Marapana:ඇමති තනතුර දෙකට බෙදේ

 

 

 

තිලක්‌ මාරපන මහතා දැරූ නීතිය හා සාමය බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍ය ධුරයනට අයත් විෂයයන් සාගල රත්නායක හා ඩී.එම්. ස්‌වාමීනාදන් යන ඇමැතිවරුන්ට ලබාදීමට රජය පියවර ගෙන ඇතැයි ආරංචි මාර්ග පවසයි.

නීතිය හා සාමය විෂය දක්‌ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතාටත් බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ විෂය ඩී.එම්. ස්‌වාමිනාදන් මහතාටත් ලබාදීමට සැලසුම් කර තිබෙන බව එම ආරංචි මාර්ග පැවැසීය. තිලක්‌ මාරපන මහතා සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වීමෙන් පසු පුරප්පාඩු වී තිබෙන මෙම ඇමැති ධුරයට අයත් විෂයයන් සාගල රත්නායක හා ඩී.එම්. ස්‌වාමිනාදන් යන මහත්වරුන්ට ලබාදිය යුතු බවට නිර්දේශ වී තිබෙන අතර ඒ පිළිබඳව අවසන් තීරණය ජනාධිපතිවරයා විසින් ගැනීමට නියමිතය.

Mrapana’s portfolio divided in to two ?-Sagala and Swaminathan

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.