මව කුඩුවේ-දියණිය විදේශයේ

 

women

 

ඉදිකරමින් පවතින වැසිකිළියක් අසල නානකාමරයක අනාරක්ෂිත ලෙස දමා සිටි මවක් සොයාගැනීමට මිටියාගොඩ පොලීසිය සමත් වී ඇත.

මෙම මව වැසිකිළියක් අසල නානකාමරයක දමා තිබෙන්නේ ඇයගේ මිණිබිරිය විසිනුයි.

මිටියාගොඩ කළුවරබැද්ද ප්‍රදේශයේ මුදියන්සේ වත්ත නම් ප්‍රදේශයේ නිවසක සිටි මෙම මවගේ වයස අවුරුදු 78ක්. ඇයට දරුවන් තිදෙනෙකු සිටින අතර ඉන් එක් දියණියක් විදේශගතව සිටින බවද වාර්තාවේ.

එහි දොර වෙනුවට තිබී ඇත්තේ යකඩ කම්බි කිහිපයක් එකතු කර සාදන ලද දොරකුයි.

මේ පිළිබඳව පොලිසියට ලැබුණු තොරතුරක් අනුව ගොස් බලන විට කාන්තාව සොයාගෙන තිබූ අතර ඇයව අනාරක්ෂිත ලෙස නානකාමරයේ දමාතිබූ මිණිබිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

wwomenb

එමෙන්ම මහළු කාන්තාවගේ තවත් දියණියක්ව දුරකථන ඇමතුමක් දී එම ස්ථානයට ගෙන්වාගත් පොලිස් නිලධාරීන් ඇයවද අත්අඩංගුවට ගෙන ඇත්තේ මව නිසියාකාරව රැකබලා නොගැනීම නිසාවෙනුයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.