Media:වෛද්‍ය නිලංග ගෙන් තවත් මාධ්‍ය කස්තිරමක්

වෛද්‍ය නිලංග තානාපති කාර්යාල 05 කින් ආරක්‍ෂාව ඉල්ලයි

චමින්ද සිල්වා
150720121302_nilanga_samarasinghe_512x288_drnilangasamarasinghe (2)
තනතුරෙන් ඉවත් කර සිsටින අන්තරායකර ඖෂධ පාලක ජාතික සභාවේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ජීවිත ආරක්‍ෂාව ඉල්ලා මෙරට තානාපති කාර්යාල පහක්‌ වෙත ලිපි යොමු කර ඇත.

ලිපි යොමු කළ තානාපති කාර්යාල අතර බ්‍රිතාන්‍යය, නෝර්වේ, කැනඩාව, ඔස්‌ටේ්‍රලියාව සහ ඇමරිකා එක්‌සත් ජනපදය වේ.

තමා තනතුරෙන් ඉවත් කිරීමත් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හා ඊට සම්බන්ධ දේශපාලනඥයන්ගේ ගොදුරක්‌ බවට පත්වීමට ඇති ඉඩකඩ සැලකිල්ලට ගෙන මෙම ඉල්ලීම කළ බව ඒ මහතා “දිවයින” කළ විමසීමකදී ඊයේ (22 වැනිදා) පැවසීය.

අන්තරායකර ඖෂධ පාලක ජාතික සභාවේ සභාපතිවරයා ලෙස තමා රාජකාරි කළ මාස 10 ක පමණ කාලය තුළ සැලකිය යුතු සේවයක්‌ කළද මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කිරීමට ජාත්‍යන්තරය සමඟ සැලසුම් කර තිබූ යාන්ත්‍රණය ක්‍රියාවට නැංවීමට නොහැකිවීම ගැන කනගාටු වන බවද ඒ මහතා පැවසීය.

පසුගිය මහ මැතිවරණයේදී මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වී තිබෙන අයට නාම යෝජනා ලබා නොදෙන ලෙස ඒ මහතා විසින් පක්‍ෂ ලේකම්වරුන් දැනුවත් කළ අතර ඒ සඳහා යහපත් ප්‍රතිචාරද ලැබී තිබිණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.