Mahinda:නාගදීප නම වෙනස්‌ කරනවාට විරුද්ධයි

 

 

mr

 

නාගදීප නම වෙනස්‌ කළොත්
සොළොස්‌මස්‌ථානය වඳින ගාථාවත් වෙනස්‌ වේවි

– හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

උතුරු පළාත් සභාවට අවශ්‍ය පරිදි නාගදීපය යන නම නයනතිව් කියා වෙනස්‌ කළහොත් සොළොස්‌මස්‌ථානය වඳින ගාථාවද ඒ අනුව වෙනස්‌ කිරීමට සිදුවනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. “මහියංගනන් නාගදීපං කළ්‍යාණං  පදලාංඡනං” කියන ගාථා පදයේ නාගදීප යන වචනයද වෙනස්‌ කිරීමට සිදුවනු බව පැවසූ හිටපු ජනාධිපතිවරයා මේ අයුරින් අප රටේ ඓතිහාසික පූජනීය ස්‌ථානයක නම වෙනස්‌ කිරීමට ඉඩ නොදිය යුතු යෑයිද පැවැසීය.

උතුරු පළාත් සභාව සම්මත කරගෙන තිබෙන මේ හාස්‍යජනක යෝජනාවලට රජය අවසර නොදිය යුතු බවත් දේශපාලන අවශ්‍යතාවන් වෙනුවෙන් ඓතිහාසික ස්‌ථානවල නම් වෙනස්‌ කිරීම රටට හිතකර නොවන බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම ගාථාව තුළින්ම එහි ඉපැරැණි වටිනාකම හෙළිදරව් වන බැව් පැවැසූ හිටපු ජනාධිපතිවරයා එබඳු පෞරාණික වටිනාකම් වෙනස්‌ කිරීමට යෝජනා කිරීමම ලක්‌ ඉතිහාසය වෙනස්‌කර නැති ඉතිහාසයක්‌ මවා පෙන්වීමේ වෑයමක්‌ බවද ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ව්‍යාපාරික ස්‌ථානයක්‌ විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් එසේ කීය.

Former president Rajapaksha oposes Nagadeepa name change

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.