KP:චෝදනා හෙළිදරව්වේ

 

 

 

 

කේ.පී. සතුව නැව් 7ක්, විදෙස් වත්කම්, රත්‍රන්, විදෙස් ගිණුම් පැවැති බවත් රාජපක්ෂ පාලනය තුළ ඒවාට සිදුවූයේ කුමක්ද යන්න හෙළිකරන ලෙසත් කේ.පී. වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් චෝදනා 193ක් සහිතව ජනතා විමුක්ති පෙරමු‍ණ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණු කර ඇති පෙත්සම අදත් අභියාචනාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ඉදිරියේ විභාගයට ගැණින.

එල්ල වී ඇති චෝදනාවලට අදාළව කේ.පී. සැකකරුවෙකු ලෙස සලකා කිසිදු පරීක්ෂණයක් මේ වනවිට සිදු නොවන බවත් ඉදිරිපත්කර ඇති චෝදනාවලට අදාළව සාක්ෂි කිසිවක් හමුවී නැති බවත් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත.

මෙම පුද්ගලයාට එරෙහිව කිසිඳු සාක්ෂියක් නැත්දැයි විනිසුරුවරයා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේන් විමසා ඇති අතර එහිදී ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් සිදු කර තිබූ පරීක්ෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එම වාර්තාව මීට කලින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර නොතිබූ අතර එය පදනම් කරගනිමින් කේ.පී. සම්බන්ධ වාර්තාවක් මීලඟ නඩු දිනයට සතියකට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරු විජිත් මලල්ගොඩ මහතා නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

පෙබරවාරි 03 නැවත නඩුව කැඳවීමට නියෝග කර තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.