Mahinda:උපන් දින සුබ පැතුමක්

 

 

නොවැම්බර් මස 19 වැනි දාට යෙදෙන මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන් දිනය වෙනුවෙන් මහින්ද හිතවාදියෙක් තබන ලද සටහනකි.

 

ලතින් ඇමෙරිකානු දේශපාලනය ගැන මෙතරම් උනන්දුවක් දක්වන්නේ ඇයි දැ යි පුවත්පත් කලා වෙිදියක් වරක් ග්‍රෙහැම් ගී‍්‍රන් ගෙන් විමසීය. ඔහුගේ ක්‍ෂණික පිළිතුර වූයේ එංගලන්තයේ හෝ ඇමෙරිකාවෙි දේශපාලනය යනු ජය පරාජය පිළිබඳව ප‍්‍රශ්නයක් පමණක් වුනත් ලතින් ඇමෙරිකාවේ දී එය ජීවිතය හා මරණය පිළිබඳව ප‍්‍රශ්නයක් බවට පත් වන බැවින්ය යන්නය. විශේෂයෙන්ම එම රටවල ඇමෙරිකානු සමාගම් වල සුභ සිද්ධිය වෙනුවෙන් නොව සිය ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් පෙනී සිටි ජනතාවාදී නායකයින් නිරන්තරයෙන්ම කුමන්ත‍්‍රණ මඟින් බලයෙන් පහකරණු ලැබීමට හෝ ඝාතනය කරණු ලැබීමට හෝ ලක් වෙයි. 1981 දී සිය ගුවන් යානයේ අටවා තිබුනු බෝම්බයක් පිපිරීමෙන් මිය ගිය පැනමා රාජ්‍යයේ ජනාධිපතිවරයා වූ ඔිමාර් ටොරිජාස් ගේ ජීවන තතු අළලා ලියවුනු සිත් ගන්නා සුළු විස්තරයක් ග්‍රෙහැම් ගී‍්‍රන් ගේ ‘Getting to know the General’ නැමති ග‍්‍රන්ථයේ එයි. පැනමා දේශයේ පොදු ජනතාව ගේ ඉමහත් ගෞරවයට පාත‍්‍ර වී සිටි ඔිමාර් ටොරිජාස් ඇමෙරිකාව මායිම් නොකළ අදින නායකයෙකු වූ අතර ඔහු පැනමා රාජ්‍යයේ ප‍්‍රධාන ආදායම් මාර්ගයක් වූ පැනමා ඇළේ අයිතිය ජනතාව සතු කළේ ය. ඔහුගේ ඝාතනය පිළිබඳව අනුමාන වශයෙන් කෙරෙන එහෙත් නිසැක විස්තරයක් කලක් ආර්ථික ඝාතකයෙකු වශයෙන් සේවය කළ ජෝන් පර්කින්ස්ගේ ‘The confessions of an economic hit man’ නැමැති කෘතියේ සඳහන් වෙි.

 

02 John Perkins - Economic Hitman

 

 

 

මෙවන් වූ අවසනාවන්ත ඉරණමට ලක් වූ එකම රාජ්‍ය නායකයා ඔමාර් ටොරිජාස් පමණක් නොවේ. චිලී රාජ්‍යයේ සැල්වඩෝර් අයන්ඩේ, ඉක්වදෝරයේ ජියේම් රෝල්ඩෝස් මෙන්ම බොලීවියාවේ දී ඝාතනය කරණ ලද චෙිගුවේරා ද මේ සඳහා ගත හැකි ප‍්‍රකට උදාහරණ කිහිපයකි. සී අයි ඒ සංවිධානය හයසිය වතාවකට වැඩි වාර ගණනක් ෆිදෙල් කැස්ත්‍රෝ ඝාතනය කිරීමට උත්සාහ දරා ඇති බවට වන සඳහන අතිශෝකතියක් යැ යි මම නොසිතමි.

 

ඒ ඇමෙරිකාව ලෝකය පුරා සිය බල පරාක‍්‍රමය පවත්වා ගන්නා ලබන නින්දිත ආකාරයයි. ලෝක ජනගහනයෙන් සියයට පහකටත් වඩා අඩු වූ ඇමෙරිකානු ජනතාව අද වන විට ලෝක බල ශක්ති නිෂ්පාදනයෙන් හතරෙන් පංගුවක් පරහෝජනය කරති. ග‍්‍රහැම් ගී‍්‍රන් සඳහන් කරණ අයුරින්ම ලතින් අමෙරිකාවේ දේශපාලනය හුදු දිනුම පැරදුම පිළිබඳව ප‍්‍රශ්නයක් නොවී ජීවිතය හා මරණය අතර ගැටළුවක් බවට පත් වන්නේ ලතින් ඇමෙරිකානු දේශපාලනඥයින් ඇමෙරිකා එක්සත් ජනපදයේ සියයට විසිපහක් පරිභෝජනය කරණ ජනතාව අමතක කර තම රටේ ජනතාවට සේවය කිරීමට සැරසෙන විට යි. මෙම තත්වය ලතින් ඇමෙරිකාවට මෙන් ම අපි‍්‍රකාවට හා ආසියාවට ද පොදු බව මා අමුතුවෙන් සඳහන් කළ යතු නොවෙි. (නමුත් ලිපිය අනවශ්‍ය පමණට දික් ගැස්සීම වැළැක්වීම සඳහා අවශ්‍ය තැන්වල දී ලතින් ඇමෙරිකාව හා සම්බන්ධ උදාහරණ පමණක් අවධානයට ගතිමි)

mahinda_rajapaksa_in_water_-_1

සී.අයි.එ් කුමන්ත‍්‍රණයක් මඟින් රාජ්‍ය බලය අහිමි කරවන ලද ප‍්‍රථම ලතින් ඇමෙරිකානු රාජ්‍ය නායකයා ගුවතමාලාවේ ජැකොබෝ ආර්බෙින්ස් 1953දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණයකින් බලයට පත්වුනු ආර්බෙන්ස් යුනයිටඩ් ෆෘටිස් (United Fruits) සමාගමේ අභිලාශයන්ට විරුද්ධව සිය ජනතාව වෙනුවෙන් පෙනී සිටියේය. සී.අයි.ඒ සංවිධානය දායක වූ හමුදා කුමන්ත‍්‍රණයක් මඟින් 1954 දී ආර්බෙින්ස් බලයෙන් පහ කර එ් වෙනුවට රූකඩ හමුදා නායකයකු පත්කර ගන්නා ලදී.

 

ඉන් අවුරුදු දෙකකට පසු (1956 දී) ආසියාවේ කුඩා රාජ්‍යයක ප‍්‍රථම වරට ජනතා අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටි නායකයකු සුවිශාල ජනවරමක් ලබා බලයට පත් විය. නව යටත් විජිතවාදීන්ගේ අභිලාශයන්ට විරුද්ධව පෙනී සිටි එතුමා ඉන් වසර තුනකට පසුව සාහසිකයකුගේ වෙඩි පහරට ලක් විය. බණ්ඩාරනායක ඝාතන නඩුවෙ දී එළි දරවු වූ පුද්ගලික කාරණා ඔහුව ඝාතනය කරීමට තරම් ප‍්‍රබල සාධකයන් වී යැ යි මම නොසිතමි. මීට සමාන මතයක් ඒ.සී. අලස් මහතා ද ‘The assassination of SWRD BandaranayakeZ නැමැති කෘතියෙන් මතු කරයි.

 

බණ්ඩාරනායක මහතාගෙන් පසුව නව යටත් විජිතාවාදී න්‍යාය පත‍්‍රයට විරුද්ධව කි‍්‍රයා කළ බණ්ඩාරනායක මැතිනියට මහළු වියට එළඹෙන තුරු යළි දේශපාලනයට පිවිසිය නොහැකි වන ලෙස ප‍්‍රජා අයිතීන් අහෝසි කෙරිණි. කෙසේ වෙතත් ඒ අවධියේදීම සිය ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ අයන්ඩේලාට වඩා එතුමිය වාසනාවන්ත විය.

z_p09-The-beginning-02 mahinda

නව යටත් විජිත යුගයේ දී ශ්‍රී ලංකාවට එල්ල වූ ප‍්‍රබලම අභියෝගයට සාර්ථක ව මුහුණ දුන් විශිෂ්ටතම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්‍ෂ මහතා යැ යි මම සිතමි. සීතල යුද්ධය සමයේ දී කොමියුනිස්ට් වාදයට මුවා වී ඊට එරෙහිව ම්ලේච්ඡ මර්දනයක යෙදුනු යටත් විජිතවාදින් පශ්චාත් සීතල යුද්ධය සමයේ දී සිය ම්ලේච්ඡ ලේ තැවරුනු හස්තය මෙහෙයවන්නේ රට රට වල ජාතිකත්වයට හා සභ්‍යත්වයන්ට එරෙහිව ය. ඒ සඳහා ඔවුහු ජාතිවාදී ආරවුල් යොදා ගත්හ. ‘The clash of civilizations and new world order’ කෘතිය රචනා කළ සැමුවෙල් හංටින්ටන් මහතා ද සේවය කළේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුව වෙනුවෙන් බව අප විසින් අමතක නොකළ යුතුය.

 

 

 

 

සිය අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා නව යටත් විජිතවාදීන් මේ යුගයේදී යොදා ගත් ප‍්‍රබලම අවිය වූ ත‍්‍රස්තවාදයෙන් සිය ජනතාව මුදා ගැනීමට මහින්ද රාජපක්‍ෂ මහතා ඉන් පෙර ලොව කිසිම නායකයකු නොකළ අයුරේ මානුශික මෙහෙයුමක් දියත් කළේ ය. වියරු වැටුනු නව යටත් විජිතවාදීහු ත‍්‍රස්තවාදීන් රැක ගැනීමට සිය උපරිම උත්සාහය දැරීය. අද ත‍්‍රස්තවාදීන්ගෙන් බැටකන ප‍්‍රංශ රජයේ හිටපු විදේශ ඇමතිවරයා අවසන් මොහොතේ පවා ත‍්‍රස්තවාදී නායකයන් රැක ගැනීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසීමට ඇඹිලිපිටියටම ගියේය.

 

 

sanga mahinda

 

ත‍්‍රස්තවාදීන් පරාජයයෙන් පසු ඔවුනට අවශ්‍ය පරිදි බෙදුම්වාදී න්‍යාය යළි කරළියට ගෙන ඒම සඳහා නව යටත්වාදීහු සිය අභිලාෂයන් කි‍්‍රයාත්මක කරවා ගත හැකි රූකඩ රාජ්‍යයක් මේ රට තුළ පත් කර ගන්නා තුරු සිය වැඩ පිළිවෙල අත් නොහැරීය. ඉදිරියටත් ඔවුන් ඒ සඳහා පෙනී සිටුනු ඇත. ඒ සඳහා ඇති ප‍්‍රධාන බාධකය ලෙස ඔවුන් දකින මහින්ද රාජපක්‍ෂ මහතාව දේශපාලනයෙන් ඉවත් කිරීමට හැකි සියළු ක‍්‍රියා මාර්ග වලට එළඹෙනු ඇත.

 

අද අප රටේ පාලකයින් විසින් ම අපට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කර ඇති භයානක යෝජනාවලියෙන් ගැලවීමට ඇති එක් මඟක් නම් අපි‍්‍රකාව, ආසියාව හා ලතින් ඇමෙරිකානු ප‍්‍රගතිශීලී ජාතික ආණ්ඩු එක පෙරමුණකට ගොනු කිරීමයි. ‘ The UN’s relentless pursuit of Sri Lanka’ නැමැති මාහැඟි කෘතියේ රචකයා වන දර්ශන් වීරසේකර මහතා මෙය එතරම් ප‍්‍රායෝගික නොවන විසඳුමක් ලෙස දකිතත් එය යථාර්ථයෙන් එතරම් ඈත් වූ විසඳුමක් යැ යි මට නොසිතේ. විශේෂයෙන් ම ලතින් ඇමෙරිකාවේ නව දේශපාලන ප‍්‍රවණතාතාවයන් සැළකිල්ලට ගෙන බලන විට මේ සඳහා බලාපොරොත්තු තබා ගත හැකි බව පෙනේ. ජෝන් පර්කින්ස් ඔහුගේ ‘The secret history of the American Empire’ නැමැති කෘතියේ සඳහන් කරණ අයුරු ‘1998 වර්ෂයේ පටන් දකුණු ඇමෙරිකාවෙි රටවල් හතක, මහාද්වීපයේ මිලියන 370 ක ජනගහණයෙන් මිලියන 300 ක ජනතාවක් විදේශීය කොල්ලකාරිත්වයට එරෙහිව මැතිවරණ සටන ගෙන ගියා වූ ජනාධිපතිවරුන් වෙනුවෙන් ඡන්දය ප‍්‍රකාශ කර තිබුනි. අපගේ ජනමාධ්‍යයන්ගේ හා දේශපාලකයන්ගේ සියළු ප‍්‍රකාශයන් තිබියදීත් එම ඡන්ද ප‍්‍රකාශ වී තිබුනේ කොමියුනිස්ට්වාදය, අරාජිකත්වය හෝ ත‍්‍රස්තවාදය වෙනුවෙන් නොවෙි.

 

z_page-17-Mahinda-01

ස්වයං තීරණ ගැනීම වෙනුවෙනි’ (ප‍්‍රසන්න පෙරේරා ගේ සිංහල පරිවර්තනය ඇසුරෙනි) වර්තමාන පාලනය යටතේ රට දිනෙන් අරාජික භාවයට යන අයුරු දකින මෙරට බුද්ධිමත් ජනතාව ද නුදුරු අනාගතයේම දිනක දකුණ ඇමෙරිකානු ජනතාව ගත් මඟ ම ගනු ඇත. ඒ දිනය උදාවන තුරු මහින්ද රාජපක්‍ෂ මහතා රැක ගැනීම මෙරට දේශපේ‍්‍රමී බුද්ධිමත් ජනතාවගේ වගකීමයි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන් දිනය සමරන මේ මොහොතේදී එතුමා ආරක්‍ෂා කර ගැනීම අපි අපගේ වගකීම ලෙස සළකමු. අපි එතුමාට සෙත් පතමු. එතුමා රැක ගැනීමට එතුමා වටා ජන පවුරක් ගොඩනංවමු. ඒ අප වෙනුවෙන් ම නොවෙි. ආසියාව, අපි‍්‍රකාව හා ලතින් ඇමෙරිකාව ද නියෝජනය කරණ සැබෑ ජාත්‍යන්තර ප‍්‍රජාව කුරිරු නව යටත් විජිතවාදයෙන් රැුක ගැනීමටයි. මෙවන් වූ ජන ප‍්‍රවාහයක් මෙහෙයවිය හැකි අද ට ලොව සිටින අත්දැකීම් බහුල පරිණතම නායකයා මහින්ද රාජපක්‍ෂ මහතාය. එතුමා වර්තමාන ලෝකය තුළ නව යටත් විජිතවාදයට එරෙහිව ලොව කුඩාම රාජ්‍යකට වුවද නැඟී සිටිය හැකි බව ලොවට පෙන්වා දුන් මෑත කාලයේ ලොව සිටි ශ්‍රේෂ්ටතම දේශපාලනඥයා වන බැවිනි.

 

අපේ ආයුසත් අරගෙන් අප වෙනුවෙන් දිගු කලක් ජීවත් වන්නට එතුමාට දිගාසිරි පතමු.

 

-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි

Reflections on mahinda’s birthday

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.