Local polls:පුංචි ඡන්දය ලොකු මෛත්‍රිට අභියෝගයක්

 

sirim

 

එළඹෙන පළාත් පාලන  මැතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේන නායකත්වයේ තබා ගෙන ඡන්දය පරදින්නට සන්ධානයේ සෙසු පාර්ශවකරුවන් සුදානම් නැති බව උදය ගම්මන්පිල කියා සිටී.

 

මෙය කිසිදු ප්‍රබල ජන පදනමක් නැති දේශපඥයෙක් කරන ගෝරනාඩුවක් සේ බැහැර කල නොහැක මන්දයත් සම්ප්‍රදායික  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල සිරිසේන ජනානධිපතිවරයාට ප්‍රබල  පිලිගැනීමක් නැති අතර අළුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ගොඩ නැගීමට  ඔහුට නොහැකිවී ඇත.

මෙහෙයින් සන්ධානයේ විමල් වීරවංශ,දිනේෂ් ගුණවර්ධන. වාසුදේව නානායක්ක්කර,බන්දුල ගුනවර්ධන  ආදීන් ගේ නායකත්වයෙන් පෙළ ගැහෙන පෙරමුණකට ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් පිරිසක් ඇදීයාමට ඉඩ ඇත.

 

Cartoon_Mr

 

 

නායකත්වයට අභියෝග

දැනටමත් ලොහාන් රත්වත්ත, විදුර වික්‍රමනායක වැනි මන්ත්‍රීවරුන්  මෛත්‍රිපාල සිරිසේන ගේ නායකත්වයට අභියෝග කරමින් සිටිති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් නව පෙරමුණට එක්වීම මෛත්‍රිපාල සිරිසේන ගේ නායකත්වයට දරා  ගත හැකි අභියෝගයකි.

එහෙත් මහින්ද රාජපක්ෂ ගේ ආශීර්වාදය ලබන සිරිසේන විරෝධී බලවේගයට අවශ්‍ය වන්නේ සිරිසේන ජනධිපතිවරයා සම්පුර්ණයෙන්ම නිශ්ක්‍රීය කරවීමයි.

ඔවුන්ට අවශ්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සම්පුර්ණයෙන්ම අතට ගැනීමයි.

ඒ සඳහා අය වැය අවස්ථාව උපරිම ලෙසින් ප්‍රයෝජනයට ගැනීමට ඉඩ ඇත.අනෙක් අතට ශ්‍රීලංකා නිදහස් පක්ෂය තුල සිරිසේන විරෝධී රැල්ල ජව ගැන්විය හැකිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් ප්‍රතිසංවිධානයකට ලක් නොකරන තාක් කල්  සිරිසේන ජනධිපතිවරයා කරන්නේ පක්ෂය තුළ හුදෙකලා වීමේ  අනතුර තවත් වැඩිකර ගැනීම පමණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල පක්ෂ සභාපතිකම පමණක් භාවිතා කරමින් පමණක් බලය තහවුරු කරගත හැකි වෙතැයි සිරිසේන මහතා සිතන්නේ නම් මුලාවකි.සිරිසේන මහතාට විධායක ජනාධිපතිකම නැති වන්නේ නැති බව සැබෑවකි.එහෙත් දේශපාලන ගැම්මක් නැතිව විධායක ජනාධිපතිකම කිරීම හුළං ගිය ටයර් වලින් යුතු වාහනයකින් කාර් රේස් එකක් ප්දිනගනීම්ට ගන්නා උත්සහයක් හා සම වෙන්ය් ඇත.

 

[vsw id=”/BB-jd3cRi8M” source=”youtube” width=”425″ height=”344″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.