New:ජනාධිපති ගෙන් යාළු පාලනයක්

maitri cartoonජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකු පත්කර තිබේ.මේ තිදෙනාම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.ජනධිපතිවරයා මේ ආකාරයට පත්වීම් කිරීම ගැටළු වලට මුල් විය හැකි අතරම මෙය ඉහළ පෙළේ පත්වීම් තමන්ගේ හිතවතුන්ට ලබාදීමේ වැඩ පිළිවෙලේ තවත් පියවරකි.

 

ජනාධිපතිවරණ සමයේදී මේ මන්ත්‍රීවරුන් තිදෙනාම උපක්‍රමිකව සිරිසේන ජනාධිපතිවරයාට සහයෝගය දැක්වුහ.

නව ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන් ගේ කාර්ය භාරය පැහැදිලි නැත.ජනධිපතිවරයා එක් අතකින් විධායක බලය කප්පාදු කරන බව කියන අතර අනෙක් අතට අත්තනෝමතික ලෙස දේශපාලන පත්වීම් කරමින් සිටී.

මේ ආකාර පත්වීම් කරන්නේ නම් ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමෙන් වැඩක් නැතිවෙනු ඇත.

 

මේ ආකාරයට මුළු දිවයින පුරාම  සංවර්ධන වැඩ පිළිවෙල හරහා තමන්ගේ දේශපාලන ආධිපත්‍ය පතුරුවාලීමසඳහා ගත් පියවරක් සේ මේ පත්වීම් අර්ථ කථනය කල හැකිය.
ඒ අනුව මධ්‍යම පළාත සඳහා එරික් ප්‍රසන්න වීරවර්ධන, වයඹ පළාත සඳහා ශාන්ත බණ්ඩාර  සහ ඌව පළාත සඳහා ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් පත් කළ බව ජනාධිති මාධ්‍ය අංශය සඳහන් කළේය

new political appointments

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.