No to deportation-කුමාර් යවනු එපා

kkumarපෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා ලෙස සැලකෙන කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උද්ඝෝෂණයක් අද (5) කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්විණි.

උද්ඝෝෂණයට එක්ව සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව, ආගමන නීතිරීති උල්ලංඝනය කරමින් කුමාර් ගුණරත්නම් මෙරට දේශපාලන කටයුතුවල නිරතවන බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කළේය.

“මේක ආගමන විගමන ප්‍රශ්නයක් නොවෙයි. විකල්ප දේශපාලන මත වළක්වාලීම සඳහායි රජය මෙම ක්‍රියා මාර්ගය තෝරා ගෙන තිබෙන්නේ. මේක කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන අයිතීන් උදුරාගැනීමට දරන උත්සාහයක්.” ඔහු චෝදනා කළේය.

ලංකා නව සමසමාජ පක්ෂයේ දේශපාලන සභික ධර්මසිරි ලංකාපේලි අදහස් දක්වමින් පැවසුවේ මේ පිටුපස දේශපාලන අරමුණකට එහා ගිය අරමුණක් තිබිය හැකි බවට සැක කරන බවයි.

“ජිවිත තර්ජන නිසා විදේශ ගතව සිටින ලාංකිකයින්ට දිවයිනට පැමිණෙන මෙන් රජය ඉල්ලා සිටිනවා. එසේ තිබියදී ශ්‍රී ලංකාවේ උපන් කුමාර් ගුණරත්නම් පිටුවහල් කිරීමට උත්සාහ කරනවා”

 

 

[vsw id=”/c8udiNQ9baA” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

Granting Sri Lankan citizenship to Kumar Gunaratnam was not a question of law, but a political consideration, Frontline Social Party (FSP) Politburo member Pubudu Jagoda said today. “Granting of citizenship is therefore not a matter for legal institutions such as courts of law, but rather for the executive arms such as the Cabinet and the subject minister,” he said.- A demonstration was held in fron of the Fort railway station.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.