Mahalingam -ජීවිතය සේම අවසන් මොහොතද චාම්ය

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙකු මෙන්ම ප්‍රවීණ ඉංජිනේරුවෙකු වූ එස්.මහාලිංගම් මහතා  සදාදරණීය මතකයන් කීපයක් ඉතරි කරමින් නොවැම්බර් තින්වෙනිදා ජීවිතයෙන් සමු ගත්තේය.

ලොව පුර වෙසෙන ඔහු ගේ සිසු කල ඒ සදාදරණීය මතකයන් මෙනෙහි කරමින් කම්පා වුහ.

සරසවිය නියෝජනය කරමින් බැනරයක් නිව්ස් ඉදිරිපි විය.

අවසන් කටයුතු සඳහා හිටියේ අසල්වැසියන් කීප දෙනෙක්  පමණි.

දෙස් විදෙස් පතළ යශෝරාවය  ටවත් දිගු කලයක් නින්නාද දෙන බට සක නැතත් මේ  මිනිසා මේ ලෙස හුදෙකලා විය යුතුද ය ප්‍රශ්නය සිත තුල දෝංකාර  දේ.

මීට දශක කීපයකට පෙර සුන්දර සහ නිරහංකාර සිනහවකින් මුව සරස්ස් ගෙන අක්බාර් පලම හරහා කඩිසරව ගැන ගත් ඇදුරුතුමන් සපුරුදු චාම්  ගමනිනින්ම අවසන් ගමන් ගියහ.

01

ඔබේ සේවාව අමරණීයයි

05

පේරාදෙණි ශිෂ්‍ය සමුහයෙන්

මේ තරම් දෙනාද ඇදුරුතුමන් ගේ අවසන් මොහොතට එක්වන්නේ?

02

සුව නින්දක් අදුරු තුමනි

04

මහාලිංගම් ඇදුරානන් ජීවතුන් අතර සිටියදී ලියැවුණු සටහනක් -මේ සටහන ලියැවුණේ සරසවී ඇදුරන් වර්ජිතව සිටි සමයේ.

නීඅදුරනන් ගේ මරණයෙන්කම්පිතව ලියැවුනු සටහනක්

මහත්වරුනි! මේ හෑල්ලු වන්නේ ජාතියේ අනාගතයයි!
මේ නිවී යන්නේ ප්‍රඥවේ මහා පහන් සිළුවයි!

මීට දසක හතරකට නැතිනම් පහකට පමණ පෙර යාන්ත්‍රික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට අනුයුක්‌තව සේවය කළ අති දක්‍ෂ තරුණ ඉංජිනේරුවරයකුට ලෝකයේ සුප්‍රකට, එංගලන්තයේ ඇව්රෝ ගුවන් යානා නිෂ්පාදන සමාගමෙන් කැඳවීමක්‌ ලැබිණි. ලංකාවත් එක්‌සත් රාජධානියත් අතර වූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහා සිදුවූ ඉතා ඉහළ මට්‌ටමේ කැඳවීමක්‌ සේ, මේ පිළිබඳව, අපට සටහන් තැබිය හැක.

නිමිත්ත වූයේ ඒ කාලයේදී ‘ඇව්රෝ’ ගුවන්යානා නිෂ්පාදනය කරන සමාගම මුහුණදී තිබූ, දැවැන්ත ගැටලුවකට පිළියම් සෙවීමට අන් මඟක්‌ නොමැති වූ කල, එම සමාගමේ බලධාරීහු ශ්‍රී ලංකාව නමැති රම්‍ය දිවයිනේ ජීවත් වූ ප්‍රඥවන්තයකුගේ පිළිසරණ සොයා යැමයි.

මේ ප්‍රඥවන්තයා අන් කවරකු හෝ නොව දැනට, ජීවතුන් අතර සිටින වයෝවෘද්ධතම ඉංජිනේරු මහාචාර්යවරයා වන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ හිටපු මහාචාර්ය මහාලිංගම් මහතාය. මහනුවර මුල්ගම්පොල ප්‍රදේශයේ ජීවිතයේ සැඳෑ සුවය විවේකීව ගත කරන මහාචාර්ය මහාලිංගම් මහතා එදා එක්‌සත් රාජධානියේ ඇව්රෝ සමාගම වෙත පියාඹා ගියේ ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන ඇව්රෝ ජෙට්‌ යානා ඇන්ජින්වල හටගෙන තිබූ යාන්ත්‍රික දොaෂයකට පිළියම් සෙවීමටය. ලෝකයේ විශිෂ්ටතම යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ තියුණු පරීක්‍ෂාවට ලක්‌වූයේ නමුදු රෝග නිධානය සෙවීමට අපොහොසත් වූ ඇව්රෝ ජෙට්‌ ඇංජිමේ එන දෙදරීම (VIBRATION) සොයා ගැනීමත්, ඊට ස්‌ථිර පිළියමක්‌ යෙදීමත් එදා අපේ යාන්ත්‍රික ඉංජිනේරු මහාචාර්ය මහාලිංගම් වෙත පැවරී තිබුණ අභියෝගයයි. සුද්දන් විසින් අතහරිනු ලැබ තිබූ මෙම දැවැන්ත අභියෝගය දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව භාර ගත් අපේ මහාචාර්යතුමා, අවසානයේදී ඇව්රෝ සමාගම ම, මවිත කරවමින් ඇව්රෝ ජෙට්‌ ඇංජිමේ දෙදරීම නිට්‌ටාවටම සුවපත් කළේය.

avro

 

ඇව්රෝ ජෙට්‌ ඇංජින් නිෂ්පාදනය බෙහෙවින් ම අනතුරුදායක අඩියකට වැටී තිබූ අවස්‌ථාවක, මේ ප්‍රඥා සම්පන්න ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයා පෑ දක්‍ෂතාව පිළිබඳව මහත් සේ පැහැදුණු එක්‌සත් රාජධානිය, අපගේ මහාචාර්යතුමාගෙන් අයෑද සිටියේ, එතුමා කැමැති ඕනෑම වරයක්‌ ඉල්ලා සිටින ලෙසය. මේවා අතර, තම රටේ පුරවැසිකම, ඇව්රෝ සමාගමේ ඉහළම තනතුරක්‌, යාන වාහන ඇතුළු සියලු සැප සම්පත්ද එසේ යෝජනා කෙරිණ. එහෙත් අපගේ මේ ශ්‍රේෂ්ඨ මහාචාර්යතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ, එකම එක දෙයකි. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය ප්‍රජාවගේ ප්‍රයෝජනය පිණිස තමන් හට ඇව්රෝ ජෙට්‌ ඇංජිමක්‌ ලබා දෙන ලෙස. ඉල්ලීම එසැණින්ම ඉටු වූයේ ඉහළම ගෞරවයද සහිතවය. මෙම ලිපිය කියවන ඔබ, ඒ අභිමානනීය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ඉංජිනේරු පීඨයට ගොඩ වැදීමට කිසියම් අවස්‌ථාවක භාග්‍යය ලද හොත්, ඉංජිනේරු පීඨයේ අති දැවැන්ත පෝටිකෝව තුළින්, එහි ආලින්දයට ගොඩ වූ විගසින්ම, ඔබේ නෙතු ගැටෙන්නේ එදා එංගලන්තයේ ඇව්රෝ සමාගමෙන් මහාචාර්ය මහාලිංගම් ට ලැබුණු එකී ජෙට්‌ ඇංජිමයි. එහෙත් මේ යෝධ ජෙට්‌ ඇංජිම පසුබිමේ ඇත්තේ සැබැවින්ම, වර්තමානයේ කිසිවකුට හෝ අදහාගත නොහැකි ආශ්චර්යවත් කතාවකි. ස්‌වාර්ථය ඉදිරියෙන්ද, මාතෘ භූමිය දෙවැනි හා තුන්වැනි ස්‌ථානයේ ද තබමින්, ඕනෑම අශිෂ්ට වැඩක්‌, රුපියල් ශත, ඩොලර්, පවුම්, යුරෝ වෙනුවෙන් ඉටුකිරීමට සැදී පැහැදී සිටින ඊනියා බුද්ධිමතුන් සේම දේශපාලනඥයන් ගෙන්ද කිසිදු අඩුවක්‌ නැති මේ යුගයේ මිනිසුන්ට සැබැවින්ම මේවා සුරංගනා කතා නොවේද? නැතිනම් ඔවුනට අනුව මහාචාර්ය මහාලිංගම් යනු පට්‌ට මෝඩයෙකි.

mahaliingam

මහත්වරුනි, අද මේ සිදුවන්නේ කුමක්‌ද? ස්‌වාර්ථය පසෙක ලා අන් අය වෙනුවෙන් හඬ නඟන මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ, ආචාර්ය, මහාචාර්යවරුන් පට්‌ට මෝඩයන් සේ සලකා ඊනියා බලධාරීන් කටයුතු කරන ආකාරය නොවේද?

රටේ අධ්‍යාපනය උදෙසා අයවැයෙන් 6% ක්‌ ඉල්ලා සිටීම වරදක්‌ද? රටකට මෙලෝ වැඩක්‌ නැති එහෙම පිටින්ම සුදු අලියකු බවට පත්වී තිබෙන පළාත් සභා නඩත්තු කිරීමට රටේ ජාතික ධනයෙන් කොපමණ මුදලක්‌ අප වැය කරනවාද? රටක ආණ්‌ඩු නඩත්තු කරන ලෝකයේ ලොකුම ඇමැති මණ්‌ඩලයේ මැති ඇමැතිවරුන්ට පඩි ගෙවන මේ රටේ පොදු මහජනතාවගේ දරුවන්ට, අනාගතයේ උපදින දරුවන්ට, සිය නැණ නුවණ පහදා දීමට, අනාගත ශ්‍රී ලංකාව ප්‍රඥවන්තයන්ගේ දේශයක්‌ කිරීමට, අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කරගැනීමට, අනාගත අභියෝගයන් හමුවේ අභිමානවත් දේශයක්‌ ගොඩ නැංවීමට අවශ්‍ය බුද්ධිමතුන් වැඩි වැඩියෙන් බිහිකිරීමට, තව තවත් ජාතික විශ්වවිද්‍යාල අලුතින් බිහිකිරීමට, දේශයේ බදු ගෙවන ජනතාව වෙනුවෙන්, ඔවුන් විසින් රජයට ලබාදුන් මුදලින්ම වාර්ෂිකව 6% ක්‌ රටේ අධ්‍යාපනය උදෙසා වැය කරන සේ ඉල්ලා සිටීම ශාපයක්‌ද? නැතිනම් ‘ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ද’?

.

ජයන්ත විජේසිංහ

Professor Mahalingam ends his long and eventful journey.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.