Marapana:ටිකට් කැපේ ?

 

 

තිලක් මාරපන මහතාට නීතිය සාමය හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අගමැතිවරයා නොනිල මට්ටමින් ඉල්ලීමක් කර ඇතැයි ආණඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානයක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව ඇවන්ගාඩ් ආයතනය වෙනුවෙන් තිලක් මාරපන ඇමතිවරයා පෙනී සිටි අතර ඇමතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පසුගියදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී බරපතල විරෝධයක් මතුවීමත් සමග ආණ්ඩුව මේ වනවිට දැඩි අර්බුදයකට මුහුණ පා තිබේ.

ඊයේ (07) පැවැති ජනතා විමුක්ති පෙරමුණු මාධ්‍ය සාකච්ඡාවකදී බිමල් රත්නායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ ඉදිරි අයවැයට පෙර තිලක් මාරපන ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන බවය.

තිලක් මාරපන මහතාට ඉල්ලා අස්වැන්නයි අගමැතිවරයා ඉල්ලීමක් කර ඇත්තේ, එලෙස විශ්වාසභංග යෝජනාවක් ගෙන එනු ලැබුවහොත් ආණ්ඩුවේ බහුතරයක් ඊට ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට ඡන්දය භාවිතා කිරීමේ සූදානමක් ඇති බව අනාවරණය වීමත් සමගය.

සාධාරණ සමාජයක් බිහි කර ගැනීම වෙනුවෙන් නොනැවතී සටනක නියැළුණු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීමත් සමග තිලක් මාරපන මහතාට එරෙහි විරෝධය තවදුරටත් උත්සන්න වී ඇත.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.