Mass grave:මාතලේත් විරෝධතා

මාතලේ  මහරෝහල් භූමියෙන් හමුවූ සමූහ මිනී වළ පිළිබඳ වාර්තාව කඩිනම් කරන ලෙස රජයට බල කිරීමේ විරෝධතා ව්‍යාපාරයක් මාතලේ ඔරලෝසු කණුව ඉදිරිපිට පවත්වා තිබේ.

10 අගහරුවාදා පැවැති මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසිනි.

මිනිස් අස්ථි කොටස් විශාල ප්‍රමාණයක් මෙම සමූහ මිනී වළෙන් පසුගිය දා සොයා ගත් අතර ඒ පිළිබද පරීක්ෂණ කඩිනම් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලන බවයි  විරෝධතාවයට එක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් සංවිධායක එච්.එස්. ගුණරත්න සඳහන් කර ඇත්තේ.

2012 නොවැම්බරයේ දී මාතලේ රෝහල් භුමියේ ඉදිකිරීම් සඳහා කැනීම් කරද්දී හමු වූ 150 කට වැඩි මිනිස් ඇට කටු කුරිරු වධ හිංසාවන්ට ලක් ව මරණයට පත්වූවන් පිරිසකට අයත් විය හැකි බවට දේශීය විශේෂඥයන් විසින් නිගමනය කොට තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ආයතනයකින් කරන ලද විශ්ලේෂණයක නිගමනය ලෙසින් පොලිසිය පසුගිය වසරේ නොවැම්බර් මස මැද දී අධිකරණයට දැනුම් දී ඇත්තේ මාතලේ සමුහ මිනී වලෙන් ගොඩගත් අස්ථි කොටස් හැට වසරකට වඩා පැරණි ඒවා බව යි.

නමුත් මාතලේ අස්ථි ශේෂ 1950 ට පෙර යුගයක බව සඳහන් කරමින් ෆ්ලොරීඩාවේ මයාමි හි බීටා ඇනලටික් නම් ආයතනය විසින් නිකුත් කළ බවට පොලිසිය සපයන වාර්තාව ‘කිසිසේත් පිළිගත නොහැකි’ බව අදාළ කැනීම් මෙහෙයවූ ලාංකික වෝහාරික විද්‍යාඥ දොස්තර අජිත් ජයසේන පවසා තිබුණි.

මාතලේ දී ගොඩගත් ඇටසැකිලි 1986 ත් 1990ත් අතර කාලයකට අයත් බවයි ඔහු පවසා ඇත්තේ.

 

 

කැනීම් සිදුකළ පුරාවිද්‍ය මහාචාර්ය රාජ් සෝමදේවද එය අනුමත කරයි.

ඒ සමයේ රාජ්‍ය විරෝධී සන්නද්ධ කැරැල්ලක් දියත් කළ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මර්දනය කිරීමට මාතලේ දිස්ත්‍රික්කයේ යුද හමුදාව මෙහෙයැවූයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයි.

 

Protest in Mathale  to expedite mass grave investigations .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.