LOVE AND SEX නිසා මහේල සහ සංගාගේ සමාගම BLACK LIST වෙයි.

MAHELA AND SANGAඑන්රිකේ ඉග්ලේසියස් නමැති විදේශීය ගායකයාගේ LOVE AND SEX නමැති ප්‍රසංගය සංවිධාන කළ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරට අයත් සමාගම අසාදු ලේඛන ගත කිරීමට කොළඹ මහනගර සභාව තීරණය කර තිබේ.

රුපියල් මිලියන 29ක විනෝද බද්ද ගෙවීම පැහැර හැරීම හේතුවෙන් එම තීරණය ගෙන ඇත. අදාළ මුදල ගෙවනතුරු ඔවුන්ගේ සමාගමට ඉදිරියේ දී කිසිදු වැඩසටහනක් කොළඹ මහනගර සභා සීමාව තුළ පැවැත්වීමට අවසර නොලැබෙයි.

අද (30) පැවති මාධ්‍ය හමුවක දී කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා මෙම කරුණු අනාවරණ කළේ ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.