙවියන් වහන්සේගේ මැදිහත් වීම ඉල්ලා යාඥා කිරීමයි.

කිසිදු ආශ්චර්යයක් සිදුවූයේ නැත. මොරටුවේ විල්ලෝරාවත්තේ තම නිවසේදී සිදුවූ චාම් පවුලේ උත්සවයකදී 1980 මාර්තු 26 දා 23 වියැති ශ්‍රීමතී චිත‍්‍රාංගනී ප‍්‍රනාන්දු හා පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර අතර විවාහය සිදුවිය.

විප්ලවවාදියකු සමඟ ජීවත්වීම

ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායකයාගේ වැන්දඹු බිරිඳ ශ්‍රීමතී, ඬේලි එෆ් ටී පුවත්පත සමග සාකච්ඡුාවකට එක්වෙමින් විප්ලවවාදියකු සමඟ ජීවත්වීමේදී මුහුණ දීමට සිදුවූ ඉරණම ගැනත්, ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ රජයෙන් අත්්අඩංගුවට ගෙන මරාදැමීමට පෙර අවසන් දිනවල සිදුවීම් පිළිබඳවත් හෙළිදරව් කළාය.
ඇගේ පියාවන එස්.වී. ප‍්‍රනාන්දු වෘත්තියෙන් ඉංග‍්‍රීසි සාහිත්‍ය හා භෞතික විද්‍යා ගුරුවරයකු වන අතර සමාජවාදී පක්‍ෂයෙන් දේශපාලන කටයුතුවල යෙදී වරෙක මොරටුව නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති වශයෙන් ද සේවය කළ නිසා රුධිරයටම දේශපාලනය කා වැදී තිබූ තැනැත්තියකි.

ශ්‍රීමතීගේ ලොකු අයියා වන එච්.එන්. ප‍්‍රනාන්දු, ලංකා ගුරු සංගමයේ ලේකම්ව සිටි අතර 1969 දී ත‍්‍රිකුණාමලයේදී විජේවීර හමුවී ඔහු සමග දිගටම සබඳතා පවත්වාගෙන සිටියේය. ජ.වි.පෙ. කැරැුල්ල සමයේ ඔහුව ද අත්අඩංගුවට ගනු ලැබීය.  ඇගේ දෙවන අයියා වන දොස්තර චන්ද්‍රා ප‍්‍රනාන්දුට දේශපාලන සබඳතා නොතිබුණ ද රත්නපුර රෝහලේ සේවය කරද්දී එහි සිදුවූ අයථා ක‍්‍රියා හෙළදරව් කිරීමට පළිගැනීමක් ලෙස යම් කිසිවකු විසින් ඔහු ජවිපෙ සාමාජිකයෙකු බවට ඔත්තු දී ඇති බවත් ඒ අනුව අත්අඩංගුවට පත්වූ බවත් ශ්‍රීමතී කියයි.

වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීම සඳහා බි‍්‍රතාන්‍යයට ගිය දොස්තර චන්ද්‍රා ප‍්‍රනාන්්දුට එහිදී විජේවීර හමුවී ඇත. ශී‍්‍රමතී විවාහ කර ගැනීමට තමා කැමති බව විජේවීර එම අවස්ථාවේදී දොස්තර චන්ද්‍රාට ප‍්‍රකාශ කොට ඇති අතර ඔහු එයට කැමති වී ඇත්තේ අන් කිසිවකුගෙන් විමසීමෙන් තොරවය. තමන්ට ද බි‍්‍රතාන්‍යයට යෑමට අවශ්‍ය ලියකියැවිලි තම අයියා විසින් ඒ වනවිටත් සකස් කර තිබියදී ඒ ගැන සිහින දකිමින් සිටි ශ්‍රීමතී තම සහෝදරයා තමන්ගේ විවාහය තීරණය කොට ඇති බව දැන ගැනීමෙන් කම්පනයට පත් වූවාය.
එච්.එන්. හමුවීමට මොරටුවට පැමිණි අවස්ථාවක ජවිපෙ නායකයාව වරක් ඇයට මුණගැසී ඇති අතර ඇය ඔහු දෙස බැලූවේ ළඟදීම ඔහු තමාගේ සැමියාවනු ඇතැයි යන කිසිදු හැඟීමකින් තොරවය.

‘ඔහු ජවිපෙ නායකයා නිසා ඔහුව දැකගැනීමට මගේ යහළුවන් කිහිප දෙනෙකු ද සමග අපගේ විසිත්ත කාමරයට ගියා’ යැයි ශ්‍රීමතී ප‍්‍රකාශ කළේ ඇය මුල්වරට විජේවීර දුටු අවස්ථාව සිහිකරමිනි. ඇයට සිනහවකින් සංග‍්‍රහ කළ එම වැඩිමහළු රැුවුල්කාර මිනිහාගේ කිසිදු විශේෂයක් තමා නොදුටු බව ඇය කියයි.

‘‘මගේ සහෝදර චන්‍ද්‍රා ගැන මට අද සිතෙන්නේ ඔහු ලෝකයේ සිටින වඩාත්ම අත්මාර්ථකාමී මිනිසා වශයෙනි. රෝහණ තමන්ගේ මස්සිනා කරගෙන ඔහුට අවශ්‍ය වූයේ තමන් ද වැදගත් අයෙකු වීමටයි. ජවිපෙ සාමාජිකයකු නොවූ චන්‍ද්‍රා පක්‍ෂයට මුදලින් අධාර කළ හිතවතෙකු පමණකි. ඔහු තමාගේ මෝටර් රථය පක්‍ෂයට ලබා දුන්නේය. තමා රෝහණගේ පෞද්ගලික වෛද්‍යවරයා බවට ඔහු තමන්ව හඳුන්වා ගත්තේය. මගේ අනාගතය හා ප‍්‍රාර්ථනා කැපකරන්නට මට සිදුවූයේ ඔහුගේ සතුට වෙනුවෙනි.’’ යි ඇය ප‍්‍රකාශ කළාය.

ඇය වඩාත්ම බිය වූයේ ඔහු සමග සිරගත වීමට සිදුවේය කියාය. ‘ජවිපෙ කැරැුල්ල නිසා 1971 දී අපට මුහුණ දෙන්නට සිදුවූයේ ඉතා අමාරු කාලයකටයි. සිරගතවූ ළමයින් දෙදෙනා හරියට නොහැකි බවට ඥාතීන් දොස් පැවරුවේ මගේ මව්පියන්ටයි. පවුලේ ‘චේ ගුවේරා කාරයන්’ (කැරලිකරුවෝ* දෙදෙනකු සිටින බව කියමින් ඔවුන් අප කොන්කළ නිසා එකල අපට සැනසීමක් තිබුණේ නැහැ. එම තත්ත්ව ඇතිකළ තැනැත්තා හා විවාහ නොවී සිටීමට මට අවශ්‍යතාවය තිබුණා.’ යි ඇය කීවාය.

 

rohana-w-familyE

නව ජීවිතය

බලහත්කාරයෙන් සිදුකළ විවාහය නවත්වන්නට කිසිදු ක‍්‍රමයක් නොවූ නිසා ඔහු හා විවාහ වීමට ඇය සිත හදා ගත්තේය. ඔවුන් විවාහ වී විජේවීරගේ උපන්ගම වූ තංගල්ලට ගියේ නව දිවියක් ඇරඹීම සඳහාය.

1971 කැරැුල්ලේදී මියගිය අය සිහිපත් කිරීම සඳහා ජවිපෙ විසින් 1986 අපේ‍්‍රල්වල දිවයින පුරා සංවිධානය කළ සමරු උත්සව වලට ශ්‍රීමතී තම සැමියා සමග සහභාගී වූ පළමු මෙන්ම අවසන් ප‍්‍රසිද්ධ අවස්ථාවයි. ඉන් පසුව දරුවන් වැදීමට ඔවුන් හදාවඩා ගැනීමට සීමා වූ සිරකාර ජීවිතයක් ගත කරන්නට ඇයට සිදුවිය. ඇත්ත තත්ත්වය නම් ස්ත‍්‍රියක් වශයෙන් තමන්ගේ අයිතීන් අහිමි කළ තත්ත්වයක ජීවත්වීමට ඇයට සිදුවීමයි. බොහෝ අවස්ථාවලදී ඇගේ අදහස්වලට පිළිගැනීමක් ලැබුණේ නැත.

සැඟවී සිටි වසර පහක කාලයේදී ඇයට සිදුවූයේ කුඩා දරුවන් පස්දෙනා ද සමඟ ඔහු හා තැනින් තැන යන්නටය. හමුදාවෙන් හෝ පොලිසියෙන් හෝ අත්අඩංගුවට ගනු ඇතැයි බියෙන් ජීවත්වන ස්ථාන වෙනස් කරනවිට ඔවුන්ට අයිති සියලූ බඩු භාණ්ඩ සූට් කේසයක රැුගෙන ගියෝය.

ජවිපෙ මධ්‍යම කාරක සභිකයකුව සිිටි එච්.එන්. ඔහුගේ ලංකා ගුරු සංගමය ජවිපෙන් ඉවත් කර ගැනීමට 1986 ජූලි මස මැද දී තීරණය කිරීම ජවිපෙට ප‍්‍රශ්නයක් විය. ‘එච්.එන්. පක්‍ෂය පාවාදී ඇති නිසා මා දික්කසාද කරන ලෙස මධ්‍යම කාරක සභාව ඉල්ලා සිටි බව රෝහණ මට කීවා. කමිටුව රෝහණගෙන් විමසා තිබෙන්නේ එච්.එන්. ඒ ආකාරයෙන් පක්‍ෂය පාවා දුන්නා නම් ඔහුගේ සහෝදරියත් යම් දවසක පක්‍ෂය පාවා නොදෙනු ඇතැයි ඔවුන් විශ්වාස කරන්නේ කොහොමද යනුවෙනි. නමුත් මා හිතන්නේ ඒ වනවිට මා ගැබිනියක්ව සිටි නිසා රෝහණ කමිටුවේ තීරණය නොපිළිගත් බවයි. ආරම්භයේ සිටම ජවිපෙ මට නරක ලෙස සැලකීමට පටන් ගත්තා.’යි ඇය ප‍්‍රකාශ කළේ සැලෙන හඬකිනි.

නොතකා හරිනු ලැබූ ස්ත‍්‍රියක් ලෙසත්, විජේවීර තමන්ව දික්කසාද කළ යුතුය යන පක්‍ෂයේ තීරණය නිසා හැඬූ කඳුළිනුත් සිටි ශ්‍රීමතී වසර නවයකට පමණක් සීමාවූ විජේවීර සමග විවාහයෙන් දරුවන් හය දෙනෙකු බිහි කළාය.

දරුවන් 12 දෙනෙකු හදන්නට ඔහුට අවශ්‍ය වුණා. මගේ හඬට කන්නොදෙන බව තේරුණු නිසා මම ඒ ගැන කිසිවක් කීවේ නැහැ. ළමයින්ට ආදරේ කළ ඔහු ළමයින් වෙනුවෙන්  ඕනෑම දෙයක් කරන්නට සූදානම්ව සිිටියා. පවුල් ජීවිතය දේශපාලනයෙන් වෙනස්ව පවත්වාගන්නට රෝහණට අවශ්‍ය වුණා. ඔහු කිසි දිනෙක මා සමග දේශපාලනය කතා කළේ නැහැ.’යි ඇය හෙළි කළාය.

සිරගත කළ ජීවිතය

1983 දී ජවිපෙය තහනම් කිරීමට පෙර සිට විජේවීර ජීවත්වූ සෑම නිවසකම ශ්‍රීමතීව තබාගත්තේ සිරගත කළ තත්ත්වයකය. ඇයට පැවරී තිබුණේ ළමයින්ගේ ප‍්‍රශ්න ගැන බලාගැනීම පමණකි. විවාහ උත්සව හෝ ප‍්‍රියසාදවලට සහ පවුලේ හමුවීම්වලට සහභාගී වීමට කිසිදු අවස්ථාවක් නොමැතිව ඇයට සිදුව තිබුණේ තම කාමරයට සීමාවූ ජීවිතයක් ගත කරන්නටය. පිටස්තරයෙන් හෝ ඥාතීන් සමග කිසිදු සම්බන්ධයක් පවත්වාගැනීම ඇයට තහනම් විය.

නිවසේ සේවිකාවක් ලෙස කටයුතුකල විශ්වාසවන්ත ජවිපෙ සාමාජිකාවන් ඉවුම් පිහුම්, රෙදි සේදීම, පිරිසිදු කිරීම් සහ ගෙවතු වැවීමේ කටයුතු කළ අතර රියදුරු හා මුරකරු ලෙස සිටියේ විශ්වාසවන්ත පිරිමින් දෙදෙනෙකි.

‘අප විවාහ වූ අලූත එක් අවස්ථාවක ඥාතියකුගේ විවාහ උත්සවයකට යන්නදැයි මම රෝහණගෙන් ඇහුවා. හෝටල්වල මංගල උත්සවවලට ජවිපෙ අය සහභාගී වන්නේ නැතැයි කේන්තියෙන් පැවසූ ඔහු මට එහි නොයන ලෙස කීවා. ඉන් පසුව මම කිසි දිනෙක එම ප‍්‍රශ්නය ඇසුවේ නැහැ.’ කියන ශ්‍රීමතී වැඩිදුරටත් කීවේ ඇය නිවසින් පිටතට ගියේ ළමයින් වදන්නටත් ඔවුන්ට බේත් හේත් හා නිතිපතා දියයුතු එන්නත් ආදිය ලබාදීම සඳහා පමණක් බවයි.

මෙම ගමන්වලදී ඇගේ සැමියා ඇය හා නොගිය අතර ඇය ගියේ රියැදුරු, නිවසේ සේවිකාවක හා මුරකරු සමගය.
1983 කළු ජූලි කෝලාහළයෙන් පසුව ආණ්ඩුව ජවිපෙ තහනම් කරන්නට පෙර ඔවුන් ජීවත්වූයේ මොරටුවේ ඔවුන්ගේ පවුලේ නිවසෙහිය. එහි සියලූම විවෘත වැරන්ඩා හාඞ්බෝඞ් ගසා වසා දැමීමට ක‍්‍රියාකළ විජේවීර ගේ්ට්ටුවට ඉබ්බකු දැමීය. ශ්‍රීමතීගේ පියා සිිටියදී මේවා විවෘතව තිබිණි. විජේවීර මෙසේ කළේ ජවිපෙ නායකයා ලෙස ආරක්‍ෂාව තහවුරු කරගන්නට වුවද අසල්වැසියන් මෙය දුටුවේ වෙනත් ආකාරයකටය. ඔවුහු කෙලින්ම ඔහුව විවේචනය කළේ ජවිපෙ සාමාජිකයන් ජනතාවගේ සේවකයන් බව කියාගත්ත ද ඔවුන් සාමාන්‍ය ජනයාගෙන් දුරස්ව සිටින බව කියමිනි.

විජේවීර සමග ප‍්‍රශ්න සාකච්ඡුා කරන්නට පක්‍ෂ සාමාජිකයන් පැමිණෙන විට දරුවන් සමග කාමරයට යන ලෙස ශ්‍රීමතීට උපදෙස් ලැබිණි. ඔහුගේ මෙම නියෝග දෙන ආකාරයට ඇය ටිකෙන් ටික හැඩ ගැසුණේ කිසිදු විරෝධය දැක්වීමකින් තොරවය.

 

[vsw id=”/hgdx6lCc-2s” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

1983 ජූලි කෝළාහළ

1983 ජූලි ජාතිවාදී කෝළාහළ ආරම්භ වී තත්ත්වය නරක අතට පත්වනවිට තංගල්ලට යාමට තීරණය කළ විජේවීර ශ්‍රීමතීට උපදෙස් දුන්නේ ඊෂා හා චර්ශා දරුවන් දෙදෙනාත් ඔවුන්ගේ බඩු බාහිරාදියත් සූදානම් කරගන්නා ලෙසයි. දෙමළ ජනයාගේ නිවාස, වාහන සහ බඩුභාණ්ඩ වෙලාගත් ගිනිදැල් මැදින් ඔවූහු තංගල්ල බලා ගියහ. ඔවුන් සමග වාහනයේ සිටි සෝමවංශ අමරසිංහ කළුතරදී වාහනයෙන් බැස ගියේය.

ශ්‍රීමතී සහ දරුවන් දෙදෙනා තංගල්ලට ඇරලවූ විජේවීර ඔහුගේ සහෝදරයාට හා සහෝදරියට උපදෙස් කිහිපයක් දී ඉක්මණින්ම ඉවත්ව ගියේය. ඉන්පසුව මාස පහකට වැඩි කලක් යනතෙක් ඇයට ඔහු මුණ ගැසුණේ නැත.
මේ අතර සතියක් පැවැති කෝළාහළවලින්  පසුව ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව වමේ පක්‍ෂ වන කොමියුනිස්ට් පක්‍ෂය. ජවිපෙය හා නව සමසමාජ පක්‍ෂය තහනම් කළේ ජාතිවාදී කෝළාහළ ඇතිකිරීමට ඔවුන්ගේ සම්බන්ධයක් ඇති බව ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් නොතිබියදීය.

මෙම තත්ත්වය තුළ විජේවීර සැඟවී සිටියදී කොළඹින් හා තංගල්ලේ නිතර නිතර විජේවීරගේ නිවසට ගිය පොලිස් කණ්ඩායම් විජේවීර සිටින තැන ගැනත් වෙනත් දේශපාලන කාරණා ගැනත් ශ්‍රීමතීගෙන් ප‍්‍රශ්න කළේය.

‘මා කිසිදෙයක් නොදන්නා බව කියන විට ඔවුන් මාව විශ්වාස කළේ නැහැ. සාමාන්‍යයෙන් බිරිඳක් තම සැමියාගේ සෑම කටයුත්තක්ම දන්නා බව කියූ ඔවුන් මා බොරුකියන බවට සැකකළා. රෝහණ මා සමග කිිසිදෙයක් කතා නොකළ බව කියන විට ඔවුන් මා සැකකළා. මා ඉතා කපටි ගැහැණියක් බව නිලධාරීන් කියනවා මට ඇසුණා. ඒත් ඇත්ත දැන සිටියේ මා පමණයි.’ යැයි ශ්‍රීමතී කීවේ තමන්ට ශාරීරිකව හිංසා නොකළ ද පොලිස් නිලධාරීන්ගේ දැඩි ප‍්‍රශ්න කිරීම්වලට ලක්වන්නට ඇයට සිදුවූ ආකාරය සිහිපත් කරමිනි.

විජේවීර අතුරුදන්වී මාස කිහිපයකට පසුව කාන්තා නිලධාරීන් ද ඇතුළු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඇය හා ඔහුගේ සොහොයුරා හතරවන තට්ටුවට රැුගෙන ආවේ ප‍්‍රශ්න කිරීම සඳහාය. පැය ගණනක් කළ ප‍්‍රශ්න කිරීම්වලදී ඔවුන් නැවත නැවතත් විමසුවේ එකම ප‍්‍රශ්න මාලාව වන අතර ඇය දුන්නේ කලින් දුන් පිළිතුරුමය. ඇය දිගටම කීවේ ඔහු සිටින තැනක් තමන් නොදන්නා බවයි.

_78944549_cheE

 

නැවත එකතු වීම හා අනන්‍යතා

තම සොහොයුරා සහ සොයුරිය සමග සබඳතා පවත්වාගෙන ගිය විජේවීර තම පවුල බෙලිඅත්තේ සිටීම ගැන ඇති බිය නිසා ඔවුන් හපුතලේට රැුගෙන එන ලෙස තම සොයුරාට උපදෙස් දුන්නේය. වෑන් රථය හපුතලේ නතර කළ විට රැුවුලක් නැති සහ කොණ්ඩය කොටට කැපූ අයකු වාහනයට ගොඩවිය. ඒ විජේවීර බව ශ්‍රීමතී හඳුනාගත්තේ ඔහුගේ කටහඬින් පමණකි. එය මාස පහකට පසුව නැවත එකතු වූ අවස්ථාවයි. ඒ වනතෙක් ඔහු තණමල්විල කැලෑවේ සැඟවී සිටියේය.

එම දිනයේ පටන් විජේවීර යුවළ අත්තනායක මුදියන්සේලාගේ ශාන්ත විමලසිරි සහ සමරකෝන් ආරච්චිලාගේ පි‍්‍රයානි චන්දිමා බවට පත්වූහ.

තමන් වැවිලිකරුවෙකු ලෙස හඳුන්වාගත් ශාන්ත විමලසිරි තමන්ගේ පවුල සමග ජීවිතය පටන්ගත්තේ නුවරඑළියේ වතු බංගලාවකිනි. විජේවීර තමන් සිිටින ස්ථාන නිතර වෙනස් කළ නිසා ඔවුන් එහි සිටියේ මාස කිහිපයක් පමණකි. නැවතත් තංගල්ලට ගිය ඔවූහු පසුව බලංගොඩ රාස්සගල තේ වත්තකට ගියහ. විජේවීර සඳහා පක්‍ෂය මිලට ගත් හල්දුම්මුල්ලේ නිවසකට ගිය ඔවූහු එහි වසර තුනක් ජීවත් වූහ. ශ්‍රීමතී තම තෙවැනි සහ සිව්වැනි ¥වරුන් බිහිකළේ එහිදීය.

සෝමවංශ අමරසිංහ, උපතිස්ස ගමනායක යන ජවිපෙ දේශපාලන මණ්ඩල සාමාජිකයන් හා තවත් විශ්වාසවන්ත ජවිපෙ සාමාජිකයන් කිහිප දෙනෙකු විජේවීර හමුවීමට පැමිණියහ. මෙම කාලයේදී ඔහු ඔවුන් සමග ගියේ ජවිපෙ මාසික දේශපාලන මණ්ඩල රැුස්වීමට හා සංවිධාන කටයුතු සඳහාය.

‘අත්තනායක පවුල’ ලෙස පෙනී සිටිමින් ප‍්‍රදේශයේ පවුල් දෙකක් සමග පමණක් සබඳතා පැවැත්වූ විජේවීර පවුල හදිසියෙන්ම ප‍්‍රදේශයෙන් ඉවත්ව ගියේ එක් නිවෙසක වූ සොරකමක් ගැන පොලිසිය ශ්‍රීමතීගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසුවය. පසුදින පොලිසිය අත්තනායක නිවස පරීක්‍ෂා කළ අතර එයින් විජේවීර කැළඹීමට පත්විය. ගමනායකගේ උපදෙස් අනුව විජේවීර ශ්‍රීමතීට කීවේ වහාම පිටව යෑමට සූදානම් වන ලෙසයි.

ඔවුන්ගේ ඊළඟ සැඟවුණු ස්ථානය වූයේ ලෙව්වේගොඩ වත්තයි. එය පිහිටා තිබුණේ බණ්ඩාරවෙල නෙළුව වත්ත ආසන්නයේය. අක්කර 13කින් යුත් වත්ත අලංකාර වටපිටාවක පිහිටා තිබූ අතර එහි හිමිකරුව සිටියේ රෙජිනෝල්ඞ් පැටි‍්‍රක් නැමැත්තෙකි. විජේවීරගේ දරුවන් විසින් ‘රෙජී මාමා’ ලෙස හැඳින්වූ රෙජිනෝල්ඞ් යනු සෝමවංශ අමරසිංහයි. ඔහු වත්තේ සේවකයන්ට ශ්‍රීමතී හඳුන්වා දෙන ලද්දේ තම සහෝදරිය වශයෙනි.

ලෙව්වේගොඩ වත්තේ තිබූ විශාල බංගලාවක්වන කටුනේරිය වලව්වේ අඩක, වත්තේ සේවකයන් පදිංචිව සිටි අතර ඉතිරි අඩ වෙන්වූයේ අත්තනායක පවුල සඳහාය. බණ්ඩාරවෙල පොලිසියේ නිලධාරීන් නිතර මෙම වත්තට පැමිණියේ එම වත්තේ තිබූ විශාල ඇන්තූරියම් වගාවෙන් ඇන්තූරියම් මල් මිලදී ගැනීමටය. මෙය විජේවීරට තම සැඟවුණු ස්ථානය නැවත වෙනස් කිරීමට හේතුවක් විය.

උපතිස්ස ගමනායකගේ නිවසත්, පාදුක්කේ ප‍්‍රබල ජවිපෙ ආධාර කරුවෙකුගේ නිවසත් ඇතුළු ස්ථාන ගණනාවක ඔවූහු නැවතී සිටියහ. ඉන්පසුව මෙම වෙස් වලාගත් පවුල උලපනේ කුඩා වතු බංගලාවක ජීවත්වීම ආරම්භ කළහ.

වැවිලිකරුවකුගේ මූල්‍ය තත්ත්වයට ගැළපෙන ලෙස ගෘහභාණ්ඩ ගැනීමට පක්‍ෂය අපට ආධාර කළේය. මිල අධික මත්පැන් බෝතල් සමග කුඩා බීමහලක් එහි සකස් කළේ මත්පැන් පානය නිසා තරමක් අසනීපයෙන් සිටිය ද අත්තනායක තදින් බීමට ඇබ්බැහිවූවකු බව පෙන්නුම් කිරීම සඳහාය. අපගේ වැඩිමල් දියණියන් දෙදෙනා ගමේ ප‍්‍රාථමික පාසලෙන් අධ්‍යාපනය ලැබීම ආරම්භ කලා. පවුල තැනින් තැන ගිය නිසා මූලික අධ්‍යාපනය නොලැබුණු ඔවුන්ට ඉගැන්වීම සඳහා උලපනේ සිට ගුරුවරයෙක් එහි පැමිණියා. උලපනේදී සාමාන්‍ය ජීවිතයක් ගතකළ අප බැලීමට ගමනායක, රෙජී සහ තවත් කිහිප දෙනෙක් පැමිණියේ සාකච්ඡුා සඳහායි. ඔවුන් සමග රෝහණ සති ගණන් ඒ සඳහා පිටව ගොස් සිටියා’යි ශ්‍රීමතී කීවේ ඔවුන්ගේ එම දිවියේ අවසන් දවස් සිිහිපත් කරමිනි.

 

peradaveemataE

ආදරණීය පියෙක්

විජේවීර නිවසේ සිිටින විට ඔහු තම දරුවන්ට සුරංගනා කතා සහ ඇතැම් ශ්‍රී ලාංකික ජනකතා කියාදීමක් කළ බවත් නිදන අවස්ථාවේදී කතා කියැවීමට ප‍්‍රියකළ බවත් ශ්‍රීමතී ප‍්‍රකාශ කළේය. ඔහු දිනපතා පැය දෙකක් ඔවුන්ට ඉංග‍්‍රීසි ඉගැන්වීය.

‘ඔහු තමන්ගේ දරුවන්ට ගොඩක් ආදරය කළා. තම දරුවන් හැමවිටම ඔහු සමග සිටීම ඔහුට අවශ්‍ය වුණා. පොඩි කාලයේ අපේ ලොකු දුව තරමක් දඟකාරයි. ඇය නරක වැඩ කරන විට විජේවීර ඇයට තදින් සැළකුවා’ යි ශ්‍රීමතී පැවසීය.

ළමයින්ගේ කතාපොත් ඉංගී‍්‍රසි ළමාපොත් හා විශ්වකෝෂයක් හැරුණු විට අත්තානයකගේ නිවසේ වෙනත් පොත් කිසිවක් තිබුණේ නැත. සති අන්ත පුවත්පත් දෙකක් කියැවූ ඔහු විවේක ඇතිවිට රූපවාහිනී ප‍්‍රවෘත්ති නැරඹීය.

ගමනායක සහ සමන් පියසිරි ප‍්‍රනාන්දු සමග විජේවීර තමන්ගේ සතියක් පමණ දිග සාමාන්‍ය මාසික ගමන එවර ආරම්භ කළේ නොවැම්බර් මස මුලදීය. ශ්‍රීමතී කියන ආකාරයට ඔවුන් තම ගමන ආරම්භ කරන්නේ රෙජීගේ වත්තේ පවත්වන සාකච්ඡුාවකින් පසුවය.

නෙළුව වත්තේ කළමනාකරුව සිටි රෙජීගේ මිත‍්‍රයා ඔවුන්ගේ කෙනෙකුට පවසා තිබුණේ වත්තට ජවිපෙ කඩා පැන්න බව සහ වතුකම්කරුවන් ගණනාවක් ඝාතනය කළ බවයි. එදින රෙජී වත්තට නොපැමිණි බව ඔහු තහවුරු කළේය. එම ප‍්‍රහාරය කළේ හමුදාවෙන් වුවද කළමනාකරු සිතුවේ එය ජවිපෙ කළ ප‍්‍රහාරයක් බවයි. සතියක් පිට සිටිනවා වෙනුවට විජේවීර දින දෙකකින් ආපසු පැමිණියේ ගමනායක සහ සමන් පියසිරි ප‍්‍රනාන්දු සමගය.

ගේට්ටුව ළඟ සිටගෙන ඔවුන් විනාඩි 45ක් පමණ යම් දෙයක් සාකච්ඡුා කළා. ඔවුන්ගේ හඬින් මට තේරුම් ගියේ ඔවුන් බැ?රුම් සාකච්ඡුාවක යෙදුණු බවයි. කිසිවකු දැකීමට පෙර ඉක්මණින් නිවසෙට පැමිණෙන විජේවීර නිවසින් පිටත මෙසේ රැුඳී සිටීම ද අසාමාන්‍ය සිදුවීමක්. ඊළඟට ඔහු වත්තට පැමිණියා. මා ඒ මොහොතේ සිටියේ වත්තට මුුහුණලා ඇති ජනේලය ළඟයි. මොනවාහරි ප‍්‍රශ්නයක් දැයි ජවිපෙ ගෑනු ළමයින් දෙදෙනා ඔහුගෙන් විමසූ විට ඔහු කීවේ ‘අපි හැම තැනටම ගියත්, එන්න  ඕනෑ විදිහට රෙජී ආවේ නැහැ. ඔහු නෙළුවෙත් නැහැ. මෙය අසාමාන්‍ය සිදුවීමක් යනුවෙනි. එවිට ගමනායක හා වෙනත් අය රෝහණගෙන් ඉල්ලූවේ එදින රාත‍්‍රියේ නිවසේ නොරැුදෙන ලෙසයි. එයට එකඟ වූ ඔහු අපේ කාමරයට පැමිණියේ දරුවන් දකින්නයි. දරුවන් දුටු පසුව ඔහු තමන්ගේ අදහස් වෙනස් කළා.

අනෙක් අයට යන්න කියා ඔහු කීවේ එදින රැුය අප සමඟ සිට පසුදා එන බවයි’ කියන ශ්‍රීමතී තවදුරටත් කියන්නේ විජේවීර දරුවන් සමග ගතකරන අන්තිම රාත‍්‍රිය වේයැයි තමන් කිසිසේත් නොසිතූ බවයි.

රාත‍්‍රියේ පරීක්‍ෂාවෙන් සිටින ලෙස ඔහු ගැහැණු ළමයින් දෙදෙනාට උපදෙස් දුන්නේය. කලබලවී සිටියත් ඔහු ළමයින්ට කතා කියා දීමත් කෑම කැවීමත් සිදුකළේය.

හමුදාවෙන් අල්ලා ගැනීම

ඊළඟ දිනයේ දහවල් ආහාරයෙන් පසුව ඔහු පුවත්පතක් බලමින් සිටියදී මුරකරු ගේ්ට්ටුව විවරකළේ විජේවීර රැුගෙන යාමට ගමනායක සහ සමන් පැමිණෙන බව සිතමිනි. නොදන්නා වෑන් රථයකින් කිසිවකු පැමිණෙන බව දුටු විජේවීරට ඇතිවූ සැකය නිසා ඔහු ඉක්මණින්ම ඇවිද ගියේ පිටුපස මිදුලටයි. දුහුවිලි නගන බොරළු පාරේ වේගයෙන් ඇතුළට පැමිණි වාහනයෙන් බැසගත් නිල ඇඳුම්ලාගත් කිහිපදෙනෙකු විජේවීර අල්ලා ගත්තේය.

කර්නල් ජානක පෙරේරා, කැප්ටන් ගාමිණී හෙට්ටිආරච්චි සහ කරුණාරත්න ඇතුළු හමුදා නිලධාරීන් විජේවීරව නිවසින් රැුගෙනවිත් ඉල්ලා සිටියේ ඔහු විජේවීරදැයි හඳුනාගැනීම සඳහා උපැස් පළඳින ලෙසයි. තමන් විජේවීර බව පිළිගත් ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ බිරිඳ හා දරුවන් අහිංසක නිසා ඔවුන්ට කිසිදු හානියක් නොකරන ලෙසයි.

පැය භාගයක තරම් කාලයක් තිස්සේ ඔහු නැවත නැවත මන්ත‍්‍රයක් ලෙස කීවේ ‘කරුණාකර මගේ බිරිඳට හා දරුවන්ට හානි කරන්න එපා’ යනුවෙනි.

ඔහු ඔවුන්ගෙන් විමසුවේ ඔවුන් පැමිණියේ මහනුවර සිටද යනුවෙනි. ඔවුන් කීවේ තමන් හමුදාපති ජෙනරාල් හැමිල්ටන් වනසිංහගේ උපදෙස් මත කොළඹ සිට පැමිණි බවයි.

‘කිසිදු ඉහළ හමුදා නිලධාරියකු හමුවීමට ඔහුට අවශ්‍ය නැති බවත්, නමුත් ප‍්‍රධාන දේශපාලනඥයකු හමුවීමට අවශ්‍ය බවත් ඔහු කියනවා මට ඇසුණා. ඒ මොහොතේ ඔහු ඇඳ සිටි සරම හා ටී ෂර්ටය ඇඳගෙන ඔවුන් සමග යාමට ඔහු එකඟ වුවද නිලධාරීන් මට කීවේ ඔහුට මදින ලද කමිසයක් හා කලිසමක් ලබාදෙන ලෙසයි’. ශ්‍රීමති තම මතකය අවදි කළාය.

ශ්‍රීමතීන් ඇගේ දරුවනුත්, ජවිපෙ සාමාජිකාවන් දෙදෙනාත් ඔහුට දන නමස්කාරකොට සමු දුන්නෝය. විජේවීර අත්අඩංගුවට ගත් බවට ප‍්‍රවෘත්තිය කිසිවකුට ලබානොදෙන ලෙස ජානක පෙරේරා ඉල්ලා සිටියේය. වෑන් රථයට නැග විජේවීර එය ගේට්ටුව පසුකරන්නට පෙර ඉල්ලා සිටියේ ශ්‍රීමතීට වැදගත් පණිවිඩයක් කියන්නට ඉඩදෙන ලෙසයි.

1989 නොවැම්බර් 12දා ඔහු ශ්‍රීමතීට දුන් අවසන් උපදේශය වූයේ ‘කරුණාකර මගේ දරුවන්ට හොඳින් උගන්වන්න. ඔවුන්ගේ ආගම වෙනස් කරන්නට එපා’ යන්නයි.

ඉන්පසුව ජවිපෙ සාමාජිකාවන් අමතා ඔහු කීවේ කළු මල්ලී (ගමනායකට* කතාකොට වෑන් රථයක් කුලියටගෙන පාදුක්කට යන ලෙසයි. එහි ප‍්‍රබල ජවිපෙ සාමාජිකයකුගේ නිවසෙහි රැුදී සිටීමට ඔවුහු පුරුදුව සිටියහ. මොරටුවේ තම නිවසට යන බව ශ්‍රීමතී කී විට ජානක පෙරේරා කීවේ එය පවුලේ අයට ආරක්ෂාකාරී ස්ථානයක් නොවන නිසා එහි නොයන ලෙසයි.

රෝහණ විජේවීර මරාදැමීම

වෑන් රථය වත්ත හරහා වේගයෙන් ගමන් කළේය. ශ්‍රීමතීත්, දරුවන් පස්දෙනාත්, විජේවීරගේ මවත් පාදුක්කට පැමිණියහ. පසුදින හවස් වනවිට විශේෂ ප‍්‍රවෘත්තියක් ලෙස වාර්තාවූයේ රෝහණ විජේවීර වෙඩිතබා මරා දැමූ බවයි.

ඔහුගේ මවට කලන්තය වැළදුණ අතර ශ්‍රීමතී හැඬුවාය. රූපවාහිනියේ පෙන්වූ රැුවුල්කාර මිනිසා තම පියා බව හඳුනා නොගත්ත ද ඊෂා හා චර්ශා කුඩා දියණියන් දෙදෙනා හැඬුවේ තම මවත් ආච්චිත් හඬන නිසාය.

‘ඔහුව මරා දමනු ඇතැයි රෝහණ කිසිවිටෙක සිතුවේ නැහැ. ඔහුට අවශ්‍ය වූයේ පක්ෂයේ තහනම ඉවත්කර ගැනීමට දේශපාලන මැදිහත්වීමක් කරගැනීමයි. ඒත් එකල පැවති රජය ඔහුව තබා නොගත්තේ ඔහු නිදහස් කරන ලෙස විශාල ජාත්‍යන්තර බලපෑමක් ඇතිවීමට ඉඩකඩ තිබූ නිසාය. ඔහුට යමක් සිදුවන බවත්, මා ඔහු දකින අවසන් මොහොත එය විය හැකි බවත් ඒ මොහොතේ මට හිතුනා’යි ශ්‍රීමතී කීවේ හැඟීම්බරවය.

ශ්‍රීමතී කීවේ තමා රෝහණ තම අවසන් පණිවිඩය නිකුත් කරන ආකාරය තමන් රූපවාහිනියෙන් දකිනවිට ඔහු සිටියේ අඩක් මරණයට පත්වූ ආකාරයෙන් බවත් ඔහුට තදින් පහරදී හා වධ දී තිබූ බවත්ය.

‘මගේ සැමියාගේ මරණය ගැන පරීක්ෂණයක් ලබාගැනීමට මට අවශ්‍ය වුණා. අත්අඩංගුවට පත්වන විට ඔහු සිටියේ අවි ආයුධ කිසිවක් නොමැතිවයි. පසුව මට දැනගන්නට ලැබුණේ ඔහු පණපිටින් පුච්චා ඇති බවයි. මාස තුනකට පෙර මම පොලීසියේ පැමිණිල්ලක් දැම්මා. නමුත් තවමත් කවුරුවත් මට කතා කළේ නැහැ.’ ශ්‍රීමතී චෝදනා කළාය.

කුරිරු මරණය ගැන තවමත් කඳුළු සලන ඇයට තම සැමියාගේ මරණ සහතිකයක්වත් තවමත් ලැබී නැත. පසුව ඇයට දැනගන්නට ලැබී ඇත්තේ ගමනායකත් විජේවීරගේ අනෙකුත් කිට්ටුවන්තයනුත් මරාදමා ඇති බවයි. ඉතිරි වූයේ රෙජිනෝල්ඞ් පැටි‍්‍රක් පමණකි.

පවුලේ අයගේ යටත්වීම

විජේවීරගේ පවුලේ උදවියට යටත්වන ලෙස රජය කළ ඉල්ලීමත් සමග මුලදී ඔවුන්ට හොඳින් සැලකූ පාදුක්ක නිවසේ අයත් වෙනස්කම් කරන්නට පටන් ගත්තේය. විජේවීරගේ පවුලට රැුකවරණයදීම ගැන තමන්ව ද අත්අඩංගුවට ගනු ඇතැයි බිය වූ ඔවුන් ඒ වනවිටත් තුන් මස් ගැබිණියක්ව සිටි ශ්‍රීමතීගෙන් ඉක්මණින්ම නිවසින් පිටවන ලෙස ඉල්ලා සිිටි අතර ආහාර ලබාදීම ද නවතා දැමීය.

‘මට යටත්වීමට අවශ්‍ය බව දන්වා මම හමුදාවට සහ පොලිසියට ලියුම් තැපැල් කළා. රෝහණ මා සමග කිසිදෙයක් කතාකොට නැති නිසා ඊළඟට කරන්නේ කුමක්ද යන්න ගැන මට කිසිම දැනීමක් තිබුණේ නැහැ. වසර ගණනාවක් ඔහු සමග සැඟවී ජීවත්වූ මට අත්ව තිබුණේ මගේ දරුවන් පස්දෙනා හා උපදින්නට සිටින දරුවාගේත්් මගේත් අනාතය පිළිබඳ අවිනිශ්චිත හැඟීමක්. ඔහුගේ මරණයට මාස කිහිපයකට පෙර මම මේ ප‍්‍රශ්නය රෝහණගෙන් ඇසූ විට ඔහු කේන්තියෙන් කීවේ මා අශුභවාදීව සිතන බවයි. මා සිතන්නේ ඔහු මරණයට සූදානම්ව නොසිටි බව හා නැවතත් ප‍්‍රධාන ධාරාවේ දේශපාලනයට පැමිණීමට ඔහුට අවශ්‍යව තිබූ බවයි. මට දේශපාලන රැුකවරණ ලබාගත හැකිවෙනු ඇතැයි මං දැන සිටියේ නැහැ. එම නිසා දේශපාලන රැුකවරණ ඉල්ලා තානාපති කාර්යාලයකට යනවා වෙනුවට මා හමුදා මූලස්ථානයට ගියේ යටත්වීමටයි. එම වැරදි තීරණය ගැනීම ගැන දැන් මට ඇත්තේ පසුතැවීමක්.’ ඇය කීවාය.

පළමුවන වතාවට ජීවිතයේ තීරණ ගැනීමේ අයිතිය හිමිවූ ඇය තීරණය කළේ දරුවන් පස්දෙනාත්, විජේවීරගේ මවත් සමග හමුදාවට යටත්වීමටය. හමුදාපති හැමිල්ටන් වනසිංහ, 1989 දී ජවිපෙට එරෙහිව අවසන් සටන මෙහෙයවූ මේජර් ජනරාල් සිසිල් වෛද්‍යරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් සේපාල ආටිගල, බි‍්‍රගේඩියර් ලකී අල්ගම යන ඉහළ හමුදා නිලධාරීන් ද ජනාධිපති ලේකම් කේ.එච්.ජේ. විජේදාස මහතා ද ඔවුන්ට හමුදා මූලස්ථානයේදී මුණ ගැසිණි.

‘දුරකථනයෙන් මා ඇමතූ ජනාධිපති පේ‍්‍රමදාස මහතා කීවේ තමන් කොළඹින් පිට උත්සවයකට සහභාගී වී සිටින නිසා අප හමුවීමට නොහැකි බවත්, රෝහණ මියගියේ ඔහු තමන්ට ඇහුන්කන් නොදුන් නිසා බවත්ය. එයින් ඔහු අදහස් කළේ කුමක්දැයි මම නොදනිමි. කෙසේ වෙතත් පවුලේ ආරක්ෂාව සපයන බවට ඔහු පොරොන්දු විය. ඊළඟ දිනයේ අපවත් පාර්ලිමේන්තුවට රැුගෙන ගියේ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා මුණගැසීම සඳහාය. එවකට ආරක්ෂක ඇමැති රංජන් විජේරත්න, හමුදාපතිවරුන්, පොලිස්පති කේ.එච්.ජේ. විජේදාස මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානීන් ඉදිරියේ එතුමා කීවේ ‘නයාගේ පැටවුණුත් දවසක නයි බවට පත්වෙන බව කියමින් විජේවීරගේ පවුලම මරාදමන ලෙස ඉල්ලා තමන්ට ඇමතුම් දහස් ගණනක් ලැබුණු බවයි. මරනවා යන්න දැන සිටි ඊෂා හා චර්ශා මගේ පසුපසට දිවගොස් හැංගුණේ බියවීම නිසයි. ඔහු කීවේ විජේවීර තමන්ගේ පාක්‍ෂිකයන් විශාල ගණනින් මරා දැමුවත් ඔහු අපව ආරක්ෂා කරන බවයි. ශ්‍රීමතී මතක් කරන්නේ විජේවීරගේ දරුවන් ලෙස ගැරහුම් ලබනවාට වඩා එදා තම පවුලම මරා දැමුවා නම් හොඳ යැයි තම දරුවන් දැන් කියන බවද ප‍්‍රකාශ කරමිනි.

විප්ලවාදී නායක විජේවීර සමග එකට ජීවත්වීමට ඇයට පහසු කටයුත්තක් වූයේ නැත. විජේවීර සමග තම ජීවිතය වැදගත් බවට පත්කර ගැනීමට මෙම අහිංසක, සරල නමුත් අධිෂ්ඨානයෙන් යුතු ගැහැණියකට හැකිවූයේ දැඩි ඉවසීම, යටහත් බව හා කැපවීම නිසාය.

වෛද්‍ය විද්‍යාව, රුසියානු දේශපාලනය පිළිබඳ ඔහුගේ දැනුම් සම්භාරයකි. විප්ලවවාදී ක‍්‍රියාකාරීත්වයක් ගැන මා දැන ගත්තේ පුවත්පත්වල ලිපිවලින්. ඔහුට ප‍්‍රංශ බස හා දෙමළ ඇතුළු භාෂා පහක් කතා කිරීමේ හැකියාව තිබුණා. ඔහු විප්ලවාදියකු වුවත් මට ඔහුව දැනෙන්නේ මගේ කැමැත්තට එරෙහිව මා විවාහ කරගත් හා වසර නවයක් මා සිරකොට තබාගත් තැනැත්තෙක් වශයෙන්. එසේ වුවත් මම තවමත් ඔහුට ගෞරව කරනවා. ඉතා කුඩා ළමයින් හයදෙනෙකු හදාවඩා ගනිමින් ඔහුගේ අවසන් ඉල්ලීම යථාර්ථයක් කිරීමට මගේ සැබෑ සටන ආරම්භ වූයේ ඔහුගේ මරණයෙන් පසුවයි.’ යනුවෙන් ඇය කීවේ විජේවීර ගොඩනැගූ ජවිපෙට තමන්ට විවිධ ආකාරයෙන් නරක ලෙස සැලකූ නිසා තමා හෝ තම දරුවන් කිසිවකු හෝ එම පක්ෂයෙන් දේශපාලනය කිරීමට සූදානම් නැති බවයි.

විජේවීර තමන්ට කිසිදා ධනයක් ඉතිරිකර ගොස් නැති නිසා 26 වසරක් හමුදා කඳවුරුවල දිවිගෙවා ශ්‍රීමතීට දැන් ඇත්තේ එකම සිහිනයකි. ඔවුන්ට යන්නට තැනක් නැති නිසා තමන්ටත්, තම දරුවන්ටත් ජීවත්වීමට තමන්ගේම නිවසක් ගන්න එම සිහිනයයි.

‘වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් මාස හයක් රැුඳී සිටීමට ඉඩදීම ගැන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ස්තුතිවන්ත වන නමුත් ලබන වසරේ මාර්තු මාසයෙන් පසුවත් අපට යන්නට තැනක් නැහැ. අපගේ ඉරණම ගැන ජනාධිපතිතුමා කටයුතු කරනු ඇතැයි යන්න මගේ බලාපොරොත්තුවයි’ ඇය වැඩිදුරටත් පැවසීය.

ශානිකා ශ්‍රියානන්ද විසිනි

ඩේලි එෆ් ටී පුවත්පතේ පළවූ ලිපිය

පරිවර්තනය  සී ජේ අමරතුංග

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.