Navey:කප්පම් කල්ලිය වට කෙරේ

 

Sri Lankan asylum seekers hold placards on board a wooden boat during a protest demanding the United Nations High Commission for Refugees (UNHCR) to take care of a group of refugees, at Merak seaport on October 28, 2009 in Banten Province, Indonesia. The 253 Sri Lankan asylum seekers, which includes 31 children, were intercepted by an Indonesian navy vessel mid-October when their wooden boat broke down after 13 days at sea from Malaysia. They are refusing to leave their boat and are calling for international and now UNHCR intervention.(Photo by Ulet Ifansasti/Getty Images)

 

 

ත්‍රිකුණාමලය නාවික හමුදා මූලස්‌ථානයේ රහසිගත මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන යමින්, කප්පම් ගැනීම සඳහා සිසුන් හා වෙනත් පුද්ගලයින් පැහැර ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින නාවික හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.
පසුගිය පාලන සමයේදී කප්පම් ගැනීම සඳහා සිසුන් හා වෙනත් පුද්ගලයින් පැහැරගෙන යාමට යොදාගත් බවට සැක කෙරෙන වැගන් රථයක් ත‍්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ අනුව ඊයේ (23දා) කට උත්තරයක් ලබා ගැනීම සඳහා නාවික හමුදා බුද්ධි නිලධාරීන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමටද කටයුතු කර තිබේ.

මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද ත්‍රිකුණාමල නාවික හමුදා සංකීර්ණයේ පවත්වාගෙන යනු ලැබූ වධකාගාරය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා නාවික නිලධාරීන් දෙදෙනකු සහ නාවිකයකු මේවනවිටත් අත් අඩංගුවට ගෙන තිබෙන බව වාර්තාවේ.

රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගැනීමට දෙමළ හා මුස්ලිම් තරුණයන් 28 දෙනකු පැහැරගෙන ගොස්‌ ඔවුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ උසස්‌ නිලධාරීන් තිදෙනකු චෝදනා එල්ලවී තිබේ.

නාවික හමුදාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක්‌ සිදු කළ විමර්ශනවලදී නාවික නිලධාරින් 74 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.